ඇතැම් දේශපාලඥයන් හා දූෂිත ගනුදෙනු සමඟ ඇති කෝපය නිසා පහුගිය මැතිවරණයේදී
ජාතික ජන බලවේගයට ඡන්දය දුන් අයගේ සහය ලබා ගැනීමට සජබට උපාය මාර්ගයක් තිබිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් පවසයි.
ඔහු මේ බව පවසා ඇත්තේ සමග Daily FT මාධ්‍යවේදිනී ශානිකා ශ්‍රියානන්ද පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දීය.
- SJB නායකත්වය වෙනස් කිරීමට තීරණයක් නෑ.
- නොමේරූ දේශපාලකයින් සිටින පාර්ලිමේන්තුවක් ඇත්නම් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට සමාන ප්‍රතිවිපාක අනුර කුමාර රජයට ද සිදුවේවි.
- දරිද්‍රතාවය, අධ්‍යාපනය, නිවාස සහ ගංවතුර හේතුවෙන් කොළඹ සංවර්ධනයට වැඩි අවධානයක් අවශ්‍යයි.
“පාර්ලිමේන්තුවේ හැමදාම පළපුරුදු දේශපාලනඥයන් සිටිය යුතුයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. පළපුරුදු දේශපාලකයන්ගේ දෙපැත්තක් තියෙනවා. ඔවුන්ගෙන් ඇතැමෙක් ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමට සැබෑ සේවයක් කළ හැකි නමුත් තවත් සමහරු මහජන මුදල් සොරකම් කිරීමට දක්ෂ වෙනවා. මම හිතන්නේ පළපුරුදු සහ අංකුර දේශපාලනඥයන් දෙපිරිසෙන්ම පාර්ලිමේන්තුවේ ජනතාව නියෝජනය කරන සංකලනයක් තිබිය යුතුයි. මතක තියාගන්න අද්දැකීම් අඩු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉන්න රටක් පාලනය කරන්න බැහැ.
SJB හි අනාගතය සාධක කිහිපයක් මත තීරණය වේවි. එක් ප්‍රධාන කරුණක් වන්නේ ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය දැඩි ලෙස විශ්වාස කළ එජාප පාක්ෂිකයන් යළි SJB වෙත ගෙන ඒම, ඒ ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය සහ දේශපාලන ස්ථාවරය SJB සමඟ නොව එජාපයට නොගැළපෙන නිසා. ඒ නිසා ඒ UNP කාරයින්ගේ සහය SJB එකට ගන්න ඒ අයගේ හිත් දිනාගන්න SJB හොඳ උපාය මාර්ගයක් හදන්න ඕනේ. දෙවන කරුණ තමයි ඇතැම් දේශපාලඥයන් සමඟ ඇති වූ කෝපය නිසාත්, ඔවුන් සිදු කළ බව කියන දූෂණ ගනුදෙනු නිසාත් NPP ට ඡන්දය දුන් අයගේ සහය SJB වෙත ලබා ගැනීම. ඒ වත්මන් රජය ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු කිරීමට අපොහොසත් වී ඇති නිසයි”.
යහපත් ආර්ථිකයක් සහ සෞභාග්‍යයක් සඳහා රට මෙහෙයවීමට දක්ෂ කණ්ඩායමක් තම පක්ෂය සතු බව සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසයි.
ඉදිරි මහ මැතිවරණයේදී සැලකිය යුතු ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකි වනු ඇති බවට සමගි ජන සන්දානය විශ්වාස කරන බවත්, රජයේ යහපත් මුලපිරීම් සහ තීරණ සඳහා සහය දක්වන බවත් ඔහු පවසයි.
“මේ ආණ්ඩුවේ ප්‍රගතිය ගැන අදහස් දක්වන්න තවම කල් වැඩියි. නමුත් ඇල්පිටිය මැතිවරණ ප්‍රතිඵලය සියලු දේශපාලන පක්ෂවලට ජනතා අපේක්ෂාවන් පිළිබඳ හොඳ පණිවිඩයක් ලබාදී තිබෙනවා,”
ඔහු අවධාරණය කළේ අනාගත පාර්ලිමේන්තුව පළපුරුදු නවක දේශපාලනඥයන්ගේ එකතුවක් විය යුතු බවයි.
“නැත්නම් ආණ්ඩුව ගෙනියන්න අමාරුයි. හොඳම උදාහරණය තමයි වියත්මගින් තේරී පත් වූ අය පළපුරුද්ද නැතිකම නිසා අකාර්යක්ෂම බව ඔප්පු කළ අය.”
මරික්කාර් පවසන්නේ පළපුරුදු රියදුරෙකුට වඩා ඉගෙන ගන්නෙකු වාහනයක් පදවන විට එය වෙනස් තත්ත්වයක් වන බවයි.
