SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දෙද්දී

රුසියානු ජනාධිපති විලැඩිමීර් පූටින් යුක්රේන ගැටුම සම්බන්ධයෙන් අමෙරිකාවේ නව රජය සමග සාකච්ඡා කිරීමට රුසියාව කැමැත්තෙන් සිටින බව පවසයි.

 

 

ඔහු ඊයේ(20) පැවති ෆෙඩරල් ආරක්ෂක කවුන්සිලයේ ස්ථාවර සාමාජිකයින්ගේ වීඩියෝ ආකාරයෙන් පැවති සම්මන්ත්‍රණයකදී මේ බව ප්‍රකාශ කළේ ය.

 

යුක්රේන ගැටුමට මැදිහත්වීමේ දී වැදගත්ම කාර්යය වන්නේ අර්බුදයේ මූල හේතු ඉවත් කිරීම බව Putin පවසයි. මෙහි අරමුණ විය යුත්තේ කලාපයේ සියලුම පාර්ශ්වයන්ගේ නීත්‍යානුකූල අවශ්‍යතාවලට ගරු කිරීම මත පදනම වන දිගුකාලීන සාමයක් අත්කර ගැනීම මිස, කෙටිකාලීන සාම ගිවිසුමකට එළඹීම හෝ සන්නද්ධ හමුදා නැවත ස්ථානගත කිරීමට අවස්ථාවක් ලබා ගැනීම නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.

 

එමෙන්ම, ඇමරිකාවේ බලධාරීන් සමග සාකච්ඡා කිරීම රුසියාව කිසිවිටෙකත් ප්‍රතික්ෂේප කර නොමැති බව ද Putin පැවසූ අතර එකී සාකච්ඡා ද්විපාර්ශ්වික සහයෝගීතාවය සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම් විය යුතු  බවත් උපායමාර්ගික ස්ථාවරත්වය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීම ඇතුළුව ගෝලීය කටයුතුවලදී රුසියාවේ කාර්යභාරය සැලකිල්ලට ගත යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

නවතම ලිපි