SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධ මේ දිනවල සමාජයේ, විශේෂයෙන්ම මාධ්‍ය තුළ

විශාල කතාබහක් පක්ෂව මෙන්ම විපක්ෂවද ඇරඹී ඇත.

 

 

යූටියුබ් නාලකාවක් මගින් සිදුකළ සාකච්ඡාවකදී කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ගේ අදහස වී ඇත්තේ මෙවැනි වැඩසටහන් එතරම් බැරෑරුම්ව සැලකීමට නොහැකි බවයි.

 

 

“ ඇත්ත වශයෙන්ම මේ වගේ වැඩසටහන් මම එච්චර බැරෑරුම්ව සලකන්න කැමති නැහැ. ඒකට හේතුව තමයි අපි ජීවත්වෙන යුගය කලින් සැලසුම්කරල වැඩකරන්න පුළුවන් කාලයක් නෙවෙයි. සාමාන්‍යයෙන් අපි හැමෝගෙම අභිලාෂයක් තියෙනව කලින් සැළසුමක් හදල ඒ සැළසුමට අනුව යම් යම් දේවල් කරන්න.

 

ඒක හරියට අපි ඉඩමක් අරගෙන සැළසුමක් හදල ගෙයක් හදනව වගේ. එතකොට අපි ඉඩම අපිට  ඔින විදිහට සුද්ද කරල  අපිට හදාගන්න පුළුවන්. නමුත් සමාජයක් එහෙම නෙවෙයි.

 

 

උදාහරණයකට සෝවියට් සංගමයෙ තිබුණ සැළසුම්ගත ආර්ථිකයක්, දස අවුරුදු සැලැස්මක් හදල එහෙම. ඒ කාලයෙ යම්කිසි විදිහකට ඒකට හැකියාව තිබුන ඒ සමාජ ඒ තරම් සංකීර්ණ වෙලා නැති හින්ඳ. සමාජ සම්බන්ධතා සරලයි. එතකොට ඒක හරියට පාළු ප්‍රදේශයක පාරක් හදනව වගේ. පාළු ප්‍රදේශයක පාරක් හදනකොට අපිට පුළුවන් ඒ සැලැස්මට අනුව හදන්න. අද කොළඹ වගේ තැනක අලුතින් පාරක් හදන එක ලේසි වැඩක් නෙවෙයි.

 

 

අන්න ඒ වගේ, මේ වගේ ඇම්බිෂස්, ඉහළ අභිලාෂ සහිත වැඩ ගොඩක් වෙලා තියෙනවනෙ..ලංකාවෙ දේශපාලන ඉතිහාසයෙ ඒ වගේ ඒව වෙලා තියෙනව.

 

නමුත් මම දකින විදිහට මේවයෙ පැති කිහිපයක් තියෙනව. (මම මේව ඔින්නෑ කියල නෙවෙයි මේ කියන්නෙ)

 

 

එකක්, මේ වැඩසටහන් අපිට ක්‍රියාවට දාන්න වෙන්නෙ දැනටමත් තියෙන ව්‍යූහාත්මක පැවැත්මක් ඇතුලෙ. අපේ සමාජයේ මේ ක්ලීන් කියද්දි කියනවනේ දැන් තියෙන තත්වය නෙගටිව් කියල, කරප්ෂන් කියන්නෙ. ක්ලීන් කියන්නෙ මේ පාරවල් සුද්ද කරන එක විතරක් නෙවෙයි, ඒකෙ කරප්ෂන් කියන එක ප්‍රධාන දෙයක්. ක්ලීන් ගවර්න්මන්ට් කියන එක. ඒක හොඳ දෙයක් තමයි, නරක දෙයක් නෙවෙයි. නමුත් මේ කරප්ෂන් කියන එක ඉතා සංකීර්ණ දෙයක්. ඒක ඇවිල්ල අපේ සමාජයේ සමහර මූලික ලක්ෂන එක්ක බැඳිල තියෙන දෙයක්.

 

 

උදාහරණයකට අපේ සමාජයේ “රාජ්‍ය සේවය” කියමු, දැන් රාජ්‍ය සේවයෙ සාමාන්‍ය කොටස්වල වැටුප් මට්ටම ඇවිල්ල ඒ අයගෙ අවශ්‍යතා ආදායමයි අතර ලොකු ගැප් එකක් තියෙනව. - සාමාන්‍යයෙන් ජීවත්වෙන්න ඔින දේ අතර - එතකොට ඒගොල්ලො කැමති නෑ තමංගෙ ජීවන මට්ටම පහලට දාගන්න. ඒ වෙනුවට ඒ ගොල්ලො ඒ ගැප් එක ෆිල් කරගන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒකට ගොඩක් ක්‍රම සොයාගන්නවා.

