SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පලපුරුදු දේශපාලකයකු වන කබීර් හෂීම් ගේ ප්‍රකාශය පොදුජනයා අවබෝධ කරගත යුත්තේ කෙසේද?

 

ලංකාව මුහුණ දී ඇති දේශපාලන ආර්ථික අර්බුදය කලමනාකරනය කරගැනීමට ජා.ජ.බ ආන්ඩුවට නොහැකි හේතුව වන්නේ, වර්තමාන අර්බුදකාරී තත්ත්වය තුල ඔවුන්ට ආන්ඩුකරණයට ඇති ආධුනික බව නිසාම නොවේ. 

 


කබීර් හෂීම්ලා තවදුරටත් දේශපාලනිකව හිතන්නේ, වර්තමානයේ රට පවතින්නේ, දශක ගනණාවක් පුරා ඔවුන් විසින් නඩත්තු කල ආතල් නවලිබරල් ධනවාදී දේශපාලන ආර්ථිකයක් තුල බවයි.


කෙසේ නමුත් තත්ත්වය වෙනස්වී ඇත, දශක ගනණාවක් පරිවාර දූපත් රාජ්‍යය නඩත්තු කල ණය ආර්ථිකය තවදුරටත්, අතීතයේ මෙන් ඒ ආකාරයටම පවත්වාගෙන යාමට වර්තමාන දැඩි අවධමණයකට මුහුණ දී ඇති ගෝලීය මූල්‍ය සමාගම් ඇතුලු මූල්‍ය වෙලඳපොල ධනවාදය සූදානම් නැත.

 


මේ සංකීර්ණ තත්ත්වය නිරීක්ෂණය කරනවිට ජනයාගේ පැත්තෙන් ඔවුන් කැමති වුවත් නැතිවුවත්, යෝජනා කිරීමට ඇත්තේ, ගෝලීය ධනවාදය හරහා එන බලවත් තෙරපුමට මුහුණ දීම සඳහා අතීතය පුරා උත්සාහ කල පරිදි දේශපාලන බලය ලබාගැනීමට පසමිතුරුතා සහිත බල දේශපාලන ක්‍රිඩාවේ යෙදීම වෙනුවට, ගෝලීය ධනවාදී තෙරපුමට මුහුණ දීමට සර්වපාක්ෂික දේශපාලන ක්‍රියාදාමයකට ඇතුළුවීමට යෝජනා කිරීමයි.

 

 

මක්නිසාද දශක ගනණාවක් පුරා විවිධ මාදිලියේ ඊනියා ආර්ථික ප්‍රතිපත්ති ඉදිරිපත් කරමින් පැමිණි ප්‍රධාන පෙලේ සියලුම දේශපාලන පක්ෂ වර්තමානය වන විට ගෝලීය මූල්‍ය ධනවාදය ඉදිරියේ අසාර්ථක වී තිබීමයි.

 

එබැවින් බුද්ධිමතුන් සහ උගතුන් කෙසේ වෙතත්, පොදු ජනයාගේ මීලඟ දේශපාලන පරික්ෂණය වියයුත්තේ, සමස්ථ දේශපාලන පක්‍ෂ වල සර්වපාක්ෂික බාවය හරහා සමකාලීන ඒකාධිකාරී අධිතාක්ෂණික මූල්‍ය ධනවාදයට මුහුණ දිය හැකිද යන්න නිගමනය කිරීමයි.

 

කෙසේ වෙතත්,යම් කිසි විදියකින් එයද අසාර්ථක බව සත්‍ය ලෙසම අවබෝධ කරගත හැක්කේ, හැමදාම සේ ව්‍යවහාරිකව දේවල් අවබෝධ කරගන්නා ජනයාගේ අභිප්‍රේරණය මතයි.

@Nalin Dodangoda

නවතම ලිපි