SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක් අවස්ථාවකදී ඉතා ප්‍රසිද්ධියට පත් චීන කවියෙකුට

බුදුරජාණන් වහන්සේගේ ඥානය පිළිබඳව අධ්‍යයනය කිරීමට අවශ්‍යතාවයක් විය.

 

 

sadhguru wisdom article the right guru zen story 0 750x430 

 

ඉතා දුර බැහැර ගෙවා ඒ පිළිබඳව විමසීම සඳහා නමගිය ගුරුවරයකු හමුවූ ඔහු, එම ගුරුවරයාගෙන් මෙසේ විමසීය.

 

බුදුරජාණන් වහන්සේගේ දේශනාවල ඇති ඉතා වැදගත්ම උපදෙස කුමක්ද ..?

 

ගුරුවරයා පිළිතුරු දුන්නේ …
“කිසිවකුට හිංසා නොකරන්න. හැම විටම හොඳ දේ පමණක් කරන්න” යනුවෙනි .

 

“ඒක නම් මහ මෝඩ කතාවක් විතරයි”
යනුවෙන් කවියා පිළිතුරු දුන්නේය .

 

 

ඔබ ඉතාමත් උතුම් ගුරුවරයකු ලෙස සැම දෙසම ප්‍රචලිතයි .මෙතරම් දුරක් ,සැතපුම් ගණනාවක් ගෙවා දමමින් මා ඔබ දකින්නට පැමිණියේ මෙවැනි පිළිතුරක් ඇසීමට නොවෙයි .ඔබට පැවසීමට ඇත්තේ එපමණම ද ?.වයසින් මුහුකුරා නොගිය අවුරුදු තුනක පමණ දරුවෙකුට වුවත් ඔය ටික කිව හැකි නොවේ ද ..? පිලිතුරක් ලෙස . යනුවෙන් කවියා දොසක් ලෙස කියා සිටියේය.

 

 

ගුරුවරයා මෙසේ පිළිතුරු දෙන ලදී…

 

අවුරුදු තුනක දරුවෙකු වුවත් ඔය ටික නම් කියන්නට හැකියි.නමුත් එය ක්‍රියාවේ යෙදවීම ඉතා දුෂ්කර කාර්යයක් .මා වැනි ඉතා වයස්ගත පුද්ගලයකුට වුවත් එය ක්‍රියාවට නැඟීම ඉතා අපහසු කාර්යයක් .මේ හැර පිළිතුරු දීමට යමක් නොදනිමි.

 

ලෙස ගුරුවරයා කියා සිටියේය…..

 

@සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

නවතම ලිපි