දෙමළ ප්රගතිශීලී සන්ධානයේ (TPA) පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් වත්මන් දේශපාලන වර්ධනයන් සම්බන්ධයෙන්
ඩේලි මිරර් පුවත්පත වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගය (SJB) සහ එක්සත් ජාතික පක්ෂය (UNP) මැතිවරණ ගිවිසුමකට එළඹිය යුතු බව අවධාරණය කර ඇත.
එක් රටකට වඩා අනෙක් රටට පක්ෂ නොවී සමබර විදේශ ප්‍රතිපත්තියක් ඉතා වැදගත් බවද ඔහු අවධාරණය කරයි.
ඔහු සමග කළ සාකච්ඡාවෙන් උපුටා ගත් ප්‍රශ්න සහ පිළිතුරු කිහිපයක් පහත පළවේ.
- ඔවුන් අපේ සමීපතම අසල්වැසියන් වන නිසාත් ඔවුන් අපට උදව් කළ නිසාත් ඉන්දියාව විරසක නොකර ගත යුතුයි.
- අපි පාර්ලිමේන්තුවේදී විදුලි බිල අඩු කරන්න කිව්වා.
- වතුකම්කරුවන්ට විරුද්ධ ව සිටිමින් එන්පීපී මේ සියලු යෝජනා ඉදිරිපත් කළා. නමුත් දැන් ඔවුන් නිහඬයි.
- නව පිරිපහදුව ඉදිකිරීම ශ්‍රී ලාංකිකයන්ට ඉන්ධන මිල අඩු කිරීමට ඉවහල් වේද යන්න විමසිය යුතුයි.
- රාජ්‍ය ආයතනවල ඉහළ සිට පහළ දක්වාම දූෂණ තිබෙනවා.
Q ජනාධිපතිවරයාගේ පසුගියදා චීන සංචාරය සහ දෙරට අතර අත්සන් කළ ගිවිසුම් පිළිබඳව බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙනවා. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස් මොනවාද?
එය සරල වචන වලින් කිවහොත්, රටක විදේශ ප්‍රතිපත්තිය සමතුලිත විය යුතුයි. ඔබට එක රටකට වඩා හිතකර විය නොහැක. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා රජය අනෙකුත් ජාතීන්ට වඩා චීනයට ප්‍රසාදය දක්වන්නේ නම්, තවත් රටවල් රාශියක් පැත්තකට විය හැකිය. එහිදී, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය සහ කොරියාව විරසක විය හැකියි.
අපේ සමීපතම අසල්වැසියන් නිසා ඉන්දියාව විරසක නොවිය යුතු අතර ඔවුන් අපට උදව් කරල තියෙනවා. ඇත්ත වශයෙන්ම අපි බංකොලොත් වූ විට අපගේ පිහිටට පැමිණියේ ඉන්දියාවයි. මේ කාරණය රජය මතක තබාගත යුතුයි.
ප්රශ්නය - හම්බන්තොට තෙල් පිරිපහදුවක් පිහිටුවීමට ශ්‍රී ලංකාව චීන සමාගමක් සමඟ ගිවිසුමක් අත්සන් කර තිබෙනවා, මේ පිළිබඳව ඔබේ අදහස් මොනවාද?
හම්බන්තොට ඉදිකිරීමට යෝජිත තෙල් පිරිපහදුවෙන් ශ්‍රී ලංකාවට ප්රතිලාභ අත්වන්නේ කෙසේ ද යන්න යමෙක් කල්පනා කළ යුතුය, එය ශ්‍රී ලංකාව තුළ ඉන්ධන මිල අඩු කිරීමට උපකාරී වේද? ඒ ගැන කරුණු සොයා බැලිය යුතුයි.
Q රජයේ පළමු දින 100 තුළ ආණ්ඩුවේ කාර්ය සාධනය ගැන ඔබ සිතන්නේ කුමක්ද?
