SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය කාලයදි වර්තමාන ආණ්ඩුව ගත්ත පියවරත් එක්ක රටක් ලෙස

හිස ඔසවන බව Fitch Rating වැනි ආයතන පවසමින් සිටින බව ඇමති බිමල් රත්නායක පැවසුවේ ය.

 

 

කොලඹදී උත්සව සභාවක් අමතමින් ඔහු මේ බව පැවසුවේය.

 

“ලංකාව අවුරුදු දෙක හමාරකට පස්සේ 2022 අප්‍රේල් මාසයෙන් පස්සේ, අද ලෝකයේ තිබෙන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන Fitch Rating ඒ වගේ ආයතන වාර්තා කරමින් ඉන්නවා ලංකාව බංකොලොත් භාවයෙන් මිදිලා අපේ රට අර රේටින් කැටගරි එක අවුරුදු දෙකහමාරකට පස්සේ CCC+ කියන තත්ත්වයට ගෙනියන්න ඔවුන් ගෙනියන්න ඔවුන් සූදානමින් ඉන්න බව.

ඒ කියන්නේ අවුරුදු දෙක හමාරක්ම අපි හිටියේ බංකොලොත් කියන නාමකරන යටතේ.

ඒ නිසා දැන් පසුගිය කාලයදි වර්තමාන ආණ්ඩුව ගත්ත පියවරත් එක්ක අපි යම් හුස්මක් ගන්න පුළුවන් තැනකට පත්වෙමින් තිබෙනවා කියන එක ඒ ආයතන කියන්න හදනවා.

නමුත් ඒ බංකොලොත් කියන එකෙන් පොඩ්ඩක් උඩට එන්න හදනවා කියලා ලෝකයේ අදාළ සංවිධාන විසින් පිළිගන්න යනවාත. මම හිතන්නේ ඒක නිල වශයෙන් එතුමලා ඒක ප‍්‍රකාශයට පත් කරාවි.

එක පැත්තකින් අපිට යම් සුබ ආරංචියක් අපි රටක් වශයෙන් චුට්ටක් ඔළුව උස්සන්න පටන් අරන් තියෙනවා කියලා ලෝකෙම  පිළිගන්නවා”

 

ජනතාවට බොරු කීමට පූර්ණ අයිතියක් තිබෙනවා..

 

මේ අතර ඕනෑම ඇත්තකදි වුවත් එය බොරුවක් කියා කීමටත් ඕනෑම බොරුවකදී වුවත් එය ඇත්තක් කියා කීමටත් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇතැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටච්චි පවසන්නී ය.

 

ආයතනයක් හෝ ආණ්ඩුවක් හොඳ දෙයක් කරද්දී එහි නරක පැත්ත දැකීමටද ජනතාවට අයිතියක් ඇතැයි ඇය පවසයි.

 

ඕනෑම නායකයෙක් සමාජයට දැඩිව බලපාන ආකාරයේ නරක දේවල් කරද්දිත් එය හොඳයි කියා කීමටද අයිතියක් ඇති බව සඳහන් කළ ඇය  එම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ආණ්ඩුවක් ලෙස කිසි දිනක වැට නොබඳින බවද කියා සිටියාය.

 

කෙසේ වෙතත් ඕනෑම දෙයක ප්‍රතිඵල දැකීමට කාලයක් ගතවන බවද පැවසූ ඇය යමක් විවේචනය කිරීමට පෙර එහි ප්‍රතිඵල එනතුරු බලා සිටීම වඩා සුදුසු බව කළුතර ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් ඇය පැවසුවාය.

 

නවතම ලිපි