එජාප නියෝජ්‍ය නායකයෙකු වන රවි කරුණානායක
අපූරු දේශපාලන ගේමක් ගසා තිබේ.
පසුගිය මැතිවරණයේ දී ඔහු කොළඹ දිස්ත්‍රික්කයට සිලින්ඩරයෙන් ඉල්ලූ නමුත් සිලින්ඩරයට කොළඹින් සළු වීමට අවශ්‍ය 5% නොලැබීම නිසා කිසිවෙකු පත් නොවී පරාජයට පත් විය. නමුත් අද ඔහු සිය නම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නීත්‍යාණුකූලව මැතිවරණ කොමිසම මගින් ගැසට්ටුවකට දමාගෙන තිබේ. එය අපූරු ගේමකි.
එජාප අවුලේ පසුබිම..
රනිල් නායකත්වය දුන් සිලින්ඩරය හෙවත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයේ ලේකම් වූයේ දිගු කලක් තිස්සේ රවි කරුණානායකට හිතවත් ෂර්මිලා පෙරේරා ය. සියළු නාමයෝජනා ලැයිස්තුවලට අත්සන් තබා තිබුනේ ද ඇය විසිනි. සිලින්ඩරයට එජාපයේ අය ද, පොහොට්ටුවේ රාජපක්ෂලා ගෙන් ඉවත් වූ අය ද, ශ්‍රීලනිපයේ අයද එක්ව සිටියහ. සිලින්ඩරයෙන් ජය ගත්තේ තිදෙනෙකු පමණි. ඉන් දෙදෙනෙක් හිටපු පොහොට්ටුවන් වූ අතර අනෙක් තැනැත්තා හිටපු ශ්‍රීලනිපයේ අයෙකි. රනිල් නායකත්වය දුන්න ද එජාපයෙන් කිසිවෙකු පත් වූයේ නැත. එජාප අලියාගෙන් ඉල්ලා එක් මන්ත්‍රීධූරයක් ලැබුණු නමුත් ඒ ජීවන් තොන්ඩමන් එජාප පාක්ෂිකයෙකු නොවේ. රනිල් ප්රමුඛ එජාපයට හුළං ය.
නමුත් අනුපාත ක්‍රමය අනුව සිලින්ඩරයට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර දෙකක් හිමි විය. ඒ අනුව ඒ ධූර දෙකට එජාපයේ අය කුලල් කා ගනිමින් සිටියහ. රනිල් මාන බැලුවේ මේ තනතුරු දෙකට සිය ඥාතියා වූ රුවන් විජේවර්ධන සහ සිය සමරිසි සගයා වූ සාගල රත්නායක පත් කිරීමට ය. කෙසේ නමුත් රවි කරුණානායකට හිතවත් ෂර්මිලා පෙරේරා නම් සිලින්ඩරයේ ලේකම්වරිය ද ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් ඉල්ලා තරඟයට පැමිණියා ය.
රනිල්ට තරු පෙණින...
සිදුවීම් පසුගිය දින කිහිපයේ ගලා යද්දී රවි කරුණානායක කෙළේ රහසේම සිය හිතවතිය යොදා ගනිමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස රවි කරුණානායක පත් කරන බවට ලිපියක් ෂර්මිලාගේ අත්සනින් මැතිවරණ කොමිසමට යැවීමයි. (එම ලිපිය මෙහි දැක්වේ) එය පිළිගත් කොමිසම රවි කරුණානායක ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු බව සඳහන් නිල ගැසට් නිවේදනය අද නිකුත් කළේ ය. රනිල්ගේ කල්ලියට තරු පෙනුනේ එවිට ය. ඒ පිළිබඳ එජාප පක්ෂ සභාපති පරාජිත වජිර අබේවර්ධන මාධ්‍ය හමුවක් කැඳවමින් රවිගේ පත් වීම එජාපයේ ව්‍යවස්ථාවට පටහැනි බවත් එය එජාපය දැනුවත්ව කළ පත් කිරීමක් නොවන බවත් ප්‍රකාශ කෙළේ ය.
