SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දියාවේ සාරානාත් හි පිහිටි ටිබෙට් උසස් අධ්‍යාපන විශ්ව විද්‍යාලයෙහි දී

(Central Tibetan University of higher studies) අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ ආචාර්ය උපාධියකින් පිදුම් ලැබ තිබේ.

 

 

මෙය ටිබෙට් විශ්ව විද්‍යාලයකින් ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේ නමක් උදෙසා ආචාර්ය උපාධියක් පුදන ලද ප්‍රථම අවස්ථාව ලෙස වාර්තා වේ.

 

 WhatsApp Image 2025 02 17 at 15.01.192

 

බුද්ධ ශාසනය උදෙසා මහඟු මෙහෙවරක් කරන අටමස්ථානාධිපති හිමියන්ට ශ්‍රී ලංකාවේ පමණක් නොව, විදෙස් රටවලින් පවා ලැබෙන ගෞරවය භක්තිය මින් ප්‍රකට වේ.

 

 

මෙම අවස්ථාව අති උත්සවාකාරයෙන් එම විශ්ව විද්‍යාලයේදී පැවැත්වුණු අතර ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වී ඇත්තේ  ඉන්දියාවේ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ශිකාවත් මහතා ය.

 

 WhatsApp Image 2025 02 17 at 15.01.20

 

එමෙන්ම එම විශ්ව විද්‍යාලයේ උපකුලපති පූජ්‍ය ගේෂේ වන්ග්චුක් නේගි හිමියන් ද ඊට  සහභාගී ව ඇත.

 

 

මහා සංඝ රත්නය ද, තවත් ගිහි පුද්ගලයන් රාශියක් ද සහභාගී වූ මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බෞද්ධ සහෝදරත්ව පදනමෙහි නිර්මාතෘ ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා ද සහභාගී වී තිබේ.

 

 WhatsApp Image 2025 02 17 at 15.01.191

 

ඊට අමතරව ලංකාරාමාධිපති පූජ්‍ය රලපනාවේ ධම්මජෝති නායක හිමි, අනුරාධපුර ජයන්ති විහාරාමාධිපති පූජ්‍ය නුගේතැන්නේ ධම්මාලෝක හිමි, රුවන්වැලිසෑයෙහි පූජ්‍ය උඩුගම්මන අනෝමදස්සී හිමි, පෞද්ගලික ලේකම් පූජ්‍ය කහටගොල්ලෑවේ මේධංකර හිමි, නුගේතැන්නේ පඥ්ඥානන්ද හිමි ඇතුළු මහා සංඝ රත්නය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි වැඩම කර ඇති බව සඳහන්ය.

 

@බෞද්ධ සහෝදරත්ව පදනම

නවතම ලිපි