ඊශ්‍රයාල ජාතිකයින් දකුණු ලෙබනනය ආක්‍රමණය කලේ මීට මාස දෙකකට පමණ පෙරාතුවයි.
ඒ ආක්‍රමණයේදී දකුණු ලෙබනනයේ ජනතාව උතුරට පලාගියා.
දකුණු ලෙබනනය තුල ස්ථාපිත සාම සාධක හමුදා මෙන්ම ලෙබනන හමුදාවනුත් උතුරු දෙසට පසුබැස ගිය අතර අවසානයේදී දකුණු ලෙබනනය තුල ඊශ්‍රයාල හමුදාවන් සමග සටනට ඉතිරි වූයේ හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම පමණයි.
මාස දෙකක පමණ යුද්ධයෙන් පසු එම ප්‍රදේශයෙ බලය යම් තරමක් තහවුරු කරගත් ඊශ්‍රයාල හමුදාවන් නැවතත් ඊශ්‍රයාලය දෙසට පැමිණි අතර ගැටුම් නිමාවීම නිසා නැවතත් එම ප්‍රදේශවලින් පලාගිය ජනතාව එම ප්‍රදේශයට ඒමට සූදානම්ව සිටියා.
නමුත් එම ප්‍රදේශ තම බලපෑම යටතේ "බෆර් සෝන්" එකක් ලෙස පවත්වාගැනීමට අවශ්‍ය වූ ඊශ්‍රයාල හමුදා දේශසීමා සමීප එම ප්‍රදේශයේ තීරූවකට "සුදු පොස්පරස්" නමැති රසායනික විදීම සිදුකරනවා.
එමගින් ඔවුන් බලාපොරොත්තු වන්නෙ තම දේශසීමාවෙන් එපිට ඊට යාබද ලෙබනන භූමීය කිසිදු මානව ක්‍රියාකාරකමක් රහිත නිසරු බිමක් ලෙසට පත්කිරීමයි.
මීට පෙර ඔවුන් තම දේශසීමාවකට යාබද සිරියාවට අයත් ගෝලාන් කදුකරයේද එලෙසම සිදුකරනු ලැබුවා. ගෝලාන් කදුකරයේ "බෆර් සෝන්" හෙවත් සටන් රහිත කිසිවෙකුට රැදිසීටිය නොහැකි යුධ මුක්ත කලාපයක් නිර්මාණය කරගනු ලැබුවේ එලෙසයි.
" බෆර් සෝන් "
යම් භූමීන් දෙකක් අතර ජීවයෙන් තොර හෝ ක්‍රියාකාරකම්වලින් තොර කලාපයක් "බෆර් සෝන්" එකක් ලෙස හදුන්වනවා.
රටවල් දෙකක් අතරනම් මෙය යුධ මුක්ත කලාපයක් ලෙස භාවීත කරනවා.
සමහරක් බෆර් සෝන් ස්වභාවික බෆර් සෝන් වන අතර ඒවා කටුකැලෑ බිම් හෝ මිනිස් ක්‍රියාකාරකම් සිදුකිරීමට අපහසු වගුරු වැනි බිම් ලෙස පවතිනවා.
ස්වභාවික බෆර් සෝන් නොමැති ප්‍රදේශවල සුදු පොස්පරස් වැනි රසායනික ද්‍රව්‍ය ඉසීමෙන් කෲතීම බෆර් සෝන් නිර්මාණය කිරීම ඊශ්‍රයාලය වැනි ජාතීන් විසින් සිදුකරනවා.
සුදු පොස්පරස් ප්‍රහාර
සුදු පොස්පරස් යනු හානීකර රසායනික ද්‍රව්‍යයක්. එමගින් මිනිස් සිරුර තුල පිලිස්සීම් වැනි තුවාල සිදුවීමෙන් දැඩි හානී සිදුවන අතර ජීවීත හානී සිදුවිය හැකියි.
සුදු පොස්පරස් ඉසින ලද බිමක වෘක්ෂලතා දැඩි ලෙස වියළි මියයයි. එමෙන්ම නැවත වෘක්ෂලතා වැඩීමක් හෝ පැලවීමක් සිදුනොවේ.
සුදු පොස්පරස් ඉසින ලද බිමක වගාවන් සිදුකිරීම හෝ ජීවත්වීම සිදුකල නොහැකියි.
92000 ක ජීවීත අවතැන් කල ඊශ්‍රයාල යක්ෂ පාලකයින්
දකුණු ලෙබනනයේ මෙම ප්‍රදේශවලින් යුද්ධය අවස්ථාවේ පලාගිය සිවිල් වැසියන් ගණන 92000 ක් පමණ බව අල් ජසීරා වැනි ජාත්‍යන්තර මාධ්‍යය මගින් වාර්ථා කරන අතර දැන් ඔවුන් තම නිවස්න වෙත පැමිණීමට සූදානමින් විවිධ සරණාගත කදවුරුවල රැදී සිටියි.
ඊශ්‍රයාලය මේ ලෙස එම භූමීවල කරනු ලබන ජෛව සංහාරය මගින් එම ප්‍රදේශවලට යළි පැමිනීමට බලා සිටින ලෙබනන සිවිල් වැසියන් 92000 කගේම ජීවිතවල ඉරණම කෙසේ වේවිද ?
ඊශ්‍රයාලය විසින් මෙම සුදු පොස්පරස් හෙලීම පිළිබද ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ආදීය යම් ප්‍රකාශ කිහිපයක් සිදුකර තිබුණද , ඒවායෙන් විනාශ නවත්වාලිය නොහැකියි.