SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ධනවාදය කියන්නේ හරි අමුතු දෙයක්, දැන් තියෙන්නේ පැරණි ධනවාදය නෙමෙයි ‘පශ්චාත්- ධනවාදය’ කියලා මුලින්ම කිව්වේ X කණ්ඩායම,

X කණ්ඩායමේ දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා. මේ මොන විකාර කතාවක්ද කියලා ඒ කාලේ කට්ටියක් හිනා වුනා. දැන් මෙන්න මේ ධනවාදය ඒ අයගේම ඇගේ හැප්පිලා “පශ්චාත් – ධනවාදයේ” හැටි කියලා දෙනවා. නූගත්තු කියලා අනිත් අයට අපහාස කරපු උගතුන්ගේ ආචාර්ය පට්ටම් ගැලවිලා එයාලත් නූගත්තු වෙනවා. මේක මාර වැඩක්.

 

 

මොකක්ද මේ පශ්චාත් – ධනවාදය කියන්නේ?

 

80 දශකයට ඉස්සෙල්ලා තිබුනේ ක්ලැසිකල් කැපිටලිස්ම් කියලා දෙයක්. (Classical capitalism -මාක්ස් දාස් කැපිටාල් ලියන්නේත් ක්ලැසිකල් කැපිටලිස්ම් විවේචනය කරලා). ඇත්තටම ඒ කාලේ ධනවාදයට කිසියම් මට්ටමක භෞතිකවාදී පැවැත්මක් තිබුනා. භෞතික වාදී නියාමයන්ට අනුකූලව එහි චලනයන් සිදු වුනා. ප්‍රාග්ධනය සහ සූරෑකෑම භෞතිකව නිරූපණය වන විශාල කර්මාන්ත ශාලා තිබුනා.

 

(දැන් එහෙම ඒවා නෑ කියන එක නෙමෙයි කියන්නේ, ධනපතියා සහ නිර්ධණයා අතර සම්බන්ධය ඇතුළු අන්තර්ගතයන් වෙනස්)

 

උදාහරණයක් විදිහට මම ධනවාදයට විරුද්ධයි කියලා ඇත්තටම වැඩ කරන්න අවශ්‍යනම් මට ඒ දෙය සාර්ථක කරගන්න පුලුවන් . මට මැරෙනකම් මාක්ස්වාදියකු , නිර්ධනයෙකු විදිහට මගේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන මැරෙන්න පුලුවන්. ඒ හින්දා මාක්ස් වගේ දාර්ශනිකයන්ට ධනවාදය සම්බන්ධයෙන් පුරෝකතනය කරන්නත් පුලුවන් වුනා. ධනවාදය අභ්‍යන්තර වුනාට පස්සේ , ඒ කියන්නේ පශ්චාත්- ධනවාදය ඇතුලේ මේ ධනවාදයේ තිබුනු භෞතිකවාදී මානය නැතිවෙලා ගිහිල්ලා පාරභෞතික මානයකට අවතීර්ණ වෙනවා.

 

(මේක ටිකක් සංකීර්ණ කතාවක්, මේ වෙලාවේ තේරුම් කරන්න විදිහක් නෑ, පස්සේ ඒ ගැන ලියන්නම්. අවශ්‍ය කෙනෙකුට අපගේ ත්‍රිමාන වෙබ් - 3mana එකට ගිහිල්ලා කියවන්නත් පුලුවන්).

 

මේ ධනවාදයේ පාරභෞතික මානය නිසා ධනවාදය කියවා ගැනීමට සහ විවේචනය කිරීමට මීට පෙර යොදාගත් සියලු න්‍යායයන් සහ අදහස් යල්පැන යනවා.(මාක්ස් වාදය අලුතින් කියවා ගැනීමට අවශ්‍යයි කියන්නේ සහ පශ්චාත්- මාක්ස්වාදය අවශ්‍යයි කියන්නේ අන්න ඒ නිසා). මෙන්න මේ න්‍යායික ආස්ථානයේ ඉඳගෙන අපි මේ කියන කාරණාව ලංකාවේ අද පවතින් දේශපාලනය තුලින් තවදුරටත් අවබෝධ කර ගැනීමට බලමු.