එසේම මෙම සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසන්නේ තමා කිසිදු නායකයෙකුගේ රූකඩයක් නොවන බවත් ජනතාවට සේවය කිරීම පිළිබඳ කැපවීම ඔප්පු කළහැකි සාක්ෂියක් වන බවත් ය.
පහත දැක්වෙන්නේ එම සම්මුඛ සාකච්ඡාවෙන් උපුටා ගත්තකි.
SJB පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් කිහිප දෙනෙක්ම ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙන නිසා එහි අනාගතය ගැන ඔබ අනාවැකි කියන්නේ කොහොමද?
SJB හි අනාගතය සාධක කිහිපයක් මත තීරණය වෙනවා. එක් ප්‍රධාන කරුණක් වන්නේ ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය දැඩි ලෙස විශ්වාස කළ එජාප පාක්ෂිකයන් යළි SJB වෙත ගෙන ඒම.. ඒ ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය සහ දේශපාලන ස්ථාවරය SJB සමඟ නොව එජාපයට නොගැළපෙන බැවිනි. ඒ නිසා ඒ UNP කාරයින්ගේ සහය SJB එකට ගන්න ඒ අයගේ හිත් දිනාගන්න SJB හොඳ උපාය මාර්ගයක් හදන්න ඕනේ.
දෙවන කරුණ නම් ඇතැම් දේශපාලඥයන් සමඟ ඇති වූ කෝපය නිසාත්, ඔවුන් විසින් සිදු කළ බව කියන දූෂණ ගනුදෙනු නිසාත් NPP ට ඡන්දය දුන් අයගේ සහය.
වත්මන් රජය ඒ අයගේ අපේක්ෂාවන් ඉටු කිරීමට මෙතෙක් අපොහොසත් වී ඇති බැවින් SJB වෙත ලබා ගැනීමයි. ඔවුන්ගේ දේශපාලන අභිලාෂයන් ආමන්ත්‍රණය කිරීම සඳහා ඔවුන් ආකර්ෂණය කර ගැනීමට SJB සැලසුම් සකස් කළ යුතුව තියෙනවා.
මේ අංශවල සහයෝගය ලබාගන්න ඔබ මෙතෙක් මොනවද කළේ?
අපි දැන් අපේ මැතිවරණ කොට්ඨාශවල ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වමින් ඉන්නවා. එජාපය සහ ජාජබය දුන් පොරොන්දු ගැන. ඒ දෙපක්ෂයම තමන් බලාපොරොත්තු වූ පරිදි ඉටු කිරීමට නොහැකි වූ පොරොන්දු දී ඇති බව දැන් ඔවුන්ට වැටහී ගිහින් තියෙන්නෙ. ආයෝජන සහ දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ශක්තිමත් ආර්ථිකයක් ස්ථාපිත කළ හැකි දක්ෂ කණ්ඩායමක් සිටින එකම පක්ෂය SJB බව අපි ජනතාවට පැහැදිලි කරනවා.
SJB අදහසට අනුව රජය ජනතාවට ලබාදුන් ‘කඩවුණු පොරොන්දු’ මොනවාද?
ඔව්, මුලින්ම උගන්ඩාවෙන් කොල්ල කෑ ඩොලර් ගේනවා කිව්වා, පස්සේ ඒ දේශපාලනඥයා කිව්වා අනුර කුමාර බලයට පත් කරන්න ඕන නිසා ඒ බොරුව කිව්වා කියලා.
ණය ගන්නෙ නැති බව කීවත් රු. බිලියන 650 ක බැඳුම්කර ගත්ත.
ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කිරීමක් කරල නැහැ.
ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට පෙර රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන බව කිව්ව..නමුත් දැන් රජය ඒ ගැන සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට නියමිතයි.
දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන ජනතාව වෙනුවෙන් රජය තවමත් සමාජ ආරක්ෂණ සැලැස්මක් ක්‍රියාත්මක කරල නැහැ.
ළඟදීම සහල් හිඟයක් එනවා. පොල්, පාස්පෝට් ගන්න මිනිස්සු පෝලිම්වල ඉන්නවා.
මට කියන්න පුළුවන් දෙයක් තමයි, පළපුරුදු රියදුරෙකුට වඩා ඉගෙන ගන්නෙකු වාහනයක් පදවන විට ඒක වෙනස් තත්වයක්.
ඉදිරි මැතිවරණයේදී ඔබට සැලකිය යුතු මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් ලබා ගත හැකි බව ඔබට කෙතරම් විශ්වාසද?
