සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය එක්සත් ජාතික පක්ෂය (එජාප) සමඟ
සංවාදයක් ආරම්භ කිරීමේ යෝජනාව ඊයේ අනුමත කළ බව සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.
“පක්ෂයේ කළමනාකරණ කමිටුව ගත් තීරණය කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කළා,”
පවතින ආණ්ඩු විරෝධී රැල්ල උත්සන්න කරමින් ජාතික ජන බලවේගයේ ආණ්ඩුකරණයට බලපෑම් කිරීමට දක්ෂානාංශික පක්ෂ කඳවුරු බඳිනු ඇති බව පසුගිය කාලය තුළ සංවාදයට බඳුන් වූවකි.
කෙසේ වුවද ජාජබ ආණ්ඩුවේ හිතවාදීන් පවසන්නේ ඉදිරි මාස කිහිපය තම රජයට අභියෝගාත්මක වන බවත් එකී මාස කිහිපයට සාර්ථකව මුහුණ දුන හොත් ජාතික ජන බලවේග ආණ්ඩුව තවත් වසර 15කටවත් පෙරලිය නොහැකි එකක් වනු ඇති බවත් ය.