නාමයෝජනා සකස් කිරීම, කාන්තා නියෝජනය, මන්ත්‍රීවරුන් තෝරාගන්නා ආකාරය,
ආදායම් වියදම් වාර්තා සැකසීම ආදී පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලියට අදාළ කරුණු සාකච්ඡා කරන වැඩමුළුව ඊයේ (07) පෙරවරුවේ එක්සත් ජනරජ පෙරමුණු ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ.
මෙහි සම්පත් දායකත්වය ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්යක්ෂ මංජුල ගජනායක සහ විශ්‍රාමික පළාත් පාලන කොමසාරිස් ධර්මසිරි නානායක්කාර විසින් දරන ලදී.
එක්සත් ජනරජ පෙරමුණේ පළාත් පාලන අනුකමිටුව විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව සඳහා පක්ෂ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, පක්ෂයේ මහ ලේකම් බන්දුල චන්ද්‍රසේකර ප්රමුඛ එක්සත් ජනරජ පෙරමුණේ නායකයින් සහ පාක්ෂිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.