සමගි ජන සන්දානය ඇතුළේ කඳවුරු තිබුණේ නැත්නම් දිනන්න තිබුණා. මේ ඛණ්ඩවල සිටින ඡන්දදායකයන් සහ පාවෙන ඡන්ද පක්ෂය තුළට ගෙන ඒම ඉදිරියේදී ශක්තිමත් කිරීමටත් අපි සැලසුම් කරල තියෙනවා.
හොඳම උදාහරණය වන්නේ එන්පීපීයේ බලකොටුවක් වන ඇල්පිටියේ ඡන්දය ප්‍රකාශ කිරීමයි. මේ ආණ්ඩුව බලයට පත්වෙලා සති පහක් ඇතුළත 70%ක් ඡන්ද ලබාගන්නවා කියලා හිතුවත් ඒක 47% දක්වා අඩු කළා. මම හිතන්නේ ජනතාව පණිවිඩයක් දීල තියෙනවා. ඒ අනුව SJB අපගේ සැලසුම් උපාය මාර්ගගත කළ යුතුය. මේ පාර්ලිමේන්තුවේ සැලකිය යුතු මන්ත් රී ධුර සංඛ් යාවක් ලබාගත හැකි බව අපට විශ්වාසයි.
ජනතාවට සේවය කිරීමේ අතීත වාර්තාවක් නොමැති දේශපාලනයේ අත්දැකීම් නොමැති තරුණ තරගකරුවන් රැසක් සියලූ පක්ෂ විසින් ඉදිරිපත් කර තිබෙනවා. පළපුරුදු තරුණ දේශපාලනඥයන් ලෙස ඔබ මෙම ප්‍රවණතාවය දකින්නේ කෙසේද සහ ඔවුන් පාර්ලිමේන්තුවට තේරී පත් වුවහොත් ඔවුන්ට හොඳ දෙයක් කළ හැකි යැයි ඔබ සිතනවාද?
පෞද්ගලිකව මම විශ්වාස කරන්නේ නැහැ හැමදාම පාර්ලිමේන්තුවේ පළපුරුදු දේශපාලනඥයන් සිටිය යුතුයි කියලා. පළපුරුදු දේශපාලකයන්ගේ දෙපැත්තක් තියෙනවා. ඔවුන්ගෙන් ඇතැමෙක් ට ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමට සැබෑ සේවයක් කළ හැකි නමුත් තවත් සමහරු මහජන මුදල් සොරකම් කිරීමට දක්ෂ වෙනවා.
මම හිතන්නේ පළපුරුදු සහ අංකුර දේශපාලනඥයන්ගෙන් සමන්විතව පාර්ලිමේන්තුවේ ජනතාව නියෝජනය කරන සංකලනයක් තිබිය යුතුයි.
මතක තියාගන්න අද්දැකීම් අඩු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉන්න රටක් පාලනය කරන්න බැහැ. හොඳම උදාහරණය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ පාර්ලිමේන්තුවට පැමිණ එය ඉටු කිරීමට අසමත් වූ වියත්මග වෘත්තිකයන්ය. එහි ප්‍රතිඵලයක් ලෙස විශාල ආර්ථික අර්බුදයක් හා නිෂ්පාදන පාඩුවක් ඇති වූ අතර අවසානයේ ජනතාව වසර දෙකක් ඇතුළත එම රජය ප්‍රතික්ෂේප කළා.
නොමේරූ දේශපාලකයින් සිටින පාර්ලිමේන්තුවක් තිබුනොත් අනුර කුමාර ආණ්ඩුවටත් එවැනි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවේවි.
කොළඹ දිස්ත්‍රික්කය උණුසුම් තෝතැන්නක් බවට පත්වෙලා, තරුණ සහ කෘතහස්ත දේශපාලනඥයන් කිහිප දෙනෙක් එහි තරග කරනවා. ඔබ තේරී පත් වුවහොත් ඔබ විසඳීමට සැලසුම් කරන ප්‍රධාන ප්‍රශ්න මොනවාද?
දිළිඳුකම, අධ්‍යාපනය, නිවාස හා ගංවතුර තවමත් වැඩි අවධානයක් යොමු කළ යුතු ප්‍රශ්න ලෙස අපි හඳුනාගෙන තිබෙනවා. පසුගිය වසර කිහිපය තුළ ගංවතුර පාලනය කිරීමේ ක්‍රියාමාර්ග හොඳින් ක්‍රියාත්මක වූ නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගංවතුර පාලන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපට සිදුව තිබෙනවා.
