ඊයේ (23) දින හිටපු අමාත්‍යවරයෙක් සහ පොහොට්ටුව පක්ෂයේ හිටපු ප්‍රභලයෙකු වූ එස්. එම්. චන්ද්‍රසේන
සර්වජන බලය පක්ෂ සාමාජිකත්වය ලබාගත් බව වාර්තා වේ.
පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර අතින් පක්ෂ සාමාජිකත්වය ලබාගත් ඔහු සර්වජන බලයේ නායකත්ව මණ්ඩලයටද පත්කර ඇතැයි වාර්තා වේ.
පසුගිය මහ මැතිවරණයේදී වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට (සිලින්ඩරය) එක්වී තරග ඔහු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ අමාත්‍ය තනතුරු කිහිපයක් දරණු ලැබීය. 2001 වසරේ සිට 2024 දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත.
කෙසේ වෙතත් නව ආණ්ඩුව බලයට පත්වීමත් සමග ලංකාවේ පැවති සම්ප්‍රධායික දක්ෂිනාංශික ප්‍රධාන පක්ෂ දියවෙමින්, පැරණි ජ්‍යෙෂ්ඨ දේශපාලකයින් පරාජිතව දේශපාලනයෙන් විශ්‍රාම යමින් ඇති මොහොතක මාස කිහිපයක් ඇතුලත දේශපාලන කරලියට පිවිසි දිලිත් ජයවීර අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
පොදුජන එක්සත් පෙරමුණු මෙන්ම එජාප දේශපාලනය ද කඩා වැටෙන පසුබිමක එහි ඉතිරිව ඇති දේශපාලකයින් දිලිත්ගේ සර්වජන බලයට එක්වෙමින් සියල්ල මැද දක්ෂින කඳවුර ජාතිකවාදී දේශපාලනයේ මතවාදය පෝෂනය කරමින් ගොඩනංවමින් සිටියි.
සජිත් ප්‍රේමදාසගේ එජාප දේශපාලනය මෙවර අවසන් වන අතර මාලිමා රජයට එදිරි විපක්ෂය බවට සර්වජන බලය පක්ෂය ගොඩනැගෙනු ඇති බව විචාරක මතය වී ඇත.