ඔබ මේ දකින්නේ සහස්‍ර 2ක් පුරා වෙනස් නොවී
එකතැන පිහිටි ගම්මානයකි.
මේ ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතේ අඩි 4200ක උසකින් පිහිටි කැලෑ කඳුකරයක් මත ලෝකයේ ඉතිරිව ඇති පුරාණ හා හුදෙකලා ගම්මාන වලින් එකකි. වේ රෙබෝ ලෙස හැඳින්වෙන මෙම ගම්මානය වසර 2,000 කට ආසන්න කාලයක් තිස්සේ මංගාරේ වැසියන් විසින් අත්පත් කරගෙන ජීවත් වෙමින් සිටී.
සාම්ප්‍රදායික කේතුකාකාර නිවාස අටක් එහි ඇති අතර අදටත් ඇති එ නිවාස ගොඩ නගා ඇත්තේ 1920 දීය.
එක නිවසක පවුල් එකක් හෝ වැඩි ගණනක් වාසය කරයි.
ටාරෝ, කෝපි, එළවළු සහ දඩයම් මස් වැනි ආහාර මත යැපෙන ඔවුන්ගේ ජීවන රටාව සහස්‍ර දෙකකින් වෙනස් වී ඇත්තේ සුළු වශයෙන් බව පුරාවිද්‍යාඥයන් සදහන් කරයි.
මෙම වේ රෙබෝ ගම්මානය නැරඹීමට අවසර ඇති නමුත් කඳුකරයට ගොස් ගම්මානය සොයා ගැනීම අතිශයින් දුෂ්කර වන අතර පයින් දින දෙකකට වඩා කාලයක් ගම්මානය සොයා ඇවිද යා යුතුය.