මේක ඊයේ නිකන් ආතල් එකට ශෙයාර් කරාට
ඉන්බොක්ස් අහලා එවලා තිබ්බා ඇයි මෙහෙම වෙන්නෙ කියලා.
මේ ක්ලිප් එකේ ඉන්නෙ කැපිබාරා කියන සතා. කැපිබාරා කියන්නෙ ලෝකේ ඉන්න විශාලතම රොඩෙන්ෂ්‍යාවා. රොඩෙන්ෂ්‍යා කියන්නෙ මීයො, ලේන්නු එහෙම අයිති ගෝත්‍රය. සිංහලෙන් මේ ගෝත්‍රයේ කට්ටියව කෘන්තකයන් කියලා තමයි හඳුන්වන්නෙ. එතකොට ටෙක්නිකලි තඩි මීයෙක් වගේ සතෙක් තමයි කැපිබාරා. කෘන්තකයන්ට තියෙන දිග කෘන්තක දත් කැපිබාරාටත් තියෙනවා. සාමාන්‍යන් සෙන්ටිමීටර් 8 -10 වගේ මේවා වැවෙනවා. වැවෙන නිසා මේවා ගෙවෙන්න ඕන. මීයො ලේන්නු වගේ කැපිබාරාත් නිතරම දේවල් හපලා දත් ගෙවාගන්නවා.
ඒක නෙමේ කතාව. දැන් මෙතන ඉන්න කිඹුල්ලු සෙවණගල ගුලි කාලද කියන ප්‍රශ්නෙ. කිඹුලා කියන සිංහලෙන් පොදුවෙ හැඳින්නුවට කිඹුල්ලු ජාති ඉන්නවා හැටහුටාමාරක්. ක්‍රොකඩීලියා කියන ගෝත්‍රය ප්‍රධාන දෙබෙදුමක් යනවා ඇලිගේටොරිඩේ සහ ලොන්ගිරොස්ට්‍රස් කියලා. ඕකෙන් ලොන්ගිරොස්ට්‍රස් ශාඛාවේ කෙලවරක තමයි ලංකාවේ හම්බෙන ගැටයො, හැලයො වගේ විශේෂ ඉන්නෙ. ඇලිගේටොරිඩේ ශාඛාව නැවතත් ප්‍රධාන දෙබෙදුමක් යනවා ඇලිගේටොරිනේ සහ කේමනිනේ කියලා. සාමාන්‍යන් අහන්න දකින්න ලබෙන ඇලිගේටර්ස් කියන කිඹුල්ලු අයිති වෙන්නෙ ඕකෙන් ඇලිගේටොරිනේ ශාඛාවට. වැඩිය අහන්න දකින්න නොලැබෙන කේමන්ස් කියන කිඹුල්ලු විශේෂ අනිත් ශාඛාවට.
මම මීට කාලෙකට කලින් ලියපු ලිපියක පැහැදිලි කරා කේමන් කියන කිඹුලට කියන නම හැලයො හිටපු බේරේ වැවේ කේමන් කයිමන් වෙලා කයිමන් දොරකඩ වුන හැටි.
මේකේ මේ ඉන්න කිඹුල්ලුත් කේමන් විශේෂයක්. මට පේන විදිහට මේ ඉන්නෙ යකාරි කේමන්ස්ලා. මේගොල්ලො එච්චර ලොකු වෙන සත්තු නෙමෙයි. අනෙක් අතට ආක්‍රමණශීලි විශේෂ නෙවෙයි. ගැටයො තරන් එක කිඹුල් විශේෂයක්වත් ලොකු වෙන්නෙත් නෑ, දරුණු වෙන්නෙත් නෑ. මේ යකාරිලාට කැපිබාරෙක් ගිලින්න අමාරුයි. ගිලින එක කෙසේ වෙතත් කැපිබාරෙක් මරන්න ලේසි නෑ. කැපිබාරා කියන්නෙ semi-aquatic සතෙක්. ඒ නිසා වතුරෙදි කිඹුල්ලු දඩයම් කරද්දි ගන්න වාසිය මෙතන කොහෙත්ම නෑ. අනික් අතට යකාරිලා වගේ කුඩා ප්‍රමාණයේ කිඹුලෙක්ට සෙන්ටි මීටර් 10 විතර කෘන්තක දතක් බහිනවා කියන්නෙ ICU බහින්න වෙන සීන් එකක්. ඒ නිසා තමයි මේ කැපිබාරා බයක් හැකක් නැතුව කිඹුල්ලු සිය ගානක් ඉන්න තැන වතුරට බහින්නෙ.
කේමන්ස්ලා ගැන කියද්දි තව දෙයක් තමයි ඔය වීඩියොවල දකිනවා ඇති වතුරට පැනලා ජැගුවර්ලා කිඹුල්ලු මරණවා. ඒ ඔය කේමන්ස් විශේෂ තමයි ප්‍රධාන වශයෙන් දඩයමට ලක්වෙන්නෙ.
ඔන්න ඕකයි ප්‍රස්නෙ.
ඔතන කේමන්ස්ලා කියන්නෙත් අපිට උයාගෙන කන්න පුළුවන්..ඒක නෙමේ මේ කියන්නෙ... කියලා.