 

 

-ජවිපෙට ධනවාදය අභිමුඛ වීම-

 

 

ජවිපෙ යනු අලුත් න්‍යායික කියවීමක් නැති, න්‍යායන් එතරම් විශ්වාස නොකරන, කැපකිරීම සහ බාහු බලය මත වැඩි විශ්වාසයක් තබා බලය ලබා ගැනීම වෙනුවෙන් වැඩ කරන දේශපාලන කණ්ඩායමක්. ඔවුන් හිතාගෙන ඉන්නේ බලය ගත්තට පස්සේ ධනවාදය මට්ටු කරන හැටි ඔවුන් හොදින් දන්නවා කියාය.

 

 

මම කලින් කිව්වා අද තියෙන්නේ අභ්‍යන්තරීකරනය – internalize- වෙච්ච ධනවාදයක් කියලා. සරලව කිව්වොත් අපි සියලු දෙනාම ඉන්නේ ධනවාදය ඇතුලේ. ධනවාදයට එළියේ කවුරුත් නැහැ.

 

 

ජේවීපීය කිව්වා පාර්ලිමේන්තුවේ හිටපු 223 ම හොරු හැබැයි අපි හොරු නෙමෙයි,  නියම ශුද්ධ වන්තයෝ කියලා. අනිත් ඔක්කොම මෝඩයෝ, දූශිතයෝ,සහ නූගත්තු කියලා. අපේ ළඟ ඉන්නේ ධනවාදයේ අගති කිසිවක් නැති, නියම බුලට් ටිකක් කියලා. ජහමනයාගෙන් ඉල්ලුවේ පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඡන්දේ දෙන්න කියලා. අපේ ඉන්න සුපුරි බුලට් වලින් පාර්ලිමේන්තුවම පුරවන්න කියලා. ලංකාවේ ඉන්න ඉතාම බුද්දිමත් ජහමනයා ටක්කෙටම ඒ අය කියපු වැඩේ කරා, කිසිදු මදි පාඩුවක් නැතිව.

 

 

මාලිමාවේ ඉන්න අය ධනවාදී අගතිවලින් තොර ධනවාදයට පිටතින් ඉන්න පිරිසක් කියලා හිතාගෙන හිටියට ඒ ගොල්ලෝ දන්නේ නෑ ඒ ගොල්ලන්ගේ අභ්‍යන්තරය පිරිලා තියෙන්නෙත් ධනවාදයෙන් බව. ධනවාදය විසින් අපේ අභ්‍යන්තරය තුල අවිංඥානිකව ගොඩනගලා තියෙන ආචාර්ය මහාචාර්ය වරුන්ගේ සිවිල් බලය ට තියෙන ආශාව, ධනයට තියෙන ආශාව, බටහිර, සුදු හමට ඇති ආශාව කිසි අඩුවක් නැතිව මාලිමාවේ කෑගහන අය ඇතුලෙත් තියෙන බව.[fantasies]

 

 

මාලිමාවේ අය කිව්වේ අපි ඇවිල්ලා ධනවාදය විසින් ඇති කරලා තියෙන සියලුම අගති අයින් කරලා නියම ධනවාදයක් බිහි කරනවා කියලා. දැන් අපිට පේනවා අනුර කුමාර දඟලන දැගලිල්ලෙන් එහෙම අතින් අල්ලලා තමන්ට ඕන විදිහට හසුරුවන්න පුලුවන් ධනවාදයක් නැති බව. ඒ වෙනුවට නොපෙනෙන ධනවාදය විසින් අනුර කුමාරලව ලස්සනට හසුරුවන බව. මේක අනුර කුමාරලගේ ප්‍රශ්නයක් නෙමෙයි, ඒක තමයි පශ්චාත්- ධනවාදයේ හැටි. ඒක පාලනය වෙන්නේ ස්වයංව, ඒක පේන්නේ නෑ virtual. ධනවාදය පාලනය කිරීමේ මැෂින් එක තියෙන්නේ අපේ ඇතුලේ, එළියේ කොහේ හරි තැනක නෙමෙයි, අනුර කුමාර දන්නේ නැති වුනාට ධනවාදය තියෙන්නේ අනුර කුමාරගේ ඇතුලේ, ඔහු සවිංඥානිකව, සබුද්ධික මනසකින් ක්‍රියාත්මක වෙලා සමාජවාදී ජාතික ආර්ථිකයක් හදනවා කිව්වට ක්‍රියාත්මක වෙන්නේ සමාජවාදී සංකල්ප නොව ලිබරල් ධනවාදයයි. ඔහු කරන්නේ සමාජවාදය යැයි සිතමින් ධනවාදය ක්‍රියාත්මක කිරීමය. ඒ ධනවාදයේ හැටිය. අනුර කුමාරලා සබුද්ධික තලයක සමාජවාදය විශ්වාස කලද අවිංඥානිකව ආශා කරන්නේ ධනවාදයටය, එබැවින් ක්‍රියාත්මක කරන්නේ ධනවාදයයි.

