මෑතකදී මාධ්‍යයට කරන ලද මතභේදාත්මක ප්‍රකාශවලින් පසුව, පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති
කොට්ටහච්චි ට මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙසට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
"මට කණගාටුයි, මාධ්‍යයට කතා නොකරන ලෙස පක්ෂයෙන් මට උපදෙස් දී ඇති නිසා මට මාධ්‍යයට කිසිදු අදහසක් පළ කළ නොහැකියි"
ඇය පසුගිය ඉරිදා (16) කෙසෙල්වත්ත, ගිම්පත ප්‍රදේශයේ පැවති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අතරතුර වාර්තාකරුවන් ඇයගෙන් ප්‍රශ්නයක් ඇසූ විට පවසා ඇත.
වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමේදී ප්‍රමුඛතම කාර්යභාරයක් සිදුකරන ලද්දේ ජාතික ජන බලවේගය හා එක්වුනු කාන්තාවන්ගෙන් සැදුම්ලත් “ගැහැණු අපි - එක මිටට” ව්‍යාපාරයයි.
ප්‍රමාණාත්මක අගයෙන් බැලූවිටද ඔවුන්ගේ ප්‍රතිශතය වැඩි වූ අතර මේ වනවිට රටේ දෙවන රාජ්‍ය නායකත්වය ඇත්තේ ද කාන්තාවකට වීම තුළ වත්මන් ආණ්ඩුව ස්ත්‍රීන් සඳහා වැඩි අවස්ථාවක් ලබාදී ඇතැයි යමෙකුට පැවසිය හැකිය.
එහෙත් රටේ අගමැතිනිය සම්බන්ධයෙන් පවා මේ වනවිට විවිධ පුවත් වාර්තා සහ ගොසිප් වාර්තා හරහා දැක්වෙන්නේ ඇයටද නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට පක්ෂයෙන් යම් බාධාවන් ඇති බවය.
නිලන්ති කොට්ටහච්චි විසින් මැතිවරණ ප්‍රචාරක වේදිකාවේදී පැවසූ උගන්ඩාවේ රාජපක්ෂවරුන් සතු මුදල් වැනි යම් යම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් ඇයව ඉලක්ක කරගනිමින් පසුගිය කාලය තුළ සමාජ මාධ්‍ය කැළඹීමක් ඇතිවිය.
එහෙත් මෙවැනි ප්‍රකාශ පැවසුවේ ඇය පමණක් නොවන අතර ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය අතීතයේදී මෙන්ම පිරිමින්ට උරුම පක්ෂයක් බව යළි යළිත් අවදාරණය කරමින් තිබේ.
මේවා තුළින් නැවත වතාවක් ‘ගැහැණු එක මිටට’ හැරුනහොත් ජාජබ ආණ්ඩුවට යමක් මගහැරෙනු නියතය.
@සමාරා