1970 දශකයේ ඇමරිකාව මුහුණ දුන් කාර්මික නිෂ්පාදනය ඇණහිටීම (Deindustrilazation)
හරහා මුහුණ දුන් වෙලඳපොල අර්බුදයට විසඳුම ලෙස හඳුන්වා දුන් ආර්ථික මාදිලිය වූ, නවලිබරල් නිදහස් වෙලඳපොල ආර්ථිකය වර්තමානය තුල ආපසු හැරවීමට ගෝලීය ධනවාදී මහා බලවතුන්ට සිදුවීම ආරම්භවී ඇත.
එහි වර්තමාන ප්රවනතාවය වී ඇත්තේ, දකුණු ඇමරිකාවේ පැනමාව කේන්ද්‍ර කරගෙන පවතින පැනමා ඇල සම්බන්ධ ඇමරිකානු ප්රතිවිරෝධයයි.
සමකාලීන ඇමරිකානු ධනවාදය මුහුණ දී ඇති අති විශාල ණය අර්බුදය සහ චීන ධනවාදය විසින් දකුණු ඇමරිකාව පුරා ඔවුන්ගේ ආයෝජන සහ වෙලඳපොල ප්‍රසාරණය කිරීම , ප්‍රධාන වශයෙන් මෙයට හේතුව ලෙස ගත හැක.
ඇමරිකානු භාන්ඩ ප්‍රවාහනය කරන නැව් වලට අයකරන ගාස්තු වැඩිකිරීම, ඇමරිකාව විසින් චෝදනාවක් ලෙස ඉදිරිපත් කලත් පැනමා ඇල පදනම් කරගෙන පවත්වාගෙන යන නාවික මධ්‍යස්ථාන 5 න් දෙකක බලය චීනය අතට පත්වෙමින් පැවතීම මේ තත්ත්වයට හේතුව බව ඒ සම්බන්ධ විශ්ලේෂකයන්ගේ මතයයි.
කෙසේ වෙතත්,අතීතයේ ඇමරිකානු ධනවාදය විසින් නිර්මාණය කරන ලද ඊනියා නිදහස් වෙලඳපොල ආර්ථිකය, ඔවුන් විසින්ම නිශ්පාදනය සංකෝචනය වන වර්තමාන අර්බුදය ධනවාදය තුල ආපසු හැරවීමට සිදුවීම උත්ප්රාසාත්මක කාරණයකි.
මේ සුවිශේෂී තත්ත්වය තුල ඇමරිකානු ධනවාදය විසින් පැනමා රාජ්‍ය අත්පත් කරගැනීමේ උත්සාහයේ සිට අසල්වැසි කැනඩාව ඇමරිකාවේ 51 වෙනි ප්‍රාන්තය කරගැනීමට උත්සාහ දරමින් ඇත.
මෙය දකුනු ආසියානු බලවතුන් වන ඉන්දියාව සහ චීනය විසින් අසල්වැසි බෙලහීන රාජ්‍යන් වලට,තමන්ගේ කලාපීය භූ දේශපාලන උපායමාර්ගික සැලසුම් සඳහා මැදිහත්වීම සමාන කලහැක.
මේ තත්ත්වය නිරීක්ෂණය කරනවිට පෙනෙන කාරණය වන්නේ,නිෂ්පාදනය සහ සේවා සංකෝචනය වී ඇති ගෝලීය අර්බුද ධනවාදයට තවදුරටත් භාන්ඩ සහ සේවා වෙලඳපොල ප්‍රසාරණය සඳහා වඩා පැතිරුණු ගෝලීය වෙලඳපොලක අවශ්‍යතාවයේ අහෝසිවීමයි!
THE GUARDIAN ඇසුරෙන්