SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ රට තුළ

කිසිදු ලැව්ගිනි තත්ත්වයක් වාර්තා වී නොමැති බවත්, එවැනි සිදුවීම් පිළිබඳ ප්‍රකාශ අසත්‍ය බවත්ය.

 

 

වන සංරක්ෂක ජෙනරාල් එන්. එදිරිසිංහ අවධාරණය කළේ සියලුම වනන්තර ගිනි ගැනීම් මිනිසා විසින් නිර්මාණය කරන ලද ඒවා බවත්, වනාන්තර ප්‍රදේශ අසල ගිනි තැබීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත්ය.

 

වියළි කාලයේදී වනාන්තර ප්‍රදේශවලට යාබදව ඇති තණබිම් සහ වනාන්තරවල ගිනි ඇවිළීමේ ප්‍රවණතාවක් පවතින බව ඔහු සඳහන් කළේය.

 

 

2024 දී මෙම ලැව්ගිනි හේතුවෙන් ලංකාවේ වනන්තර ආශ්‍රිතව හෙක්ටයාර 437.9 ක් විනාශ විය.

 

 

මෙම සිදුවීම් කළමනාකරණය කිරීම සහ පාලනය කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. මෙම වසරේ වියළි කාලගුණික තත්ත්වයන් හේතුවෙන් කුඩා ගිනිගැනීම් සංඛ්‍යාවක් සිදුවී ඇතත්, ඒවා සාර්ථකව පාලනය කර ඇතැයි වන සංරක්ෂන දෙපාර්තමේන්තුව කියයි.

 

මෙම ලැව්ගිනිවලින් බහුලවම පීඩාවට පත් දිස්ත්‍රික්ක අතර බදුල්ල, මහනුවර, නුවරඑළිය, මාතලේ, රත්නපුර, මොනරාගල සහ කෑගල්ල ඇතුළත් වේ.

 

 

මේ වසරේ මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ ගිනි ගැනීම් හතරක්, මාතලේ දිස්ත්‍රික්කයේ එකක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ එකක්, රත්නපුර දිස්ත්‍රික්කයේ දෙකක් සහ බදුල්ල දිස්ත්‍රික්කයේ එකක් වාර්තා වී ඇත.

 

 

මෑතකදී, මහනුවර දිස්ත්‍රික්කයේ ගලහ ප්‍රදේශයේ පිහිටි පයින් වනාන්තර වගාවක සඳුදා රාත්‍රියේ ගින්නක් ඇති වූ අතර, එයින් අක්කර 20 ක් පමණ විනාශ විය. කෙසේ වුවද  ඊයේ උදෑසන වන විට එය පාලනය කර තිබුණි.

 

 

නවතම ලිපි