SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොට්ටහච්චි සහ දොඩාවත්ත රසාන්දරයෙන් පසුව කුරුනෑගල දිස්ත්‍රික්කයේ

මන්ත්‍රී ධූරයට පත් විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු බින්ගිරිය බෙන්ජි ගාමන්ට් ආයතනයට ගොස් චොරවන සිද්ධියක් සංසරණය වේ.

 

 

සිද්ධිය කෙටියෙන් මෙසේය.

 

බෙන්ජි ආයතනයේ සේවක පිරිස 3000කි. එම ආයතනය ආරම්භ කිරීමෙන් පසුව ප්‍රවාහනය සිදු කර ඇත්තේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු විසිනි. පසුව පාතාලය මැදිහත් වී වෙනත් අය සඳහා ද ප්‍රවාහන අවස්ථා උදා කර දී තිබේ. මේ තත්වය තුල මිනී මැරුම්, වෙඩි තබා ගැනීම් සහ කපා කොටා ගැනීම් සිද්ධි ඒමට සිදුව ඇත.

 

SLFP හෝ පොහොට්ටු කාලයට සනත් නිශාන්ත සහ දයාසිරිත්, UNP කාලයට බණ්ඩාරත් මේවා මෙහෙයවා තිබේ. උවුනට එක බස් රථයකින් මසකට රුපියල් 5000ක් ද වෑන් රථයකින් ඊටත් වඩා වැඩි මුදලක් ද දිය යුතුව ඈත. මෙම දේශපාලන අනුග්‍රාහකත්වය තුල මැරයන් නඩත්තු කිරීම සහ ඔවුන්ගේ බලය පවත්වාගැනීම සඳහා මෙම මුදල යොදා ගනී. මෙවැනි මුදල් ලැබෙන ආකාර තවමත් මොවුනට තිබීම යනු ඔවුන් දිගින් දිගටම ප්‍රභූන් ලෙසට වැජඹීමට හැකියාව තබා ගැනීමයි.

උදාහරණයකට හරීන් ප්‍රනාන්දු හට තවමත් පුද්ගලික ආරක්ෂකයින් 10ක් 12ක් පමණ සිටී (ඊයේ සිද්ධිය නරඹන්න).

 

 

දයාසිරිලා, සනත් නිශාන්තලා සහ බන්ඩාරලා යනු "පළපුරුදු අයයි". ඔවුන් කප්පං ගත්ත ද මෙතෙක් කල් කිසිඳු ප්‍රශ්නයක් ඇති නොවුනි. නමුත් බුද්ධිමත් විශ්ව විද්‍යාල අචාර්යවරයා ආයතනයට ගොස් ඇත්තේ මෙම ප්‍රශ්නය විසඳීම සඳහා බව පැවසේ. එනම්, මෙසේ කප්පම් වශයෙන් යන විශාල මුදල නවතා දමා එය සුභසාදනයක් ලෙස යෙදවීම සඳහාය. නමුත් ඔහු ආයතනයට යන්නේ ප්‍රදේශයේ කසිප්පු ව්‍යාපාරිකයෙක් සමගය යන්න ඔහුට විරෝධය දක්වන පිරිසේ මුඛ්‍ය චෝදනාවයි. කසිප්පුවා එකී අචාර්යවරයා වෙනුවෙන් මැතිවරණ කටයුතු මෙහෙයවා ඇති බව පැවසේ. කප්පන්කරුවන්ගේ නියෝජිතයින් දඩමීමා කරගනුයේ එයයි.

 

කෙසේ වෙතත් මෙවැනි පුද්ගලයින් NPP මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ කරගැනීම විසින් NPPය ද පොහොට්ටුව බවට පත්වීම ඉදිරියේදී වලකා ගත නොහැකි වනු ඇත. පළපුරුදු අය මීට වඩා නරුමයින් සමග කටයුතු කල ද මෙවැනි ප්‍රශ්න ඇතිකර නොගනී. රට පුරාම NPP අදාර කරුවන් ලෙස මෙවැනි ජාවාරම්කරුවන් පමණක් නොව ජඩ නීතිඥයින් ද NPP පොරවල් වී ඇත. ඒ සෑම නීතිඥයෙකුම SLFP හෝ පොහොට්ටු කාලයට ඊට ද යහපාලන කාලයේ යහපාලනයට ද දැන් NPPයට ද හොඳින් පූට්ටු වී ඇති අයයි. ඔවුන් එම ආණ්ඩු තුලින් තම පුද්ගලික කටයුතු කරගත්තා පමණක් නොව ප්‍රාදේශීය සභා වැනි ආයතන වල නඩු වලට පෙනී සිටිමින් ප්‍රාදේශීය සභාවේ මුදල් සභාපතිවරයා සමග ගසා කෑ පිරිස්ය (රට පුරා මෙවැනි අය ඇත). එබැවින් සභාපතිවරුන් විසින් සිදුකරන ලද්දේ හැකිතාක් නඩු පටලවා ගැනීමයි. ඔවුන් දැන් NPPයේය. නමුත් අද දවසේ ද ප්‍රාදේශීය සභා නඩු සඳහා ඔවුනගේ ගතමනාව ලැබේ (සාමාන්‍යයෙන් එක නඩු වාරයකට 25000 සිට 60000 පමණ දක්වා). සභාපතිවරයාගේ පුද්ගලික නඩු පවා සභාවේ වියදමින් ගෙවා ඇති සහ ගෙවන සිද්ධි ඕනෑ තරම් තිබේ.

 

බින්ගිරිය සිද්ධියේ මෙම කටයුත්ත සිදු කල යුතුව තිබුනේ මෙසේය:

 

මුලින්ම කල යුතුව තිබුනේ මෙම බෙන්ජි ආයතනයේ ප්‍රවාහන ක්‍රියාවලිය, එහි ඉතිහාසය, කප්පන් ගැනීම, මිනී මැරුම්, වෙඩි තබා ගැනීම්, කපා කොටා ගැනීම්, ආයතනයේ සේවිකාවන් වෙනුවෙන් සිදු කරන බස් රථ රියදුරන්ගේ වික්‍රමයන් හේතුවෙන් සිදු වී ඇති අනතුරු සංඛ්‍යාව සහ ඊට සම්බන්ධ දේශපාලනඥයින් ආදී සියල්ල පිළිබඳව විශාල ප්‍රචාරයක් ලබාදීමයි. ඉන් පසුව මීට මැදිහත්විය යුත්තේ පොලීසිය ද සමගය.

 

විශ්ව විද්‍යාල අචාර්ය කම් කල අය කෙතරම් මුග්ධයින් ද යන්න මෙම අනාගනීමෙන් නොවැටහේ ද? එසේම ඔහු යන්නේ කසිප්පුකරුවෙකු ද රැගෙනය.

 

ජවිපෙ විසින් දැන් කල යුතුව ඇත්තේ NPP ඇකඩමික බුද්ධිමතුන් හට ස්වාධීනව ක්‍රියා කිරීමේ හැකියාව හැකි උපරිමයෙන් සීමා කිරීමයි. එසේම මෙම ජඩ ව්‍යාපාරිකයින් සහ එවැනි අනෙකුත් පුද්ගලයින් දේශපාලනයෙන් ඉවත් නොකළහොත් ජවිපෙ ආණ්ඩුව ද සාමාන්‍ය ආණ්ඩුවක් බවට පත්වනු ඇත.

 

@Ruwanpatirana Madawa fb page