සීමාසහිත WM Mendis සහ Co.Limited ඇතුළු ප්රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදකයින් 5 දෙනෙකුට
සිය මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අහිමි වීමේ අවදානමක් මතුව ඇත.
මහා භාණ්ඩාගාරයේ උපදෙස් අනුව සුරාබදු දෙපාර්තමේන්තුව නොවැම්බර් මස මුලදී නව අනතුරු ඇඟවීමක් නිකුත් කළේ රට තුළ ඇති මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන කම්හල් පහක හිඟ බදු මාසය අවසන් වන විට ගෙවන ලෙස මතක් කරමිනි.
සීමාසහිත ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම, කළුතර සිනර්ජි ඩිස්ටිලරීස්, කුරුණෑගල වයඹ ඩිස්ටිලරීස්, ෆින්ලන්ත ඩිස්ටිලරීස්, හිඟුරාන ඩිස්ටිලරීස් (පුද්ගලික) සමාගම සහ රන්දෙණිගල ඩිස්ටිලරීස් ලංකා (පෞද්ගලික) සමාගම සමඟ වසර දෙකක රජයේ බදු ආදායමක් පැහැර හැරීම සම්බන්ධයෙන් මෙකී දැන්මු දීම සිදුකර ඇත.
එකී නිෂ්පාදකයින් හය දෙනාගෙන් රන්දෙණිගල ඩිස්ටිලරීස් ලංකා (පෞද්ගලික) සමාගම විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු මුදල් පසුගියදා ගෙවා ඇති අතර ඉතිරි නිෂ්පාදකයින් පස්දෙනාට එම මුදල් ගෙවන ලෙස බලධාරීන් විසින් නැවත දැනුම් දී තිබුණි.
සුරාබදු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වාර්තා කර තිබුණේ රුපියල් බිලියන 8.5ක මුළු හිඟ මුදල්වලින් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සහ සමාගම සතුව පමණක් මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 5.5ක් බවයි.
මාසය අවසන් වන විට හිඟ මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් එම සමාගම්වල මත්පැන් නිෂ්පාදනය කිරීමේ බලපත්‍රය අත්හිටුවන බවත්, පසුව ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් එම නිලධාරියා පැවසීය.
රුපියල් බිලියන 3.5ක එකතු කළ අගය මත බදු නොගෙවීම මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එම මෙන්ඩිස් සහ සමාගමට එරෙහිව අධිකරණයේ නඩු පවරා තිබිණ.
ඊට අදාල අධිකරණ තීන්දුව අනුව කටයුතු නොකිරීම මත මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු දෙදෙනකු මාස හයක සිර දඬුවම් නියම කර බන්ධනාගාර ගත කර තිබේ.