SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හම්බන්තොට තෙල් පිරිපහදුවක් සඳහා චීනයේ සිනොපෙක් සමාගම සමඟ

ගිවිසුමක් අත්සන් කිරීමත් සමඟම, කැමති නම් ඉන්දියාවේ සහය ඇතිව ත්‍රිකුණාමලයේ ද එවැනිම පහසුකමක් ඇති කිරීමට රජය සැලසුම් කරන බව රජය පාර්ශ්වයෙන් පවසයි.

 

 

පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ චීන සංචාරයේදී ලොව ප්‍රමුඛ පෙළේ ඛනිජ තෙල් හා පෙට්‍රෝරසායනික සමාගමක් වන සිනොපෙක් සමඟ ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක් සඳහා ගිවිසුමට අත්සන් තැබිණි.

 

මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඊයේ ප්‍රකාශ කළේ එය මූලික වශයෙන් අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගත් තෙල් පිරිපහදු ව්‍යාපෘතියක් බවත්, හම්බන්තොට වරායට යාබද අක්කර 500ක භූමි ප්‍රමාණයක් ඒ සඳහා වෙන් කරන බවත්ය.

 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර යෝජිත බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගය ගැන සඳහන් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ එවැනි ව්‍යාපෘතියක් පිළිබඳව සාකච්ඡා කිරීමට දෙපාර්ශවය එකඟ වූ බවයි.

 

කෙසේ වෙතත්, රජය ශ්‍රී ලංකාවේ නැගෙනහිර, ත්‍රිකුණාමලයේ තෙල් පිරිපහදුවක් සඳහා සැලසුම් කරමින් සිටින බවත්, එවැනි සහයෝගීතාවයකට සූදානම් නම් ඉන්දියාව සමඟ එය කරන බවත් ඔහු පැවසීය.

 

එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) ද මෙම ව්‍යාපෘතියේ කාර්යභාරයක් ඉටු කිරීමට අපේක්ෂා කරන බව ද  එම නිවේදනයේ දැක්වේ.

 

මේ වන විටත්, ජනාධිපතිවරයාගේ පසුගිය මාසයේ නවදිල්ලි සංචාරයෙන් පසු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය කලාපීය බලශක්ති හා කාර්මික කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කර ඇත.

 

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) ඒකාබද්ධ ව්‍යාපාරයක් වන සීමාසහිත ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම හරහා ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමට රජය දැනටමත් තීරණය කර ඇත.

 

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි  99 න් 14 ක් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ විෂය භාර අමාත්‍යවරයාව සිටියදී උදය ගම්මන්පිල අත්සන් කළ ගිවිසුමට අනුව එල්.අයි.ඕ.සී. සමාගමට පවරා ඇති අතර  තෙල් සංස්ථාවට ටැංකි 35ක් ක්‍රියාත්මක වේ. ඉතිරි ටැංකි 50 තෙල් සංස්ථාව සහ එල්අයිඕසී එක්ව මෙම ව්‍යාපාරය හරහා සංවර්ධනය කළ යුතුයැයි යෝජනා කෙරේ.

 

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන බවට පසුගියදා පොරොන්දු විය.

 

 

නවතම ලිපි