සාමාන්‍යයෙන් අපේ සමාජයේ නරක වැඩක් කලොත් කියන්නෙ..
ඒකනම් බලු වැඩක්, මිනිහ කලේ මහ බලු වැඩක්, බල්ලෙක් වෙන්න එපා, වගේ අවුල් කතාවක්.
අද අපි මේ කියන්න යන්නෙ බල්ලෙක් ගැනවත්, බලු වැඩක් ගැනවත් නෙවෙයි...බලු දොස්තර කෙනෙක් ගැන.
ඇත්තටම බලු දොස්තර කෙනෙක් කීවට මෙයා වැඩිපුර බලන්නෙ අලි.
හැබැයි ඔිනම සතෙකුට මේ හිතහොඳ දොස්තර අවශ්‍ය වෙනව, පිහිට වෙනවලු.
මේ කියන්නෙ පශු වෛද්‍යවරයෙක් ගැන.
අද ලංකාවෙ සුරතල් සතුන් ඇති කිරීම විලාසිතාවකටත් එහා ගිය පවුල් ඇතුලෙ අනීවාර්යය අංගයක් වෙලා තියෙන්නෙ.
අලුත් පරම්පරාව විවාහ වෙන්නෙත් අඩුවෙන්.. විවාහ උනත් ළමයි හදන්න උත්සාහ කරන්නෙ හරිම අඩුවෙන්. හැබැයි එයාල අනිවාර්යයෙන්ම බලුලෙක්, පූසෙක් හෝ මොනවිදියෙ හරි සුරතල් සතෙක් ඇති දැඩි කරනවා.
ඒක වෙනම සමාජීය කතාබහක් නිසා අපි අපේ අද දවසෙ අපේ කතානායක වෙත හැරෙමු.
ඒ තමයි පශු වෛද්‍ය තරිඳු චින්තන විජේකෝන්.
කුරුණෑගල මලියදේවයෙ පාසැල් අධ්‍යාපනයෙන් පස්සෙ තරිඳු පශු වෛද්‍ය උපාධිය ගන්නෙ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන්.
ඔහු ශ්‍රී දළදා මාලිගාවේ පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙක් විදිහට වැඩ කරනවා.
ඒ අතරම තමයි ඔහු කුරුණෑගල සුප්‍රසිද්ධ සත්ව රෝහලක් වුනු VET CARE Animal Hospital එකේ ආරම්භකයා වෙන්නෙ.
මේ තරුණ වෛද්‍යවරයාගේ අතට යන මරණාසන්න සතුන් දහස් ගානක් ගෙ ජීවිත බේරල තියෙනව කියලයි එයා වටේ ඉන්න සහ එයාගෙන් උපකාර ලබපු අයනම් කියන්නෙ.
අපි ඉදිරියේදී අපේ බලු දොස්තරගෙ අතින් ජීවිත බේරුනු අය ගැන වැඩි දුර කතාකරමු.
මේ වෛද්‍ය තරිඳු ගැන එක්තරා සටහනක්...
මිනිස්සු වෙන කෙනෙක් ගේ දෙයක් වෙනුවෙන් ඇප කැපවීමක් තියෙන්නේ ගොඩක් කලාතුරකින්. ඒ අතින් බලද්දි ඩොක්ටර් Tharindu Chinthana Wijekoon දෙවිකෙනෙක්. මගේ බලු පැටියා මරනෙන් බේරලා සදාකාලික ඔත්පල වෙන එකෙන් බේරලා දුන්නට.
මගේ ගෙවල් හරියේ පාර කෙලින් තියෙන්නේ. වාහන නොසෑහෙන වේගෙනුත් යනව. ඉතින් මගේ බව්ව සෙල්ලම් කර කර ඉදල එකපාරටම පාරට යනකොටම වාහනේක හැපුනා. වෙලාව උදේ 5 ට වගේ ඇති. කරන්න දෙයක් නැති හින්දා මෙයාව පෙන්නන ඩොක්ටර් තරිදුට කෝල කලා. එවෙලෙන ආන්සර් කරල එවෙලෙම VET CARE Animal Hospital එකට අරන් එන්න කීවා.
අම්මෝ දෙවියො බැලුව වගේ. ආපු ගමන් තුවාල මහල කොන්ද කැඩුන එකට බේත් විදලා දවසම තියාගෙන බලල තමයි ගෙදර යැව්වේ.
ඒ අගෝස්තු මාසේ. මේ වෙනකන්ම physiotheraphyත් කරල දුන්නා. අනේ ඔත්පල වෙන්න හිටපු සතා දැන් ඇවිදිනවා.
ඩොක්ටර් ට ගොඩාක් ස්තූතියී මේ උදව්වට.
පාන්දර 1,2 වෙනකන් නුවර පෙරහැරේ ඩියුටි කරල ආපහු උදෙම වැඩට එනව කියන්නේ ඔයා නම් දෙවි කෙනෙක්ම තමයි.
# මතු සම්බන්ධයි