SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වයස අවුරුදු දොළහක කුඩා සරණාගත දැරියකව දූෂණයට ලක් වීමෙන් පසු

ඇය විසින් සාගරයට පැන සියදිවි නසාගැනීමේ පුවත ඇසූ මේ සෙන් හිමිවරයා විසින් මේ අපූරු කවිය ලියා තිබේ.

එහි ගැබ්ව ඇති කරුණාව, ශෝකය සහ බලාපොරොත්තුව 2020 සාරාංශ ගතකොට දක්වයි.......

 

 

ඔබ බෞද්ධයෙකු නම්, මේ යතිවරයා පිළිබඳව සොයාබලන්න. ඔහුව කියවන්න.

ඔබ කිසි ලෙසකින් කණගාටු නොවනු ඇත.

ඔබ කිතුණුවෙකු හෝ මුසල්මානුවෙකු හෝ වෙන යම් ආගමක බැතිමතෙකුනම්,

නොවරදවාම මේ යතිවරයාව කියවන්න!!!

 

Call Me by My True Names

Thich Nhat Hanh

 

මා හෙට පිටව යාවි යැයි කියා නොපවසන්න

මන්ද යත් අද පවා මා පැමිණෙමින් හිඳිමි.

හොඳින් බලන්න: මම සෑම තත්පරයකම පැමිණෙමින් හිඳිමි

වසන්තයේ අතු අගක මල් කැකුළක් වනු පිණිස,

ඉතා පහසුවෙන් බිඳී යා හැකි පියාපත් සහිත කුඩා විහඟෙකු වනු පිණිස,

මගේ නව කැදැල්ලේ සිට ගී ගයනු පිණිස,

පුෂ්පයක හෘදය වස්තුවේ සිටිනා දළඹුවකු වනු පිණිස,

තමන්ව රළු ගලක් තුළ සඟවාගෙන සිටිනා ආභරණයක් වනු පිණිස,

මම තවමත් පැමිණෙමි,

හඬනු සහ හිනැහෙනු පිණිස,

බිය සහ බලාපොරොත්තුව පිණිස.

 

 

මගේ හදවතේ රිද්මය ජීවමාන සියල්ලේ උපත සහ විපතයි.

 

මම ගංදිය මත රූපාන්තරණයවන මැයිමැස්සා වෙමි,එමෙන්ම වසන්තය පැමිණිවිට, එමැස්සාව ගොදුරු කරගැනීමට පැමිණෙන කුරුල්ලාද මම වෙමි.

 

පැහැදිළි ජලය සහිත පොකුණේ, ප්‍රීතියෙන් පිහිනනා ගෙම්බා මම වෙමි,එමෙන්ම නිහඬව ඇදෙමින් ගෙම්බාව ගොදුරු කරගන්නා සර්පයාද මම වෙමි.

 

හම සහ ඇටකටු වලින් පමණක් සමන්විත, උණ බට තරම් සිහින් කකුල් ඇති උගන්ඩාවේ දරුවා මම වෙමි, එමෙන්ම උගන්ඩාවට මරණීය ආයුධ විකුණනා, ආයුධ ජාවාරම්කරුවාද මමම වෙමි.

 

මුහුදු මංකොල්ලකරුවෙකු අතින් දූෂණය වීමෙන් පසු සයුරටම බිලි වූ, කුඩා බෝට්ටුවේ හිඳි, වයස අවුරුදු දොළහේ සරණාගත දැරිය මම වෙමි, එමෙන්ම දැකීමට සහ ආදරය කිරීමට තරම් සුදුසු හදවතක් නොමැති වූ ඒ මුහුදු මංකොල්ලකරුවාද මම වෙමි.

 

විශාල බලයක් මා දෑත්වල රඳවාගත්, දේශපාලන යාන්ත්‍රනයේ සාමාජිකයා මම වෙමි,එමෙන්ම, බලහත්කාර කම්කරු කඳවුරු තුළ හෙමි හෙමින් මියයන මගේ මිනිසුනට තම ලේ වන්දිය ගෙවිය යුතු මිනිසාද මම වෙමි.

 

මගේ ප්‍රීතිය වසන්තය වැනිය, එහි උණුසුම්භාය සියළු ආකාරයේ මල් පිපීමට සලස්වයි.

මගේ වේදනාව කඳුළු ගංගාවක් වැනිය, එය මහ සාගරය පවා පුරවා දමයි.

 

අනේ කරුණාකර මට මගේ සැබෑ නමින් අමතන්න,

 

එවිට මට මගේ සියළු හැඬීම් සහ සිනහවන් එකවර ඇසීමට ඉඩ ලැබෙනු ඇත.

එවිට, මට මගේ සියළු සංතෘෂ්ටීන් සහ වේදනාවන් එකවර දැකීමට ලැබෙනු ඇත.

 

අනේ කරුණාකර මට මගේ සැබෑ නමින් අමතන්න,

 

එවිට අවදි වී මගේ හදවතේ දොරටුව හැර දැමීමට මට හැකිවනු ඇත,

මගේ හදවතේ කරුණාවේ දොරටුව!!

 

@ශෙනු පෙරේරා

@Shenu Perera fb පිටුවෙන්

Do not say that I'll depart tomorrow

because even today I still arrive.

Look deeply: I arrive in every second

to be a bud on a spring branch,

to be a tiny bird, with wings still fragile,

learning to sing in my new nest,

to be a caterpillar in the heart of a flower,

to be a jewel hiding itself in a stone.

I still arrive, in order to laugh and to cry,

in order to fear and to hope.

The rhythm of my heart is the birth and

death of all that is alive.

I am the mayfly metamorphosing on the surface of the river,

and I am the bird which, when spring comes, arrives in time

to eat the mayfly.

I am the frog swimming happily in the clear pond,

and I am also the grass-snake who, approaching in silence,

feeds itself on the frog.

I am the child in Uganda, all skin and bones,

my legs as thin as bamboo sticks,

and I am the arms merchant, selling deadly weapons to Uganda.

I am the twelve-year-old girl, refugee on a small boat,

who throws herself into the ocean after being raped by a sea pirate,

and I am the pirate, my heart not yet capable of seeing and loving.

I am a member of the politburo, with plenty of power in my hands,

and I am the man who has to pay his "debt of blood" to, my people,

dying slowly in a forced labor camp.

My joy is like spring, so warm it makes flowers bloom in all walks of life.

My pain is like a river of tears, so full it fills the four oceans.

Please call me by my true names,

so I can hear all my cries and laughs at once,

so I can see that my joy and pain are one.

Please call me by my true names,

so I can wake up,

and so the door of my heart can be left open,

the door of compassion.

 

28/12/2020