දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිමේ හැර
ඉතිරි තරග ඉනිම් වලදී තම කණ්ඩායමේ පිතිකරුවන් ඇතුළු අනෙකුත් ක්‍රීඩකයන් පිරිස හොඳින් ක්‍රීඩා කළ බව, ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා පසුගිය 11දා උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී පැවසීය.
ඔහු එසේ පැවසුවේ ජාත්‍යන්තර ටෙස්ට් තරගාවලිය යටතේ, දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියට සහභාගි වී ආපසු මෙරටට පැමිණීම සඳහා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි අවස්ථාවේ දීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධනංජය ද සිල්වා, දකුණු අප්‍රිකාවේ පැවති දුෂ්කර තත්ත්වයන් යටතේ තම කණ්ඩායම මෙම තරගාවලියට ක්‍රීඩා කළ බවත්, තවමත් අපට ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකි බවත් ප්‍රකාශ කළේය.
ඒ සඳහා ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත, ටෙස්ට් තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – ඕස්ටේ්රලියා තරගාවලිය පිළිබඳ, තමන් දැඩි බලාපොරොත්තු තබා ගෙන ඇති බව ද පැවසීය.
@කටුනායක ටී. කේ. ජී. කපිල