SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP)

එම පක්ෂය ලබාගනිමින් සිටින ආසන සංඛ්‍යාව අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට අපේක්ෂිත ය.

 

 

එසේ වුවහොත් සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ තනි පක්ෂයක් මෙම ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය වේ.

 

 

 

මේ වන විට ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ බහුතර බලය තහවුරු කර ගෙන ඇත.

 

 

අද උදෑසන 10.35 වන විට නිකුත් වී ඇති මැතිවරණයේ ප්‍රතිඵල අනුව ඡන්ද 6,842,223 ක් ලබා, ආසන 123 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවේ බහුතර බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත්වී ඇත.

 

 

සමගි ජන බලවේගය ඡන්ද 1,966,875 ක් ලබාගෙන ආසන 31 ක බලය මේ වන විට තහවුරුගෙන ඇති බව සඳහන් වේ.

 

 

එසේම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 493,359 ක් ලබාගෙන ආසන තුනක බලයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 350,287 ක් ලබා ආසන දෙකක් ලබාගෙන ඇත.