SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආණ්ඩුව කෝප් එකේ වැඩ පටන් ගන්නේ තමන්ට ඉතා හොඳ ප්‍රචාරක වාසියක් ඇති තැනකින්.

ඒක තමයි තරුණ සේවා සභාව. රනිල් ජනාධිපති, හරීන් ඇමති හැටියට සිටියදී ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩ සඳහා සභාවේ මිලියන ගණනක් වියදම් කරපු කේස් එක අදින්නේ. ඒක ඉතා හොඳයි සහ විය යුත්තක්.

 

 

මේ ගැන කෙටියෙන් හොඳටම දැන ගන්න බලාගෙන මම ඉස්සෙල්ලාම ජාතික රූපවාහිනියේ ඊයේ රෑ 8.00 ප්‍රධාන ප්‍රවෘත්ති බැලුවා. ඊට පස්සෙ තමයි ITN වගේම අනෙක් පුද්ගලික නාලිකාවල ප්‍රධාන ප්‍රවෘත්ති බැලුවේ.

 

 

ප්‍රතිඵලය මේකයි. රූපවාහිනියේ ඒ ගැන මෙලෝ මගුලක් නැහැ. අනෙක් සියලුම නාලිකා කෝප් එකේ නිව්ස් එක ගින්දර වගේ ගහලා තිබුණා. ආණ්ඩුවට වාසියක් ගැනීමට නොවෙතත් ජනතාවගේ දැන ගැනීම පිණිස වුව විකාශය කළ යුතු පුවතක් රූපවාහිනිය මග හැරලා.

 

 

ජනාධිපති, ජනමාධ්‍ය ඇමති, තවත් මැති ඇමති වගේ පතවල හා වට්ටෝරු නිව්ස් ටිකක් අමුවෙන් ගියා. අළුත්කඩේ ඝාතකයා ගැන සමාජ මාධ්‍යයේ පළවූ AI රූප පිළිබඳ විග්‍රහයක් නිව්ස් එකට ඇතුලත් කර තිබුණා. අවශ්‍යම නම් ඒක තත්පර 30 ක් දිය යුතු වැඩක්. එහෙත් විනාඩි 30 ක වගේ ප්‍රවෘත්ති විකාශයේ විනාඩි 8.30 ක කාලයක් ඒ සඳහා කා දමා දවසේ වැදගත් ප්‍රවෘත්ති රැසක්ම අත හැරලා.

 

 

ඒ අතරේ දවල් ප්‍රවෘත්ති ප්‍රකාශයත් පොඩ්ඩක් බැලුවා. එක් ඇමතිවරයෙකුගේ කතාවක් එක දිගට විනාඩි 8යි. ජනාධිපති, අගමැති සහ ඒ ඇමති එකතුව විනාඩි 17 යි. මට හිතෙන්නේ මිනිස්සුන්ට ජාතික රූපවාහිනිය විතරක් නොවෙයි ආණ්ඩුවත් එපා කරවන වැඩක් මේ වෙන්නේ.

 

 

අළුත් ආණ්ඩුව ආවට පස්සේ රාජ්‍ය මාධ්‍ය පණ ගහලා ජනතා ආකර්ෂණය දිනන හැටි බලන්න අපි බලන් හිටියේ. ඒත් අද එදාටත් වඩා පහළින් ඉතා ග්‍රාම්‍ය ලෙසයි වැඩේ යන්නේ.

 

මේක දකින රූපවාහිනියේ මගේ මිතුරන් තරහ වෙයි. ඒත් රූපවාහිනියට හැමදාමත් ආදරෙන් මේක කියන්නේ පුංචි අපි කියන පුංචි දේකින් හරි පුංචි වෙනසක් වෙයි කියන බලාපොරොත්තුවෙන්.

 

 

@ මහින්ද රුබසිංහ

නවතම ලිපි