SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2025 වර්ෂය සඳහා වන රාජ්‍ය අයවැය ලේඛනය හෙට (17දා)

උදේ 10.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

 

මෙය ජාතික ජනබලවේගය ආණ්ඩුවේ මංගල අයවැය ලේඛනයයි.

මෙය ඇතැම් අය හඳුන්වා දීමට සුදානම් වන්නේ අයිඑම්එෆ් අයවැයක් ලෙසයි.

 

කෙසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ ණය වාරිකය ශ්‍රී ලංකාවට ලැබීම තීරණය වන්නේ මේ අයවැය අනුවය.

 

මේ නිසා එම අරමුදල සමග රජය එකඟ වූ නිර්ණායක සහ පරාමිතීන්ට අනුගත වන ලෙස මෙම  අයවැය සම්පාදනය කෙරෙනු ඇත.

 

 

ඒ අර්ථයෙන් මේ අයවැය අයිඑම්එෆ් අයවැයක් ලෙස හැඳින්වීම නිවැරදි වුවත් ඉදිරි ඡන්දයකට අවශ්‍ය ආකාරයේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සම්බන්ධයෙන් අයිඑම්එෆ් එකඟතාවන්ට විරුද්ධව යමින් ඉතිහාසයේ  සිදුවූ වැඩිම වැටුප් වැඩිකිරීමක් සිදු කෙරෙනු ඇති බව ද ආරංචිමාර්ග වාර්තා කරයි.

 

 

කෙසේ වෙතත් අයවැයේ අන්තර්ගතය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය එකඟ වූ නිර්ණායකයන් සහ පරාමිතීන්ට අනුගත වන ලෙස සැකසිය යුතු වන නිසා එම වැයවන මුදල වෙනත් තැනකින් රජයට උපයාගැනීමට කටයුතු යොදා තිබෙනු ඇත. කෙටියෙන්ම පවසන්නේ නම් මේ රජය යටතේද සාමාන්‍ය ජනයාගේ කරපිටින් ඡන්ද උවමනාවන් හි බරද පැටවෙනු ඇත.

 

බජට් 2

 

හෙට දින ඉදිරිපත් වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ඉදිරිපත් කරන පළමු අයවැය වේ. ඒ අනුව මේ අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් අදියර සඳහා වන පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් පෙබරවාරි 13 වැනිදා පස්වරුවේ පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

 

මූලික වශයෙන් අයවැයක් යනු රටේ අනාගත ගමන්මගේ දිශානතිය පෙන්වන ප්‍රධානතම ලේඛනය වේ. 2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඉල්ලා එහි අරමුදල් වැඩසටහනකට ඇතුළත්ව සිටී. ඒ නිසා එවක් පටන් වසර හතරක කාලයක් එම වැඩසටහනට අනුගතව කටයුතු කිරීමට කවර රජයකට වුව ද සිදුවේ. එසේ නැත්නම් එම වැඩසටහනෙන් ඉවත් විය යුතුය.

 

එහෙත් මේ රජයත් එම අයිඑම්එෆ් එකඟතා ප්‍රකාරව කටයුතු කිරීමට තීරණය කර ඇති නිසා එම අයිඑම්එෆ් ගමන් මාර්ගයේ තවත් ඉදිරියට ගමන් කිරීමට වත්මන් රජයට ද සිදුවේ. එනම් තවත් වසර දෙකක පමණ කාලයක් අයිඑම්එෆ් එකඟතා ප්‍රකාරව කටයුතු කිරීමට මේ රජයට සිදුවනු ඇත. එහෙත් අයිඑම්එෆ් වැඩසටහනේ පරාමිතීන් අනුව කටයුතු කරමින් රජයට අවශ්‍ය වෙනත් යෝජනා ද අයවැයට ඇතුළත් කර, අයවැය සැකසීමට රජයට හැකියාවක් තිබේ.

 

ඒ අනුව අයිඑම්එෆ් රාමුව ඇතුළත, මේ රජය පසුගිය මැතිවරණවලදී ජනතාවට ලබාදුන් පොරොන්දු සහ ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රකාරව ද අයවැය සැකසීමට බාධාවක් නැත. එහෙත් ප්‍රධාන කරුණ නම් ඒ සියලු දේ කිරීමට හැකි වන්නේ අයිඑම්එෆ් වැඩසටහනේ රාමුවට අනුගතව වීම තුළය.

 

 

නවතම ලිපි