2024 මහ මැතිවරණය වෙනුවෙන්, දඹාන ආදිවාසී ගම්මානයේ දඹාන කනිෂ්ඨ විද්‍යාලයේ
ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය ආදිවාසී උප නායක ගුණ බන්ඩියලා ඇත්තන් ඇතුළු පවුලේ පිරිස ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී නැවත හැරී පැමිණි සිදුවීමක් පිළිබඳ වාර්තා වේ.
ඊට හේතු වී ඇත්තේ උප නායකයා ඇතුළු ආදීවාසි ජනතාවගේ සංස්කෘතියේ අනන්‍යතාවය වන “පොරව“ කරමත තබා ගනිමින් ජන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථාණයට පැමිණීමයි.
ඒ අනුව මධ්‍යස්ථාන භාරකාර නිළධාරියා ආදිවාසී උපනායකයාට ජන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී නැත.
ඒ හේතුවෙන් ගුණ බණ්ඩියා ඇතුළු පවුලේ සැම ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී, නැවත හැරී සිය නිවෙස් බලා ගොස් ඇත.
කෙසේ වුවද පසුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ආදිවාසි නායක විශ්වකීර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා “පොරව“ කර මත රඳවා ගනිමින් ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා ගොස් ඇති අතර, එම අවස්ථාවේදී කිසිදු ගැටළුවකින් තොරව ඔහුට ඡන්දය ප්‍රකාශ කිරිමට ඡන්ද මධ්‍යස්ථානාධිපති විසින් අවස්ථාව ලබා දී ඇත.
ඉන්පසු ආදිවාසී ඇතුළු පරපුරේ අනෙක් පිරිසටද කිසිදු ගැටළුවකින් තොරව පොරව කර මත තබා ගනිමින් ඡන්දය ප්‍රකාශ කිරිමට අවස්ථාව හිමිව තිබේ.
ආදිවාදී උපනායකතුමන් මුහුණ දුන් එම සිද්ධිය සම්බන්ධයෙන් ආදිවාසී නායකතුමන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළකරමින් කියා සිටියේ ආදිවාසීන්ගේ අයිතිවාසිකම් හා ආදිවාසී සංස්කෘතිය පිළිබඳ නොදන්නා මෙවන් නිලධාරීන් මෙවැනි සංස්කෘතියක් පවතින ගම්වල ඡන්ද මධ්‍යස්ථානවල රාජකාරී සඳහා දැමිමෙන් රජය වැළකී සිටිය යුතු බවයි.
එම සිද්ධිය පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කළ ආදිවාසි නායකතුමන්, ආදිවාසී සංස්කෘතික අංගයක් වන කර මත රැදි “පොරව“ සහිතව, විදෙස් සංචාර සේම, ගුවන් තොටුපලට, හා අධිකරණවලට යා හැකිනම්, ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා පමණක් ඡන්ද මධ්‍යස්ථානවලට යා නොහැක්කේ මන්ද යන්න එහිදී ප්‍රශ්න කර තිබේ.