SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කැබිනට් අනුමැතිය හිමිවී ඇති ගෝලීය සාගර ගිවිසුමට අත්සන් තැබීම සම්බන්ධ සියලු කටයුතු

ලබන ජුනි මාසය වන විට සිදුකර අවසන් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනේ යැයි Greenpeace South Asia සංවිධානයේ ශ්‍රී ලංකා ක්‍රියාකාරිනි අනීතා පෙරේරා පවසන්නීය.

 

 

ගෝලීය සාගර ගිවිසුම ක්‍රියාත්මක කිරීමට දකුණු අසියානු කලාපයේ රටවල් පෙරමුණ ගන්නා අතර ශ්‍රී ලංකාව ද ඒ සඳහා වන පළමු පියවර සාර්ථකව තබා ඇත.

 

 

ගෝලීය සාගර ගිවිසුමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවීම ශ්‍රී ලංකාව ඒ සම්බන්ධව තැබූ පළමු සාර්ථක පියවරයි. එලෙස කැබිනට් අනුමැතිය හිමිවීමේ කාරණය සමරන අතරතුර ඒ වෙනුවෙන් කටයුතු කරන දකුණු ආසියානු කලාපයේ නායකයන්ට ප්‍රශංසාත්මක පණිවිඩයක් ලබාදීමට ගිවිසුම සඳහා කලාපීය නායකයන් උනන්දු කරවන Greenpeace South Asia සංවිධානය කටයුතු කරයි. ඒ, South Asia – Lead on Ocean Treaty යනුවෙන් සටහන් බැනරයක් කොළඹ තරු පන්තියේ හෝටල් ගොඩනැඟිල්ලක ප්‍රදර්ශනය කරමිනි.

 

 

අපේ කලාපයේ, දේශීය අධිකරණ බලප්‍රදේශයට ඔබ්බෙන්, වන ප්‍රදේශයේ ජෛව විවිධත්වය සුරැකීමට ශ්‍රී ලංකාව ද ඇතුළත් වෙමින් ඉකුත් දෙසැම්බර් මස මෙම ගිවිසුම 2% අනුමත කර අත්සන් තබන බවට ශ්‍රී ලංකාව ප්‍රතිඥා දෙනු ලැබීම තිරසර අනාගතය වෙනුවෙන් ගන්නා ලද පියවරක් බව අනීතා පෙරේරා මහත්මිය සදහන් කළාය.

 

අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම් වන, අධික ලෙස මසුන් ඇල්ලීම, සාගර දූෂණය ආදිය මෙන්ම අම්ලකරණය සහ මුහුදු ජලය වාර්තාගත අන්දමින් ඉහළ යෑම වැනි කරුණු අදවන විට සාගරවල පැවැත්මට බරපතළ තර්ජනයක් වී තිබේ. එලෙස තර්ජනයට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙසින් කොරල්පර විරංජනය, මුහුදු ජීවීන්ගේ ව්‍යාප්තියේ වෙනස්කම්, අයිස් පර දියවීම, මුහුදු මට්ටම ඉහළ යෑම පමණක් නොව, ආන්තික කාලගුණ සිදුවීම් ද මෙම තත්ත්වයට විසඳුමක් ලෙසින් ක්‍රියාවට නැංවීමට නියමිත ගෝලීය සාගර ගිවිසුම මගින් සිදුකෙරෙන්නේ. තවද, ජෛව විවිධත්ව පද්ධතියෙහි ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නංවමින්, මහ මුහුදෙහි ප්‍රධාන ජෛව විවිධත්ව පද්ධති පිහිටි ප්‍රදේශ ඇතුළත් වන පරිදි සංරක්ෂණ කලාප නම් කිරීමයි. ඒ අනුව, 2030 වසර වන විට මහ මුහුදෙන් 30% ක ප්‍රතිශතයක් ආරක්ෂා කරගැනීම අපේක්ෂාවයි.

 

@අරුණ බොගහවත්ත

divaina

නවතම ලිපි