Adani Power විසින් ඉන්දියාවේ Jharkhand ප්‍රාන්තයේ Godda කම්හලෙහි
බංග්ලාදේශය වෙනුවෙන් නිෂ්පාදිත විදුලි බලය ශ්‍රී ලංකාව වැනි අසල්වැසි රටවලට විකිණීමේ ක්‍රම ගවේෂණය කරමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2X800 MW ධාරිතාවයකින් යුත් Jharkhand බලාගාරය බංග්ලාදේශයට විදුලිය සැපයීම සඳහා Adani Power හි වෙන්කළ ව්‍යාපෘතියකි.
එහෙත් බංගලාදේශයේ දේශපාලන වෙනස්වීම් හේතුවෙන් ඇති වූ ගැටළු මධ්‍යයේ අදානි සමාගම විසින් බලාගාරයෙන් බංගලාදේශයට සපයන විදුලිය ප්‍රමාණය අඩු කර ඇත.
ව්‍යාපෘතිය පවත්වාගෙන යාම සඳහා දේශීය වෙළඳපොලේ විදුලිය විකිණීමට ඉන්දීය රජය මෑතකදී අවසර ලබා දුන්නද, මේ සම්බන්ධයෙන් නැවුම් සම්ප්‍රේෂණ ජාලයක් අවශ්‍ය බව හින්දු බිස්නස් ලයින් වාර්තා කරයි.
කෙසේ වෙතත්, ගොඩා බලාගාරයෙන් ශ්‍රී ලංකාවට විදුලි බලය විකිණීම සඳහා බංග්ලාදේශ රජයේ අනුමැතිය අවශ්‍ය වේ.
“ගොඩා බලාගාරයෙන් ශ්‍රී ලංකාවට විදුලිය විකිණීම සඳහා ඔවුන්ට බංග්ලාදේශ බල සංවර්ධන අධිකාරියේ අනුමැතිය අවශ්‍ය වනු ඇතැයි මම විශ්වාස කරමි,”
බංග්ලාදේශයේ විදුලිබල, බලශක්ති සහ ඛනිජ සම්පත් අමාත්‍යාංශයේ උපදේශක මුහම්මද් ෆවුසුල් කබීර් ඛාන් මාධ්‍යයට පවසා ඇත.
(Financial Express)