SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මම ජීවත් වෙන්නෙ දෙණියාය සහ මොරවක කියන ගම් දෙක මැද වරල්ල කියන ගමේ. 

මේ ගම් සිංහරාජය, දියදාව රක්ෂිතය, මොරවක් කන්ද, හඟරන් කන්ද, ගැටඹරු කන්ද, මේ වගේ විශාල කැලෑ වලින් පිරිච්ච සහ වට වෙච්ච ප්‍රදේශයක්.

 

 

අපේ ගම්වල ගොඩක් මිනිස්සු, එක්කෝ ලිං ජලය නැත්නම් කැලේ පොඩි දොල පාරක් හරස් කරල පොඩි ටැංකියක් ගහල ජල නල හරහා වතුර අරන් තමයි ජලය පාවිච්චි කරන්නෙ. මම කාලයක් තිස්සේ  අත්දැකපු දෙයක් තමයි දින කීපයක්, ඒ කියන්නෙ සති දෙකක් වැස්ස නැති උණ ගමන් අපේ ගම් සියල්ල විශාල ජල අර්බූධයකට යනව. දේශගුණික විපර්‍යාසය අපිට හොඳටම දැනිලා තියෙන්නෙ.

 

 

අපි ඉස්සර දැකපු සමහරක් දොල පාරවල් සදහටම හිදිලා ගිහින්. මගේ ලොකු මතකයක් තියෙන්නේ ගණේගොඩ පංසලේ පිටිපස්සෙන් ගඟට ගියාම නයාමුල්ල හරියෙන් ඇවිත් නිල්වලා ගඟට වැටුන දොල පාර. දැන් ඒක නෑ. මගේ මිත්‍ර ජනාට මේ ගැන යමක් කියන්න පුළුවන් මොකද උගේ ගේ ලඟින් ඒ දොළ ගලාගෙන ආවේ. දැන් එතන තියෙන්නෙ පාලමක් විතරයි.

 

 

මේ වගේ උදාහරණ ඕන තරම් අපිට තියෙනව.

 

දවස් 10ක් විතර ඇති අපිට පායල, අද මම දැක්කේ නිල්වලා ගඟේ වැලි පතුළ. මේ කියන්නෙ එක දිගට අවුරුදු ගානක් වැහැල පායපු අවස්ථාවක් මිසක මාසයක් වැහැල දවස් 10ක් පායපු අවස්ථාවක් නෙවෙයි.

 

මේක දිගට ලියන්න ගොඩක් දේවල් තියෙනව. තම තමන්ට ඒක හිතාගන්න පුළුවන් නිසා ලියල වැඩක් නෑ.

 

 

තව ටික දවසකින් අපේ ගමේ වතුර බෙදාගන්න බැරිව වලි යනව. ජල කරාම වහනව. සමහර කරාම බලෙන් අයිති කරගන්නව. සරලව කිව්වොත් ජලය බෙදාගන්න යුද්ධ කරනව. ජවිපේ ප්‍රමුඛ ආන්ඩුවක් තියෙන නිසා, මේ පාර මේ ජල වලිය ලොකු විශේෂයක් ගනීවී. මගේ ප්‍රාර්ථනාව ඊට කලින් වහින්න කියල. ගමේ අය ඒක ඇයි කියල දන්නව.  ලියන්න අවශ්‍ය නෑ.

 

 

මේක අපේ ගමට විතරක් වෙන දෙයක් නොවෙයි. ඉදිරියට ලෝකේ ගංඟා බෙදාගන්න යුධ තත්වයන් ඇතිවෙන්න නියමිතයි. අපි දූපතක් නිසා අපේ වලි යන්නෙ ගම් ගම් අතර. ඒ උනාට ගොඩබිමෙන් වෙන් වෙච්ච රටක් උනානම් අපි වලි දාගන්නෙ වෙන රටවල් එක්ක.

 

මට මතකයි මෛත්‍රීපාල ජනාධිපති වඩු මඩු තහනම් කලා. මිනිහා ඇතුළු උපදේශකයන් මෙච්චර පොඩිද කියල එදා තමයි මට තේරුනේ.

 

ලෝක දේශගුණ විපර්‍යාස හමුවේ අපි පොඩි මිනිස්සු. ඒ උනාට ඒ වෙනුවෙන් සටනක් ගෙනියෑම අනිවාර්යයෙන්ම කළයුතු දෙයක්.

 

 

ලාභ, මුදල්, පදින කාර් එක, කන බොන රෙස්ටුරන් එක, අඳින ඇදුම, පලඳින අත් ඔරලෝසුව සිරා වෙලා ඒවාට වටිනාකම් දෙන සමාජයකය අපි පරිසරය රකින්න ඕන කිව්වම,

-උඹලා ආපහු ගල් යුගයටද යන්නද කියන්නේ කියල අපෙන් අහනව-

 

ආපහු ගමට ගියොත් - (විශේෂයෙන් කියන්න ඕන, මොරවක ජල ප්‍රශ්ණය ගැන මම කතාකරන්න ගියාම ඒ ජල ප්‍රශ්නයට මුහුණ දෙන අය කිව්වේ, මල්ලී NPP එක ඕකට විසදුමක් දීල තියෙන්නේ, මල්ලී ඔයාල, චන්ද කඩන්න එපා කියල.

 

(මගේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම වහින්න කියන එක)

 

තමන්ගේ ජීවිතේ අත්දැකීම් ලියාගෙන යන්න කියල ඉල්ලව.

ප.සු. ලිවීම

විසදුමක් නැති විෂදුම කියන්නේ මේ දූපතෙන් පිට අපිට හිතන්න යමක්.

 

@Lasantha Nagoda fb page