SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉලොන් මස්ක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උත්සවයේදී කළ කතාව සමග

පලකළ ඉරියව්වක් මේ වන විට මහත් ආන්දෝලනයටත් සමහරුන්ගේ දැඩි කෝපයටත් හේතුවී තිබෙනවා.

 

 

ඔහු ජනතාව දෙසට ආචාර කිරීමක් ලෙස කළේ ඇඩෙල්ෆ් හිට්ලර් සිහිගැන්වීමක් බව නැගෙන චෝදනාවයි. මස්ක් හිමිකාරීත්වය දරන සමාජ මාධ්‍ය වේදිකාව වන X (පෙර twitter) හි බොහෝ දෙනා මෙම ඉරියව්ව නාසි ආචාරයට සමාන කර තිබෙනවා.

 

ලොව පොහොසත්ම මිනිසා මෙන්ම ජනාධිපති ට්‍රම්ප්ගේ සමීප මිතුරා වන මස්ක් එම අවස්ථාවේ "මගේ හදවත ඔබ වෙත යොමු වෙයි. ඔබ නිසා ශිෂ්ඨාචාරයේ අනාගතය සහතික කරනු ඇත," යනුවෙන් කියමින් අත් ආචාරය සිදු කළා.

 

ඇමෙරිකාවේ නාසිවාදය පිළිබඳ විශේෂඥ ඉතිහාසඥවරියක වන ක්ලෙයා ඔබින් පැවසුවේ මස්ක්ගේ ඉරියව්ව නාසි ආචාරයක් (Sieg heil) බවයි.

 

 

"ෆැසිස්ට්වාදය පිළිබඳ ඉතිහාසඥයෙක් මෙහි සිටී. එය නාසි ආචාරයක් සහ ඉතා සටන්කාමී එකක්"

යැයි නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය රූත් බෙන් ගියාට් සඳහන් කළා.

 

 

ඉතාලියේ මුසොලිනිගේ ෆැසිස්ට්වාදි පක්ෂය රෝම ආචාරය පුළුල් ලෙස භාවිතා කළ අතර, පසුව ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් විසින් අනුගමනය කෙරුනා.

 

මස්ක් අන්ත දක්ෂිණාංශික දේශපාලනය කෙරෙහි යොමුවෙමින් තිබෙන බව පේනවා. ඔහු ජර්මනියේ අන්ත දක්ෂිණාංශික පක්ෂ සමග මෙන්ම බ්‍රිතාන්‍යයේ සංක්‍රමණ විරෝධී රිෆෝම් UK පක්ෂයටද මේ වන විට සහය දක්වමින් සිටිනවා.

 

එමෙන්ම යුදෙව් විරෝධීත්වයට එරෙහිව සටන් කරන Anti-Defamation League ඇතුළු ඇතැම් සංවිධාන හා පුද්ගලයන් මස්ක් වෙනුවෙන් පෙනී සිටිනවා.

 

ඩොනල්ඩ් ට්‍රම්ප් පිහිටවූ රාජ්‍ය කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ (Department of Government Efficiency) සම නායකත්වයටද ඉලොන් මස්ක් දැනටමත් පත්කර තිබෙනවා.

 

@මහින්ද රුබසිංහ