SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හමුදා වෙඩි උණ්ඩයකින් සාමාන්‍ය අහිංසක වැසියකු මිය යෑම තමා නොපැතූ බවත්,  

නිරායුද ජනතාවට එරෙහිව නිල බලයෙන් උන්මත්තක ජන ඝාතකයකු වීමට තමා උත්සුක නොවූ බවත් පසුගිය 31 දා සිය සේවයෙන් විශ්‍රාමගත වූ හිටපු යුධහමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

 

 

ඔහු ආන්දෝලනාත්මකව ප්‍රශ්න කරන්නේ රටේ පස්වන විධායක ජනාධිපතිවරයා වූ එවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂව උද්ඝෝෂකයන් ග්‍රහණයට ගෙන ඔහුගේ ජීවිත අවදානමක පසුවද්දී ගුවන් සංක්‍රමික බළකාය යොදවා තමා අග්‍රාමාත්‍යතුමාගේ ජීවිතය සුරක්ෂිතව ගලවා ගන්නේ කුමකට ද යනුවෙනි. එසේම දේශපාලකයන්ගේ ගෙවල් ගිනිබත් කරලීමට පැමිණි උද්ඝෝෂකයන් බහුතර පිරිසක් පලවා හරිමින් එකී ගෙවල් බේරා ගන්නේ කුමකට ද කියාය.

 

 


“ 2022 අරගල යනු අභ්‍යන්තර ජන නොසන්සුන්තාවයකි. එහි දී උද්ඝෝෂකයන් පාලනය කිරීමට හමුදාවට අවම බලය පමණක් භාවිත කිරීමට මම විධාන ලබා දුනිමි. හමුදා වෙඩි උණ්ඩයකින් සාමාන්‍ය අහිංසක වැසියකු මිය යෑම මම නොපැවතුවෙමි. නිරායුද ජනතාවට එරෙහිව නිල බලයෙන් උන්මත්තක ජන ඝාතකයකු වීමට මා උත්සුක වූයේ නැත. එහි  ප්‍රතිඵලය රට අපායක් නොවීම ය. එයට උදාහරණ රටට ආසන්න රාජ්‍යවල වර්තමානයෙහි පැන නගින ජන උද්ඝෝෂණ මර්දනය පිණිස හමුදා ක්‍රියාත්මක වීමේ දුර්විපාක පෙන්වා දිය හැකි ය.

බල ලෝභී පාලකයන් පවසන පරිදි මට රාජ්‍යය පාවා දීමේ අශ්ලීල දුර්ජන පරමාර්ථයක් නොපැවතුණි. විදෙස් රටක බළල් අතක් වීමට හෝ විදෙස් තානාපති කාර්යාලයක සුරතලකු වීමට හෝ මට පහත් ආශාවල් නොවිණි. එලෙස නම් මා එවකට පාලන බලයේ සිටිය රටේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස ද කටයුතූ කළ අග්‍රාමාත්‍යතුමා උද්ඝෝෂකයන් ග්‍රහණයට ගෙන එතුමා ජීවිත අවදානමක පසුවද්දී ගුවන් සංක්‍රමික බළකාය යොදවා මා අග්‍රාමාත්‍යතුමාගේ ජීවිතය සුරක්ෂිතව ගලවා ගන්නේ කුමකට ද? දේශපාලකයන්ගේ ගෙවල් ගිනිබත් කරලීමට පැමිණි උද්ඝෝෂකයන් බහුතර පිරිසක් පලවා හැර එකී ගෙවල් බේරා ගන්නේ කුමකට ද?


එහෙත් අරගල සමයේ මා සිදු කළ උපායික ක්‍රමෝපා පිළිබඳ රාජ්‍ය පාලකයන්ගේ කියවීම මට අවාසි සහගත විය. තරු හතරක ජෙනරාල්වරයකුව ලංකා හමුදා ඉතිහාසයේ දෙවන හමුදාධිපතිව සේවයේ යෙදී සිටිය මා වර්ෂ 2022 මැයි 31 සේවයෙන් විශ්‍රාම ගැනීමට හත් මසක් ඉතුරුව පැවතිය දී බලධරයන් හමුදාධිපති පදවියෙන්  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පදවියට නිල මාරුවක් සිදු කළේ ය. එයින් පසු ආසන්න කාලයක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට රාජ්‍යයෙන් පලා යෑමට සිදුවන්නේ ද මා හමුදාධිපති පදවියෙන් සමු ගෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ සිටියදී රාජ්‍ය අවසරය සහිත ව විදෙස් රටක පැවති ජාතික ආරක්ෂක සමුළුවකට සහභාගි වී සිටින සමයක දී ය”.

 1 1

 2 1

 3 1

4. 1 jpg

4. 1 jpg

5 1

6. 1 jpg

7. 1 jpg

8 1

9.1 jpg

10. 1 jpg

11