SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවස සම්බන්ධ සංවාදයත් සමග

රාජපක්ෂවරුන්ට යළි දේශපාලන සංවාදය තුළ වැඩි ඉඩකඩක් මෙන්ම ජනප්‍රියතාවයක්ද ඇතිවී තිබෙනු දැකිය හැකිය.

 

 

විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ යුද්ධය සම්බන්ධ ක්‍රියාකාරකම් පවා යළිත් සාකච්ඡාවට ලක්වන්නට පටන් ගනු ලැබූයේ ඔහුට හිමි ආරක්ෂක සංයුතිය අඩුකොට ඉවත් කිරීමත් සමගය.

 

ඔහු මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  ඒ පිළිබඳ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.

 

කෙසේ වුවද ආණ්ඩුව විසින් ගනු ලබන තීරණ නිසි ආකාරයෙන් ඉදිරිපත් නොකිරීම නිසා එහි වැඩි වාසිය හිමිව ඇත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාටය. 

 

ඒ අනුව හිටපු ජනාධිපතිවරයෙකු වශයෙන් තමන්ට රජයෙන් ලබා දී තිබෙන නිල නිවසෙන් ඉවත්වීමට වර්තමාන ආණ්ඩුව නිල වශයෙන් දැනුම් දෙන පළමු මොහොතේම සිදු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

 

“හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන නිල නිවෙස් හෝ පහසුකම් සම්බන්ධයෙන් වර්තමාන රජය ගන්නා ඕනෑම තීරණයක් පිළිගැනීම මේ රටේ පුවර වැසියෙකු ලෙස මගේ වගකීමක්. මේ නිවසින් ඉවත්වෙන්න කියලා මට ලිඛිතව දැනුම් දීමක් කළා නම් මම ඒ කියන දිනයට ඉන් ඉවත් වෙනවා.

 

ඒත් මේක කිව්වේ ජනතාවට, මම ජනතා නියෝජිතයෙකු විදියට මේ රටේ මිනිස්සුන්ට අවංකව සේවය කළා. මේ ආණ්ඩුව පත් කළේත් ජනතාව. ඒ නිසා ආණ්ඩුව තීරණයක් ගෙන මට කිව්ව නම් මම යනවා.

 

මම බලෙන් නිල නිවසක ඉන්නෙ නෑ. එහෙම අවශ්‍යත් නෑ. ආණ්ඩුව නිලවශයෙන් මට ඉවත්වෙන්න කියන දිනයට මම ඉවත් වෙනවා. මේ නිවස ලක්ෂ 46කට කුලියට දීලා රටට අවශ්‍ය මුදල් හොයා ගැනීම ගැන මගේ කිසිම විරුද්ධත්වයක් නෑ.

 

මට කියන්න තියෙන්නේ මං සම්බන්ධයෙන් ගන්නා ඕනෑම තීරණයක් ඉස්සෙල්ලා මට කියන්න. මාධ්‍යට කිව්වට පස්සෙනේ මම දන්නේ. මට ඉස්සෙල්ලා කිව්වොත් මම මාධ්‍යයට කියලම ඒ තීරණ ක්‍රියාත්මක කරන්නම්.”