SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

USAID කෝටි 240 ආණ්ඩු පෙරළීමට විරෝධය දැක්වූයේ දේශප්‍රේමීන්ය.

එය කිසිදු පක්ෂයක ක්‍රියාවක් නොවේ. දශක ගණනාවක් තිස්සේ බෞද්ධ සිංහල රාජ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා වෙහෙසෙන ප්‍රතිපත්තිගරුක අහිංසක මිනිසුන්ම එහි විය.

 

 

එබැවින් එහි මාගේ සම්බන්ධය ගැන කියා මාගේ කර ගැනීමට මා අකමැතිය. එය පොදු ව්‍යායාමයකි. එයට සහභාගී වූද සහාය දැක්වූද සියලු දෙනා කෙරෙහි මා තුළ ඇත්තේ හදපිරි ගෞරවයකි. ඔවුන්ගේ පළමු ව්‍යායාමය සාර්ථකය. මෙය ආරම්භය පමණී. තව විශාල විරෝධතාවයන් ඉදිරියේදී දැක ගත හැකි වනු ඇත.

 

 

ජූලී චන්ග් ඊයේ පොහොට්ටු කාර්යාලයට පැමිණ පාපොච්චාරණයක් කර තිබේ. තමා ඇමරිකානු රජයේ සේවකයෙක් පමණක් බවත්, පසුගිය කාලයේ කළ කී දෑ කළේ එවක ඇමරිකානු ආණ්ඩුවේ උපදෙස් අනුව මිස පුද්ගලිකව හිතාමතා නොවන බවත්, දැන් වැඩ කරන්නේ අලුත් ආණ්ඩුවේ උපදෙස් අනුව බවත්, දැන් ඇය වෙනස් වී ඇති බවත්, ඉදිරියේදී ඇයගේ සම්පූර්ණ සහාය පොහොට්ටුවට දෙන බවත් මුහුණ ඇස් රතු කරගෙන තමා හට පැවසූ බව නාමල් රාජපක්ෂ කීවේය. වෙනත් වචනයෙන් කිවහොත් “වැරදි කළේ හිතාමතා නෙවෙයි, ආයෙත් එහෙම කරන්නේ නැහැ” වැනි චාපල්‍ය ගැහැණියකගේ කථාවකි.

 

 

නාමල් රාජපක්ෂට ජූලී බැරිනම් ජූලීගේ මව හෝ මුණගැසිය හැකිය. එය ඔහුගේ නිදහස සහ අයිතියයි. ඒ පිළිබඳව මාගේ උපදෙස ඊයේ විමසූ විට මා කීවේ මුණ නොගැසීම වඩාත් සුදුසු බවත්, එහෙත් මුණගැසීමට අවශ්‍යම නම් කොන්ද කෙලින් තබා ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට අතපෙවීමට විරුද්ධව සෘජුව කතා කරන ලෙසත්ය. නාමල් බබෙකු නොවේ. ඔහු පක්ෂයක ජාතික සංවිධායකය. තීරණය ගත යුත්තේ ඔහුය. එම තීරණයේ හොඳ සහ නරක විපාක විඳිය යුත්තේ ඔහුය. අප කරන්නේ හොඳ නරක පෙන්වීම පමණී. රටේම ඡන්ද ලක්ෂ තුනට වැටී හොම්බෙන් යන පක්ෂයක් නැවත නැගිට්ටවන්නේ කෙසේද යන්න නාමල් හමුවේ ඇති අභියෝගයයි. ඔහුගේ තෝරා ගැනීම් අනුව එහි අනාගතය තීරණය වනු ඇත.

 

ජූලීගේ පොච්චාරණයෙන් ඇය කියන්නේ ඊනියා අරගලය සහ ඒ ආශ්‍රිත ව්‍යාපෘතිය පසුගිය ඇමරිකානු ආණ්ඩුවේ වැඩක් කියා නොවේද? ඒ වෙනුවෙන් USAID සහ තවත් ඩොලර් වියදම් කළ බව නොවේද? ඇය කර ඇත්තේ වරද පිළිගැනීමකි. මා හිතන්නේ එයට නම් බලපෑවේ පෙර දින සිද්ධ කළ දැඩි විරෝධය බවයි. ඇය කළේ ඇමරිකානු මුදලට විකිණුනු නූගත් මෝඩ ම්ලේච්ඡ අරගලකාරයන් අමුඅමුවේ පාවා දී තමන්ගේ ඇඟ බේරාගැනීමයි. ඇය වෙනුවෙන් හෑලි ලියමින් අපට කුණුහරුපයෙන් බැන වැදුණු මෝඩ අරගලකාරයන්ගේ කණට ගැසීමයි. තමන්ගේ අතින් කවා හැදූ සුනඛයන්ට පයින් ගැසීමයි.

 

නමුත් ජූලී පොහොට්ටුව ඉදිරියේ නැවී සමාව ඉල්වා වැඩක් නැත. පොහොට්ටුව දැන් ලංකාවේ බෞද්ධ සිංහල කඳවුරේ නියෝජිතයා නොවේ.

 

 

මහින්දට හෝ ගෝඨාභයට හෝ තිබුණු එම පිළිගැනීම තවම නාමල්ට නොමැත. එබැවින් ජූලී ගොස් ඇත්තේ වැරදි දේවාලයටය. ජූලී සමාව ගන්නවා නම් ගත යුත්තේ පළමුව මෙරට සමස්ත බෞද්ධ සිංහල ප්‍රජාවගෙනි. දෙවනුව ගෝඨාභයගෙනි. තෙවනුව මහින්දගෙනි. නමුත් ඇයට ඒ තරම් කොන්දක් නැති බව අපි දනිමු.

 

 

විරෝධය සංවිධානය කළේ පොහොට්ටුව නොවේ. ඊළඟට එන විරෝධතා රැල්ල සංවිධානය කරන්නෙත් පොහොට්ටුවෙන් නොවේ.

ධර්මය ඔබට මග වේවා!

 

@එරන්ද ගිනිගේ

 

නවතම ලිපි