අපිට අපේ රට ශ්‍රී ලංකාව එපා කරවූයේ රාජපක්ෂලාය. වංචාව, දූෂණය, මැරබලය, ඝාතන, පළිගැනීම්, ස්ත්‍රී දූෂණ ඇතුළු
සකල විද මානව විරෝධී ක්‍රියා වලට නිජබිම බවට ශ්‍රී ලංකාව පත්කළේ රාජපක්ෂලාය. ඒවාට රාජ්‍ය වටිනාකමක් මෙන්ම නිල තත්ත්වයක් ලබාදීමට රාජපක්ෂලා ක්‍රියා කළේය.
උන් සහ උන්ගේ නියෝජිතයා වන රනිල් ඇතුළු සියලු දේශපාලන ඉහඳ පනුවන්ගෙන් රට බේරා ගැනීමේ අරමුණින් රටේ ජනතාව අනුර කුමාර දිසානායක ජනාධිපති කළේය. හැකි සෑම අයුරකින්ම අපි ඒ සඳහා සහයෝගය දුන්නෙමු.
රාජපක්ෂ පාලන සමයේ සිදු කළ මානව හිමිකම් කඩ කිරීම් වලට අනුර කුමාර සාධාරණය ඉටු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වූහ. අඩුම වශයෙන් ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට ඔහු ක්‍රියා කරනු ඇතැයි ජනතාව විශ්වාස කළහ.
කවර රජයක් බලයට පත්වුවද, ලෝකයේ කවර තැනක වුවද පාතාල ක්‍රියාකාරීන්ගේ ගනුදෙනු අවසන් වන්නේ ඝාතනයෙන්ය.
පාතාලය මර්ධනය කළ යුත්තේ ඝාතනයෙන් නොව නීතියෙනි. නීතිය ඇත්තේ ජීවිත අහිමි කිරීමට නොව ජීවිත ආරක්ෂා කිරීමටය.
ජීවිතවල වටිනාකම අගය නොදත් රාජපක්ෂලා සම්පූර්ණයෙන්ම ඉවත් කලේ අනුර කුමාර දිසානායක එම වරද නොකරනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි.
විධායක බලය එපායැයි කියූ ජනතා විමුක්ති පෙරමුණ, එය අනිසි ලෙස භාවිතයට කිසිසේත් පියවර ගනු ඇතැයි රටේ ජනතාව සිතුවේ නැත.
ගෙවී ගිය පැය කීපය තුළ සිදුවූ ඝාතන කිහිපයකට පොලිසියේ තිබූ සබඳතා ද මේ වන විටත් හෙළිවී තිබේ. පොලිසිය යනු ශ්‍රී ලංකාවේ ඇති අන්ත දූෂිතම ආයතන වලින් ඉහළම ස්ථානයේ ඇති එකකි.
එවන් පරිසරයක් තුළ ඝාතනයට අනුබල දීමට නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට හෝ පාලකයින්ට, නෛතික හෝ සදාචාරාත්මක අයිතියක්ද නැත.
ඝාතනය කිසිසේත් අනුමත කළ නොහැක. එහෙත් ඝාතකයාටද ජීවත්වීමට අයිතියක් ඇත. එමෙන්ම නීතියේ සහාය පැතීමටද අයිතියක් ඇත.
ජනතා විමුක්ති පෙරමුණ ලේ සුවඳ හොඳින් හඳුනන බව අපි දනිමු. එහෙත් "අපි ඉස්සර වගේ නොවේ" යනුවෙන් ඔවුන් කියූ දේ රැවටීමක් හා නොමග යැවීමක් බව මෙම සිද්ධියෙන් පෙනී යයි.
ඝාතන සිද්ධියෙන් පසු අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා පහර කෑමට ලක්ව, දෑත් බැඳ තිබියදී ආයුධ පෙන්නන්නට රැගෙන ගියේ පරණ සුපුරුදු ක්‍රමයට ක්‍රියාත්මක කිරීමට බව තේරුම් ගැනීමට ඕනෑම ළදරුවෙකුට හැකියාව තිබේ.
මෙයින් අනුර කුමාර දිසානායක ලා වැරදි කීපයක් කරයි.
මෙහි බරපතලම වරද වන්නේ මෙමගින් අතීතයේ රාජපක්ෂලා කළ කී දෑ සාධාරණීකරණය කිරීමයි.
එමෙන්ම, පහළම තැනකින් පැමිණි බව කියන පොලිස්පතිවරයාගේ, සිට අනුර කුමාර දිසානායක දක්වා ජවිපෙ කල්ලිය රටේ ජනතාව බලාපොරොත්තු වූ පරිදි මානව හිමිකම් රැකීමට සූදානම් නැති බව මෙම සිද්ධිය පසක් කරයි.
පුද්ගල ඝාතනයෙන් අවසන් කරනවා යන්නෙන් පෙනීයන්නේ පාතාලය මර්ධනය කිරීම සඳහා ඔවුන්ට සැලසුම් සහගත විකල්ප වැඩපිළිවෙළක් නැති බවයි.
ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු නව ආණ්ඩුවට ප්‍රතිපත්ති සහගත වැඩපිළිවෙළක් නැතැයි යනුවෙන් ඇතැමුන් කළ චෝදනා සාධාරණ බව මේ මගින් පෙනී යයි.
"අපි බලය ගත්තේ ආපහු දෙන්න නෙමෙයි" යනුවෙන් වත්මන් ආණ්ඩුවේ ඇතැම් බලධාරීන් කරන ප්‍රකාශ සමග එකට තබා සංසන්දනය කරන විට රටේ අනාගතය ගැන මහා බියක් ජනිත කරවයි.
අපි කුමක් කරමුද ?
@පූර්නිමා හෙරත්
Poornima Herath page ·