SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කළුතර බන්ධනාගාරයේ සිටි සිරකරුවන් පිරිසකට පසුගියදා නත්තල් උත්සවය නිමිත්තෙන්

නිදහස ලැබුණි. විවිධ චෝදනාවලට ලක්ව දඬුවම් ලැබ සිටි 16 දෙනෙක් ඒ අනුව පොදු සමාව යටතේ නිදහස ලැබූහ.

 

 

එහිදී නිදහස් ලැබූ රැඳවියන් අතර රුසියන් ජාතික විදේශ කාන්තාවක සහ ඇයගේ අවුරුදු 4ක සිඟිති දියණිය ද සිටින බව මල්වත්ත බන්ධනාගාර අධිකාරී වසන්ත කුමාර පැවසීය.

 

විදේශීය කාන්තාව වීසා නොමැතිව මෙරට රැඳී සිටීමේ චෝදනාව යටතේ කළුතර අධිකරණය මගින් දඬුවම් ලැබ සිට ඇත. දියණිය සහ කාන්තාව වැලිසර ආගමන විගමන රැඳවුම් මධ්‍යස්ථානය වෙත භාරදීමෙන් අනතුරුව ඉදිරි දිනක දී රටින් පිටුවහල් කිරීමට නියමිතව ඇත.