ලසන්ත ඝාතනයට වග කිව යුතු අය ද අපේ රටේ
සියළුම ඝාතන වලට වගකිව යුතු අය ද යහතින් ජිවත් වෙති. ආණ්ඩු කලෝය. ආණ්ඩු කරති.
ටිල්වින් සිල්වා ගේ ප්‍රසිද්ධ ජායාරූපයක් ඇත. ඒ ඔවුන් එකතුව මිනිසකු හිංසනයට ලක් කරන අයුරුය. එම පුද්ගලයා ජිවත් වන බවට සහතිකයක් නැත. ගෝටා ට අපරාධ නඩු 28 ක් තිබුණි. අපරාධ නඩුවලට සිරගත කල - හිරෙන් පැන ගිය උන් ආණ්ඩුවේ ඇමතිලාය. තග දමමින් නොනැවතී ඔවුන් ජනතාවට නක්කලේ දමති.
හොරු ඇල්ලීමට පැය 48 කින් කරන්නට ආ ආණ්ඩුව සියවසේ විශාලතම කන්ටේනර් රේගු වංචාවට වගකිව යුතුය.පාස්කු ප්‍රහාරය පල්ලියෙන්ද අමතකව ගොස් විහිලු සපයන මැල්කම් ගෙන් වැසි ගොස් ඇත. බිලියන ගණන් වංචා කල රාජපක්ෂලා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වනවා වෙනුවට නිවසක වර්ග අඩි ගණන ගැන, හොල්මන් ගැන, පටිගත කල ඇමතුම් ගැන දොඩවමින් අඳබාල නායකයා බඩ පිනුම් ගසයි.
මාස හතරක් ගත විය. අවසානයේදී නුදුරේදී ලසන්තගේ මිනීමැරුමට ඉටුවෙන්නට යන විහිළුව එලියට පැමිණ ඇත. සෝදන්නෝ සෝදා දමමින් යති. සෝදන්නා යමෙක් වේද ඔවුන් ලසන්තව නැවත මරති. කරුමයක මහත මේ සෝදන්නෝ සියල්ලම අපරාධ කරුවන් ලෙස රටින් පිටව ගොස් තමන්ගේ අපරාධ වසා ගන්නෝ වෙති.
ලසන්ත තරමට නැතත් මරණයෙන් අනු නවයෙන් ගැලවුණු පොද්දල සහෝදරයා වැනි එකෙක් තවමත් සටනක ඉන්නා බව පෙන්වයි. එයද විශ්වාශ කල හැකි සටනක් බව නොදැනේ. ඒ පසුගිය ටිකේම ඔය වැනි අයගේ මාධ්‍ය බාවිතාව සෝදා දැමීම හැර වෙනත් යමක් නොවූ බැවිනි. උදේ සිට සවස දක්වා අනුරගේ ආණ්ඩුව යුක්තිය ඉෂ්ට කරන බවට පාරම්බාන බොහෝ මාධ්‍ය අඳබාලයන් ට වෘකයාගේ කතාව සිහිවේ. අවසානයේ වෘකයා සැබවින්ම පැමිණ තිබෙන බැවින් නුඹලා බේරා ගැනීමට නම් කව්රුවත් නැති බව විශ්වාශ කරමි.
අපරාධ කරුවන් අපරාධ කරුවන්ට සහ කම්පනයෙන් යුක්තය. එවන් සහ කම්පනයේ පක්ෂයක් ,ආණ්ඩු බලය නැතිව උතුර දකුණ සීමාවක් නැතිව ජාතික අපරාධ කල පක්ෂයක්, එහි වත්මන් න්‍යායාචාර්ය ට්ලිවින් වැනි කෙනෙකු තාමත් පක්ෂය මෙහෙයවන විට අපරාධ කරපු කිසිවෙක් නීතියට අසු නොකරන බවට අප නිතර නිතර කියා ඇත.එහෙත් අඳබාල මාධ්‍ය කලාව ජනමතය විකෘති කර ඔවුනට බලය දී ඇත. ඒ මදිවාට ඔවුන්ගේ නොහැකියාවන්.අපරාධ මෙන්ම අපරාධ කරුවන් ට උපක්‍රමශිලිව නිදහස් කිරීම්, යුක්තිය වල දැමීම තවමත් කරමින් සිටිති. නම් කිරීමට හැකිය. කෝ නුඹළා ගේ මාධ්‍ය සගයා වෙනුවෙන් හඬ?
අපේ රටේ නියත ශාපය දැන් දැන් අවසන් වෙමින් තිබේ. ඒ මේ ආණ්ඩුව බලයට පැමිණීමෙනි. එහෙත් අපේ රටේ සිදු වූ සියලුම ශාපයන්ට, කොන්වීම් සහ මන්ද පෝෂණයේ සිට අවස්ථා අහිමි වීම් දක්වා වගකිව යුතු සියළුම අපරාධ සහයකන් සමග ක්‍රියාකාරී වූ, ක්‍රියාත්මක වූ අවසන් කණ්ඩයාම බලයට පැමිණ තිබේ. දැන් එළැඹ ඇත්තේ ඒ වසර 60 ක විකෘතිය ජනතාවට අවසාන වශයෙන් ශාපයක් ලෙස විඳිමින් විඳවමින් ශාප ලැබීමය. ජනතාව ඒ කර්මය විඳින්නේ රැවටීම නිසාය. රැවටීමද රැවට්ටීමද ශාපයකි.
එය ගෙවා අවසන් කිරීමෙන් පසු රට යහපත් වීමට නියමිතය. ඒ ශාපය සෝදන අය ට ලැබෙන ශාපය හිතාගන්නට වත් බැරි බව ලියා තබමි.
කුවේණියගේ ශාපයට වඩා බලවත් පසුගිය වසර 60 තුල මරා දැමු, මිනිසුන්ගේ සහ ආදරණිය යන්ගේ ශාපය වචනයකින් හෝ සහය දැක්වූ සැමට ලබෙණු ඇත. නිදහස් උළෙලේ සංස්කෘතික අංගයේ ආරම්භය වෙස්සන්තර කවිය. ඒවා කියන්නේ මල ගෙවලය. අප මරා දැමු සැවොම වෙනුවෙන් ශාප නොකරමු. එහෙත් ඒ ශාපය ජනතාවට යුක්තිය ඉටුකරන බව පවසා ජඩ ලෙස ජනතාව රවටන යුක්තිය උඩු යටිකුරු කරන බොරු ජනතාවාදීන් ට නම් ලැබෙනු ඇත.
කතිරයේ ශාපය මේ මාස හතරේම ඇවිලෙයි. ඒ බොරු කියා බලයට ආ අයට චන්දය දුන් හා බලය දුන් බලය ගත් අය ජන අප්‍රසාදයට පත්වීම සිදුවෙන විටය.