 

 

උදාහරණයක් විදිහට රජයේ ගොඩක් ඉහළ නිළධාරීන්ගේ ගෙවල් දිහා බලපුවහම, ඒගොල්ලොන්ගෙ වාහනය දිහා බැලුවහම කිසිසේත්ම ඒ අයගෙ ලෙගි‍ටිමසි ඉන්කම් එක අනුව හිතන්න බෑ ඒ මට්ටමේ ජීවිතයක් ගත කරන්න පුළුවන් කියල. ඒ හින්ඳ කොහොමත්කොහොමත් මේ විදිහට යම්කිසි අයථා ක්‍රම මගින් - ඒක සම්පූර්ණම අයථා වෙන්න පුළුවන් හෝ අයථා වගේ නොපෙනෙන අයථා ක්‍රම මගින් වෙන්න පුළුවන් - ඒව තමයි ගොඩක් තියෙන්නෙ. සමහර එතිකල් ඒව තියෙනව ඒව ලීගලි ප්‍රශ්නයක් නැතිවෙන්නෙ පුළුවන්.

 

 

උදාහරණයක් විදිහට මම කියන්නම් මම කරන අන්එතිකල් අර්නින් එකක්. මම වාහන පර්මිට් තුනක් අරන් තියෙනව එකක් විකුණල තියෙනව. තව එකක් මට ලැබුනොත් ඒකත් විකුණනව. මම සලකන්නෙ ඒක මගේ රෙමියුලේෂන් පැකේජ් එකේ කොටසක් විදිහට.අන්න ඒ වගේ ගොඩක් අය එහෙම කරනව. අන්න මේ වගේ විශාල සාධක ප්‍රමාණයක් තියෙනව මේ වගේ ඒව ක්‍රියාත්මක කරන්න දුෂ්කර වෙන.

 

අනිත් කාරණය තමයි මේ වගේ වැඩසටහනක් ආපුවහම මේවා විවිධ විදිහට අර්ථකථනය කරගන්නව. ඒ නිසා මේවයෙ තියෙන එක්ස්පෙක්ටඩ් අවුට්කම්ස් තියෙනවනේ, ඒවායි ඇත්ත වශයෙන්ම වෙන දේයි අතර ගැප් එකක් තියෙනව. මේ ආන්ඩුව තේරුම් අරන් තියෙන දෙයක් මට හොඳින් පේනව.

 

 

 

මේ ආණ්ඩුව  ජනතා විමුක්ති පෙරමුණෙන් පාලනය කරන්නෙ. ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව තමයි දැන් තියෙන පවර් සෙන්ටර් එක. ඒගොල්ලන්ගෙ අභ්‍යන්තර පක්ෂය ගත්තම ඒගොල්ලො හිතන්නෙ අර පර්ණ මාක්ස්වාදී විදිහට තමයි. හැබැයි ඒගොල්ලො දන්නව ප්‍රායෝගිකව ඒව දැන් ක්‍රියාවට දාන්න බෑ කියල. ඒගොල්ලො කියන්නෙ කිව්වට තවම ඒකට කොන්දේසි නැහැ අපිට සිද්ධ වෙන්නෙ ධනේෂ්වර ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙලක් තමයි දැනට ක්‍රියාත්මක වෙන්නෙ කියල.

 

 

දැන් ඒකට අවශ්‍ය දේවල් ඒගොල්ලො බලනව ආර්ථික වශයෙන් ලංකාව පරිවර්තනය කරන්න නම් සංචාරක ව්‍යාපාරය ගැන ඒගොල්ලො ගොඩක් හිතනව. IT සෙක්ටර් එක ගැන හිතනව. අනික ව්‍යාපාරිකයින්ට වැඩකරද්දි තියෙනවනේ අල්ලස් ගැනීම වගේ දූෂණ වැඩ, ඒව නැතිකරනව වගේ. ඔය බිස්නස් ෆීල්ඩ් එකේ තියෙනව ක්ලීන් ගවර්නර්ස්වලට ලොකු ඉල්ලුමක්. අන්න ඒ අවශ්‍යතා ඉෂ්ට කිරීම තමයි ක්ලීන් ශ්‍රී ලංකා වලින් වෙන්නෙ.

 

අනික තමයි මධ්‍යම පංතිය ප්‍රසාරණය වීම. ලංකාවේ ඉස්සරහට ආණ්ඩුවක් පවත්වාගෙන යන්න නම් ඒක මධ්‍යම පංතියට ආකර්ශනය වෙන්න ඔින. මධ්‍යම පංතිය දිනාගන්න බැරිනම් ඒක කරන්න බෑ. ඒක තමයි දිනාගන්න අමාරුම එක.

 

ඉතිං ක්ලීන් ශ්‍රී ලංකා එන්නෙ මේ කිහිපයක් එක්ක. මම කැමතියි මේව දිහා බලං ඉන්න.

 

සම්පූර්ණ වීඩියෝව