SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මිතුරන් හතර දෙනෙක් භාවනා කිරීම සඳහා ඉගෙන ගනිමින් සිටියහ.

ඒ නිසාම ඔවුන්ගේ සිත් පිරිසිදු කර ගැනීමට අවශ්‍යව තිබූ බැවින්, ඒ සඳහා එය අරමුණු කරමින් දින හතක් යනතුරු කතා නොකර ඉන්නට එකිනෙකා අතර තීරණය කරගත්හ.

 

 Zen 09

 

පළමුවන දිනයේ දී එක් වචනයක් වත් කථා නො කරමින් එම දවස ගත කළහ.

 

එහෙත් රාත්‍රිය උදාවත්ම භාවනා කිරීමට යොදාගත් ශාලාවේ පහන්වල ආලෝකය අඩුවී ගියේය. ඒ නිසා එක් යහළුවෙක්

“මේ පහන් ටික ගැන බලන්න” යනුවෙන් සේවකයෙකු අමතා හෙමින් කෙඳිරුවේය.

 

මිතුරන් හතර දෙනාගෙන් එක් මිත්‍රයකු සිය අනෙක් මිත්‍රයා කතා කරනු දැක ඉතා කම්පාවට පත්වී

"ඔයා කතා නොකර ඉන්නයි තිබුණේ ” ලෙස පැවසීය.

 

තුන්වැන්නා ඉතාමත් කෝපයට පත් වී

"නුඹලා මෝඩයෝ.. ඇයි නුඹලා කතා කළේ” යනුවෙන් පැවසීය.

 

කතා නොකර සිටි අනෙක් පුද්ගලයා උජාරුවෙන් මෙන්,

“මම තමයි කතා නොකරපු එකම එක්කෙනා ” ලෙස ආඩම්බරයෙන් සිනහසෙමින් කීවේය.

 

@සහෝදරත්වයෙන් එක්වෙමු!

Buddhist Brotherhood

නවතම ලිපි