 

(අනුර කුමාර ඇතුළු මාලිමාව මාක්ස් වාදයක් හෝ සමාජවාදයක් ඇති කරනවා යැයි ප්‍රකාශ කලේ නැති බව ඇත්තකි. නමුත් මොවුන් මාක්ස් වාදීන් නොවන බව කියන්නේද නැත. මාක්ස් වාදීන් දැයි ඇසූ විට ඔළුව වනයි.)

 


මාලිමාවේ අය විසින් ජුලී චැන්ග්, IMF නියෝජිතයන් හමුවීමෙන් පසු සුරතාන්තයට පත් වන්නේත්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ මහ බැංකු අධිපති ආරක්ෂා කරගෙන සිටින්නේත් ඔවුන් තුල ධනවාදයට ඇති ආශාව නිසාය. අනුර කුමාරට අවශ්‍ය වාමාංශික අර්ථයකින් සමාජය වෙනස් කිරීම නොව රනිල්ට වඩා හොඳ රනිල් කෙනෙකු බවට පත් වීමය. අනුර කුමාරගේ අවිංඥානික ආශාව ලෙනින් වීමට නොව වඩා හොඳ රනිල් කෙනෙකු වීමටය.

 

මාලිමාව විසින් මෙවර මැතිවරණ තුල උගත්කම සහ සුපිරිසිදුකම උත්කර්ෂ යට ගෙනාවේය. අපිට තරම් උපාධි,ආචාර්ය, මහාචාර්ය පට්ටම් ඇත්තවුන් කිසිවෙකුටත් නැති බවට පාරම්බෑවේය. සැබෑ වාමාංශිකයන් විසින් තඹ සතේකට මායිම් නොකල යුතු ධනවාදය විසින් ඇති කරන ලද ආචාර්ය මහාචාර්ය ආදී සිවිල් වටිනාකම් මාලිමාව විසින් ජනතාව නොමග යැවීමට තොරොම්බල් කරන ලදි.

 


මාලිමාව යනු සැබෑ වාමාංශික සංවිධානයක් නොවේ, එබැවින් එහි සියලු දෙනාම ධනවාදය තුල ගිලුනු, මතු පිටින් පමනක් ධනවාදයට ගරහන, එහෙත් ‍රහසින් සියලු සැප සම්පත් සහ සිවිල් අනන්‍යතාවලට වශීවූ, ඒ හරහා සමාජ බලය ලබා ගැනීමට වලිකන අසරණයන් පිරිසකි.

 

 

මොවුන් ජීවත්වන ධනවාදී සමාජය තුල තමන්ගේ මෙම අගතීන් හංගාගෙන සිටීමට කොතෙක් සිතා සිටියද, ධනවාදය එයට ඉඩ දෙන්නේ නැත. ඔවුන්ට නොදැනීම ඔවුන්ගේ අභ්‍යන්තරයට අවිංඥානිකව ඇතුළු වී, ඔවුන්ටද හොරෙන් ධනවාදය විසින් විනාශ කර ඇති ඔවුන්ගේ ආත්මය විටින් විට එලියට ඇද දමා ඔවුන්ව නිරුවත් කරයි. අශෝක රංවල යනු එහි එක් ප්‍රකාශනයකි. වාමාංශික දේශපාලන නිසා රංවලට උපාධිය නැති වූවා විය හැකිය, දේශපාලන වැඩ නිසා පශ්චාත් උපාධියද ලබා ගත නොහැකි වූවා විය හැකිය. ඔහු සැබෑ වාමාංශිකයෙක් නොවන බැවින් ධනවාදී සමාජ කතිකාව මගින් “උගතා” යන්නට ලබාදී ඇති සිවිල් බලයට ඔහු ගොදුරු වී ඇත. ඔහුගේ අවිංඥානික ආශාව යනු එම සිවිල් බලය ලබා ගැනීමයි. සැබෑ ලෙස බැරිනම් වංචනික ලෙස හෝ එම බලය ලබා ගන්නට ඔහුට බල කෙරී ඇත. ඔහු සිදුකර ඇත්තේ ඔහුගේ එම අභ්‍යන්තර ආශාව ඉටු කර ගැනීමයි.වාමාංශිකයෙකු තුල තිබුය යුතු නිර්ව්‍යාජ භාවය ඉක්මවාගොස් ධනවාදී සිවිල් අනන්‍යතාවය ඔහුව ගිලගෙන ඇත. වංචනිකව ආචාර්ය පට්ටමක් ඇති බව කියන්නේ රංවල නොව ඔහු තුල ක්‍රියාත්මක වන ධනවාදී ආත්මයයි. එය නතර කරන්නට රංවලට නොහැකිය.