කොට වජිරගේ තර්කය කිසිදු නීත්‍යානුකූල පදනමක් නැති තර්කයකි. ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර දෙක හිමි එජාපයට නොව සිලින්ඩරය ලකුණින් තරඟ කළ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ ට ය. අනෙක් අතට රවි කරුණානායක ද එජාප නියෝජ්‍ය නායකයෙකු බැවින් කොට වජිරට මාධ්‍ය හමු තබමින් වැළලෙන්නට තරම් දෙයක් ද නැත.
රනිල් රවිට කොකා පෙන්වීමට එකට එක කිරීමක්
රවි රනිල්ට කොකා පෙන්වූයේ සමහර විට වරෙක රනිල් රවිට කොකා පෙන්වීමට එකට එක කිරීමක් ලෙස විය හැකිය. ඒ සිද්ධියද සටහන් කර තබමු.
යහපාලන ආණ්ඩුව ආ සැනින් සිදුකළ බැඳුම්කර මගඩියේ මහ මොළ කාරයා රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ආරාධනයෙන් සිංගප්පූරුවේ සිට පැමිණ මහබැංකු අධිපති ලෙස පත් කළ රනිල්ගේ තවත් සමරිසි කල්ලි සගයෙකු වූ අර්ජුන් මහේන්ද්‍රන් ය. ඒ ආණ්ඩුවේ රවි කරුණානායක, නමට මුදල් ඇමැති වුන ද, බැඳුම්කර මගඩියට අදාල ආයතනයන් වන මහා භාණ්ඩාගාරය හෝ මහ බැංකුව හෝ වානිජ බැංකු හෝ රවි කරුණානායකට අයත් නොවීය. මහා භාණ්ඩාගාරය සහ මහ බැංකුව රනිල් යටතේ පැවැති අතර වානිජ බැංකු තිබුනේ කබීර් හෂීම් යටතේ ය.
රවීගේ නිවසට මහ රෑ පැමිණි රනිල්..
බැඳුම්කර මගඩිය ගැන කරුණු හෙළිදරව් වෙමින් යද්දී රනිල් ට ඇඟිල්ල දිගු වෙද්දී රවි කරුණානායකගේ නිවසට මහ රෑක පැමිණි රනිල් ඉල්ලා සිටියේ පක්ෂය වෙනුවෙන් මුදල් ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වන ලෙසයි. රවිගේ හිතවතුන් ඉල්ලා අස්නොවන ලෙසත් ඉල්ලා අස්වුනොත් තමන් නිකම්ම වගකීම බාරගත්තා වන බවටත් උපදෙස් දුන් නමුත් තමන්ට කිසිදු වගවීමක් නොතිබුනේ වීත් පසුදා කඳුළු පෙරමින් රවි කරුණානායක මුදල් ඇමැතිධූරයෙන් ඉල්ලා අස් විය. රනිල්ගේ ඇඟේ තැවරී තිබූ කුණු සියල්ල රවි ගේ පිටින් ගියේ ය.
මෙදා රවි රනිල්ට කොකා පෙන්වූයේ සමහර විට එදා රනිල් රවිට කොකා පෙන්වීමට එකට එක කිරීමක් ලෙස විය හැකිය. ගෑස් සිලිඩර් පුපුරාවි යැයි රනිල් අන් අය බිය කළ ද අවසානයේ ගෑස් සිලින්ඩරය පුපුරා ගියේ රනිල්ගේ දෙපරහැන්ද අස්සේ ය. රනිල් මහා කපටි නරියෙකු යැයි කියන කතාව පට්ට පල් බේගලයක් බව රවී කරුණානායක සහ ෂර්මිලා පෙරේරා අද පෙන්වා දී තිබේ.
-මාණ්ඩලික වාර්තාකරුවෙකු විසිනි
උපුටාගැනීම - ලංකා ඊ නිවුස්