SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීම සඳහා කටයුතු කිරීමෙන් අයුතු ලාභයක්

උපයා ගැනීමට කටයුතු කරමින් ඇති බව ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.

 

 

එහි කැඳවුම්කරු ආනන්ද පාලිත කියා සිටින්නේ ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත ස්වර්ණ නාඩු කිලෝවක් කොළඹ වරායට ගොඩ බාන්නේ කිලෝවක් රුපියල් 110 ට බවයි.

 

 

රුපියල් 110ක මිලට කොළඹ වරායෙන් ගොඩ බාන සහල් කිලෝවක් 220ක මිලට සිල්ලර වෙළඳ පොළට නිකුත් කෙරෙන  ආකාරය රජය ජනතාවට පැහැදිලි කළ යුතු බවද ඔහු පවසයි.

 

 

මෙට්‍රික් ටොන් හැත්තෑ දහසක් මෙරට ගෙන ආවොත් ඒ හරහා කොමිස් කුට්ටිය කෝටි හත්සිය හැත්තෑවක් බවද හෙතෙම කියා සිටියේය.

 

හෙතෙම කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

 

මේ අතර දේශීය සහල් වර්ග සඳහා උපරිම සිල්ලර සහ තොග මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් ගැසට් නිවේදනය (2414/02) ඊයේ නිකුත් කරන ලදී.

 

ඒ අනුව ඊයේ (9) සිට මෙම මිල ගණන් ක්‍රියාත්මක විය.

 

රයිස් ගැ සට්

රයිස් ගැ සට් 2

 

ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමඟ කිසිදු නිෂ්පාදකයෙකුට, නිෂ්පාදකයෙකුට, සැපයුම්කරුවෙකුට, බෙදාහරින්නෙකුට හෝ වෙළෙන්දෙකුට පහත ලැයිස්තුගත කර ඇති දේශීය සහල් වර්ග නියමිත උපරිමයට වඩා වැඩි මිලකට විකිණීමට, සැපයීමට, ප්‍රදර්ශනය කිරීමට හෝ විකිණීමට ඉදිරිපත් නොකළ යුතු බව CAA නියෝග කර ඇත.

 

කෙසේ වුවද මෙම උපරිම සිල්ලර මිල නියම කිරීම සහ ඒය සිදුවූ ආකාරය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ රජයට එරෙහිව දැඩි විවේචන එල්ල වෙමින් පවතී.