 

 

දීප්තිගේ ජනප්‍රිය උදාහරණයක් වන නිධානය චිත්‍රපටයේ විලී අබේනායක පවසන පරිදි, “ඒ මිනීමරුවා මා නොව මා තුල සිටි යක්ශයෙකි “ යන්න ප්‍රකාශ කරන විලී අබේනායක නැමති චරිතයට රංවලද සමානය. අපට කියන්නට ඇත්තේ මෙම වංචනික ක්‍රියාව කර ඇත්තේ අශෝක රංවල නොව, ඔහු තුල සැඟවී සිටි ධනවාදී යක්ෂයාය. සිවිල් බලයක් ලබා දෙන “ආචාර්ය” නැමති සිවිල් අනන්‍යතාවයට ඔහුව ගැට ගසන්නේ එම ධනවාදී ආශාවයි.

 

 

පශ්චාත් ධනවාදී සමාජයක අප සියලු දෙනා ධනවාදයට ගැටගැසෙන්නේ සහ බැදෙන්නේ අභ්‍යන්තරිකව යැයි කියන්නේ මේ නිසාය.[By Concepts] මෙය පරාජය කල හැක්කේ මෙම සත්‍ය තේරුම් ගත් සැබෑ වාමාංශිකයන්ට මිස රංවල වැනි සුළු ධනේශ්වර අනන්‍යතා අර්බුද වලින් පිරුනු මාලිමාවන්ට නොවේ. මාලිමාව පිරී ඇත්තේ රංවල වැනි අයගෙන් බැවින් ඉදිරියේදී මෙවැනි උදාහරණ ඕනෑ තරම් ලැබෙනු ඇත.
මෙම සත්‍ය න්‍යායිකව ඉදිරිපත් කරන්නේ ‘සමබිම පක්ෂයේ’ අප පමණි.

 


නව ධනවාදය විසින් කිසිදු ශුද්ධ වන්තයෙකු ඉතිරි කර නැත. අප ඒ බව න්‍යායිකව තේරුම් ගෙන නැත. එබැවින් මාලිමාවේ අනුර කුමාරලා මෙන් අපි ශුද්ධ වන්තයෝ යැයි කියමින් අන් අයට ගරහන්නේ නැත, සියලු දෙනා පව්කාරයෝය, හැමෝගේම අත් වල මඩ තැවරී ඇත, සියලු දෙනාම ධනවාදයේ ගොදුරු බවට පත්වී ඇති බව අපි හොදින්ම දන්නෙමු. තවදුරටත් සමාජය යහපත් කරන්නට ශුද්ධ වන්තයන් සෙවීම නතර කල යුතුව ඇත. සමාජය වෙනස් කරන්න පුලුවන් වෙන්නේ බොරු ශුද්ධ වන්තයන්ට නොව, තමනුත් අශුද්ධ බව තේරුම් ගත් නිදහස් පුරවැසියන්ට විතරයි.අපි පෙනී ඉන්නේ එවැනි වැඩ පිලිවෙලක් වෙනුවෙනි.

 

 

එන්න අපි සියලු දෙනා එකතු වී සමාජය වෙනස් කරමු!

 

@චන්දන රණසිංහ

– සම්බිම පක්ශය-

උපුටාගැනීම - 3mana.com

නවතම ලිපි

2

Grand welcome...