"පැහැදිලිවම මෙය තීරණාත්මක පරම්පරාවකි. ගෝලීය සන්නිවේදනය
දියුණු අවස්ථාවක පැවතිය ද අද වනවිට ලොව බොහෝ ඇත්තේ සාමය සඳහා වන අර්ථවත් සංවාදවලට වඩා ගැටුම් ය.
එමෙන්ම ලෝකයේ සමහර ප්‍රදේශවල මිනිසුන් කුසගින්නෙන් පෙළෙන අතර අනෙකුත් ජීවීන් වඳ වී යෑමේ තර්ජනයට මුහුණ දී ඇත. මෙම වර්තමාන ඛේදවාචකයන්, විද්‍යාවේ හා තාක්ෂණයේ ආශ්චර්යයන් සමඟ ගැලපෙන්නේ නැහැ.
උදාහරණ ලෙස අභ්‍යවකාශ ගවේෂණ පවා සිදුවන මේ කාල සීමාවේ පෘථිවියේ සාගර, මුහුදු සහ මිරිදිය ප්‍රදේශ වඩ වඩාත් දූෂිත වෙමින් පවතිනවා. එමෙන්ම ඒවායෙහි ජීව ස්වරූපයන් බොහෝවිට නිවැරදිව හඳුනාගෙනවත් නැති අතර, සමහර ජීව ස්වරූපයන් වරදවා වටහාගෙන තිබෙනවා.
පෘතුවියේ බොහෝ වාසස්ථාන, සතුන්, ශාක, කෘමීන් සහ විවිධ දුර්ලභ ක්ෂුද්‍ර ජීවීන් පවා අනාගත පරපුරට දැනගත නොහැකි වන පරිදි විනාශ වෙමින් යනවා. එබැවින් ප්‍රමාද වීමට පෙර අප ක්‍රියා කළ යුතුයි. ඒ සඳහා හැකියාව සහ වගකීම අපට තිබේ."