අද ලෝක කඳුකර දිනය. හැබැයි ඇත්තටම අපිට දැන් තියෙන කඳුකරේ
බලාගන්න වෙන්නෙ නැහැ ඉදිරියෙදි අපේම කල්ක්රියාවන් නිසා.
මීට අවුරුදු ගාණක් පස්සට ගියොත් අපි ෆීල්ඩ් ගියපු කඳුකර කලාප සෑහෙන්න වෙනස් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට කදුකරේ තිබුනු කුඩා වනාන්තර පද්ධති ක්‍රමයෙන් මිනිස් ක්‍රියාකාරකම් වලට නතු වෙලා ක්ෂය වෙලා ගියා. කඳුකරය ආශ්‍රිතව තිබුනු තෘණ සහිත බිම් විවිධාකාරයෙන් විනාශ වෙලා ගියා. ඒ තණකොල වලට ආක්‍රමණය විශේෂ එකතු වෙලා තිබ්බ සත්‍ය තෘණ (True Grass) නැති වෙලා ගියා. ඉහල කදුකරේ වනාන්තර වල තිබුනු ගස් සෑහෙන්න මැරිල ගියා. ඒක හොදට බලාගන්න පුලුවන් තැනක් තමයි හෝටන්තැන්න කියන්නෙ (Forest Dieback). දේශගුණික අස්ථාවරත්වය හා විපර්යාසයන් නිසා ලෝක උරුමයක් විදිහට පවා නම් වූ හෝටන්තැන්න, නකල්ස් හා ශ්‍රී පාද රක්ෂිත මුල් වූ ලංකාවෙ මධ්‍ය කදුකරේ සීඝ්රයෙන් විවිධ බලපෑම් වලට නතු උනා.
ඉහල කඳු, උප කඳුකර ඇතුලුත් මීටර් 300 න් එහාට තියෙන කඳු පන්ති තමයි වතුර නැති කාලෙට ලංකාවෙ බොහොමයක් ප්‍රදේශය වලට වතුර බෙදා හරින්නෙ. මොකද මේ කදු පන්ති වැස්සෙන් වැටෙන වතුර එකතු කරගෙන, ඒවා රැස් කොට තබාගෙන ස්වාභාවික ජල මාර්ග ඔස්සෙ බෙදා හැරීම සිදු කරනවා. ඒ නිසයි කදු වලට Water Towers කියල කියන්නෙ අපි පරිසර විද්‍යාව ඇතුලෙ.
නමුත් කණගාටුවට කරුණ තමයි අද වෙද්දි වැස්සක් වැහැල සතියකින් දෙකකින් කදුකරේ සමහර පැති වලටත් බොන්න වතුර ටික නැතුව යනවා. එහෙම ප්‍රදේශ තියෙනවා කදුකරෙත්. ඒ වගේම පරිසිදු ජල දුර්ග, ජල පහරවල් දකින්න නොලැබෙන තරම්. කදුකර වනාන්තර ආශ්‍රිතව ඉන්න සත්තු බොහෝ විට පිරිසිදු ජලය තමයි පරිභෝජනය කරන්නෙ. අද වෙද්දි උන්ටත් වතුර නැහැ.
මිනිස්සුන්ටත් නැහැ. වනජීවින් අවශ්‍ය කරන ආහාර, විශේෂයෙන් ශාක භක්ෂකයින්ට අවශ්‍ය කරන ගඩාගෙඩි හැදෙන ගස් කදුකරේ අඩු වේගෙන යන්නෙ. මේ නිසා සතුන්ගෙ චර්යාවන් විකෘති වෙලා තියෙනවා (Mutated Behaviors). ඒ අස්සෙ විවිධාකාර ආක්රමණික ශාක විශේෂ කදුකරය ආශ්‍රිතව පැතිරීගෙන යනවා. කදුකර කලාපයන්ට සීමා උන ලංකාවට ආවේණික උභයජීවීන්, උරගයින්, කෘමි විශේෂ වඳ වෙමින් යනවා. ඒ අතරෙම අක්‍රමවත් සංවර්ධනය, අක්‍රමවත් භූමි කලමණාකාරය නිසා කදුකරය ටිකෙන් ටික විනාශ වෙමින් යනවා.
අපි රිලව් පස්සෙන් එලවනවා. නමුත් තාම ලංකාවෙ බහුතරයක් තේරුම් ගන්නෙ නැත්තෙ ලංකාව තියෙන්නෙ පාරිසරික ගිනි කන්දක් උඩ කියල. මේක ටික ටික සක්‍රීය වෙමින් යනවා. අපි උදාසීනව විසඳුම් ගන්න කටයුතු කරනවා. කවදා හරි මේක පිපිරුනු දවසට, අපිට ආයෙ හැරෙන්න වෙන්නෙ නැහැ.
අපි තාම පරිසර ප්‍රශ්න අතනින් මෙතනින් අල්ලගෙන කුලල් කාගන්නවා.
කඳුකර කලාප කියන්නෙ ලංකාවෙ හදවත. ඒ හදවත නැවතුනු දාක ලංකාවෙ කතන්දරේ අහවර වෙනවා.
එතකම් හැම කකුළුවෙක්ටම පුලුවන් නටන හැටියේ බාල් නට නටා විනෝද වෙන්න!