NPP රජය බොහෝ දේ පොරොන්දු උනා. වැරදි කරපු අය නීතියේ රැහැනට ගේනවා කියලා පොරොන්දු වුණා. තාජුඩීන් ඝාතනය පිටුපස සිටි, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිටුපස සිටි අපරාධකරුවන් වගේම පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු හෙළි කරන බවට ඔවුහු ප්‍රතිඥා දුන්හ. ජනතාව ආණ්ඩුවෙන් මේ උත්තර බලාපොරොත්තු වෙනවා. ජනතාවගේ ආකල්ප වෙනස් වී ඇති නිසා එදා මෙන් නොව ඕනෑම ආණ්ඩුවකට එකම එක අවස්ථාවකුයි දෙන්න සූදානම් වෙලා තියෙන්නෙ. මේව ඉෂ්ට නොකළොත් NPP ආණ්ඩුවට තවත් අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ.
Q ඔබේ මතය අනුව සහල් ප්රශ්නය තවමත් විසඳිය යුතුද?
ඔව්, විපක්ෂයේ සිටියදී සහල් ආනයනය නොකරන බවට NPPය ප්‍රතිඥා දුන්නා. නමුත් බලයට ආවට පස්සේ පිටරටින් සහල් ගෙන්වා ගත්තා.
Q පිවිතුරු ශ්‍රී ලංකා වැඩසටහන ගැන ඔබ මොකද හිතන්නේ?
එය හොඳ වැඩසටහනක්. කැළිකසළ සුද්ද කරලා නගර පිරිසිදුව තියාගන්න එක හොඳයි. කෙසේ වෙතත් රාජ්‍ය ආයතන ද පිරිසිදු කළ යුතු බව මතක තබා ගත යුතුය. රාජ්‍ය ආයතනවල ඉහළ සිට පහළ දක්වාම දූෂණ තිබෙනවා.
ප්රශ්නය - වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා ඔබේ පක්ෂය බලපෑම් කරනවා. ඔබ මේ රජයෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දෙදහස දක්වා වැඩි කළ යුතු බව මේ රජය පැවසුවා. වතුකරයේ කම්කරුවන්ට ඉඩම් දෙන්න ඕන කිව්වා. ඒ අය විපක්ෂයේ ඉඳිද්දී තමයි මේ හැම යෝජනාවක්ම අරගෙන එළියට ආවේ. කෙසේ වෙතත්, දැන් එන්පීපීය ඒ ගැන නිහඬයි.
Q මෙවර අයවැයෙන් වැටුප් වැඩි කිරීමක් ක්‍රියාත්මක කරන බව රජය පවසා තිබෙනවා. ඒ ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ?
අපි බලාගෙන ඉන්නවා අයවැයෙන් රජය යෝජනා කරන්නේ මොනවද කියලා.
Q රජය විදුලි බිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා. මේ ගැන අදහස් තියෙනවද?
ඒක විපක්ෂය ජනතාව වෙනුවෙන් දිනාගත්තු දෙයක්. අපි පාර්ලිමේන්තුවේදී විදුලි ගාස්තු අඩු කරන්න කිව්වා.
Q SJB සහ UNP දේශපාලන විවාහයක් ගැන කතා වෙනවා. ඔබට ඒ ගැන කියන්න දෙයක් තියෙනවද?
සමගි ජන බලවේගය (SJB) සහ එක්සත් ජාතික පක්ෂය (UNP) යන දෙකම මැතිවරණ ගිවිසුමකට එළඹිය යුතුයි. අපි කාලයක් තිස්සේ ඒ සඳහා බලපෑම් කළා. සජබයට අලියා ලකුණ පිළිගන්න කිව්වොත් සහ එජාපයේ අයට දුරකථන ලකුණ පිළිගන්න කිව්වොත් කිසිම වැඩක් වෙන්නේ නැහැ. UNP සහ SJB පොදු අපේක්ෂකයෙක් දැම්මා නම් NPPය ජනාධිපතිවරණය දිනන්නේ නැහැ.