මහරගම, කැස්බෑව, හෝමාගම, කඩුවෙල, කොළොන්නාව, ආදී ප්‍රදේශවල පාසල් වැඩි දියුණු කළ යුත්තේ එම ප්‍රදේශවල දරුවන් වැඩි පහසුකම් ඇති පාසල් සඳහා කොළඹට පැමිණ ඇති නිසායි. කොළඹ දිස්ත්‍රික්කයේ තදාසන්න ප්‍රදේශවලට ආර්ථික අවස්ථා පුළුල් කර දිස්ත්‍රික්කය ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස නංවාලීම කෙරෙහි අවධානය යොමු කෙරෙන තවත් ක්ෂේත්රයක්. කොළඹ දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගේ ව්‍යවසායකත්ව කුසලතා ඉහළ නැංවීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරන අතරම ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ඔවුන් සවිබල ගැන්වීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීන වැඩසටහන් ද හඳුන්වා දෙනවා.
කොළඹ ජනතාව ඔබට ඡන්දය දිය යුතු යැයි ඔබ සිතන්නේ ඇයි සහ ඔබේ සැලසුම් කොළඹ සිටින අනෙකුත් තරඟකරුවන්ට වඩා වෙනස් වන්නේ ඇයි?
මම ආණ්ඩුවේ වගේම විපක්ෂයේත් ඉඳලා තියෙනවා. මම ආණ්ඩුවේ ඉන්නකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට මගේ යුතුකම ඉටු කළා.
ගංවතුර පාලනයට සහාය වීම, පහත් මට්ටමේ මාර්ග ව්‍යාපෘති සහ වෙනත් ප්‍රජා වැඩකටයුතුවලට මන්ත්‍රීවරයකු ලෙස සහාය වීම වැනි වැඩ රාශියක් මම කර තිබෙනවා.
මම විපක්ෂයේ ඉන්නකොට සාධාරණය වෙනුවෙන් හැමදාම පෙනී හිටියා. මම හැම විටම ජනතාව වෙනුවෙන් හඬ නැගූ නිසා මම කිසිම නායකයෙකුගේ රූකඩයක් වුණේ නැහැ. මම දේශපාලකයෙක් කියලා ඔප්පු කරලා තියෙනවා. මට කලින් ඡන්දෙ දීපු අය හොඳට දන්නවා මම එයාලට කරපු දේවල්.
වත්මන් අනුර කුමාර රජය ගැන ඔබ අදහස් කරන්නේ කෙසේද සහ දූෂණයට එරෙහිව මෙතෙක් ගෙන ඇති වැඩපිළිවෙළ ගැන ඔබේ අදහස කුමක්ද?
ඒ අය නිසි ක්‍රමවේදයකට ක්‍රියා කළ යුතුයි. ආණ්ඩුවට තවම මාස කිහිපයක් ගතවී ඇති නිසා ඒ ගැන අපට ප්‍රකාශ කරන්න අපහසුයි.
නමුත් අපි මේ ආණ්ඩුවට වැඩ කරන්න කාලයක් දෙන්න ඕන. කොහොමත් අපේ පක්ෂ දේශපාලන භේදයකින් තොරව මේ රට හොඳින් කරගෙන යන්න අපි රජයට සහය දිය යුතුයි. මොකද ඒකෙන් අවසානයේ වාසිය ලැබෙන්නේ ලංකාවේ ජනතාවට.
ඔබ තේරී පත් වුණොත් රජයට සහාය දෙනවද?
මේ රටේ ජනතාවට බලපාන ප්‍රතිපත්තිවලට එරෙහිව හඬ නගන අතරම රජය ගෙන යන යහපත් වැඩපිළිවෙළට මම සැමවිටම සහාය දෙනවා. වෙනදා වගේම මම හැමදාම පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් බලපෑම් කරනවා.
SJB නායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාද දිගින් දිගටම අසාර්ථක වූ බැවින් ඔවුන්ද පක්ෂ දේශපාලනයෙන් ඉවත් විය යුතු බවත් එය අලුත් අතකට භාරදිය යුතු බවත් ඇතැම් දේශපාලන විචාරකයින් සහ දේශපාලනඥයන් ප්‍රකාශ කරනවා. ඔබේ දැක්ම කුමක්ද?
මම රනිල් වික්‍රමසිංහ ගැන දන්නේ නැහැ. නමුත් SJB කාරයින් ලෙස අපි දැන් සම්පූර්ණ අවධානය යොමු කරන්නේ ඉදිරි මහ මැතිවරණයට. SJB නායකත්වය වෙනස් කිරීම ගැන එහෙම කතා යන්නේ නැහැ. මැතිවරණයෙන් පසුව අපි SJB ඉදිරි ගමන ගැන සාකච්ඡා කරමු.
මේ නායකයන් දෙදෙනාම එකම වේදිකාවක් යටට ගෙන ඒම සඳහා මේ නායකයන් දෙදෙනාගේ විරසකය සමනය කිරීමට මැදිහත් වීමට ඔබ වැනි තරුණ දේශපාලනඥයන් අසමත් වූයේ ඇයි?
මෙය බොහෝ දෙනා, අපේ ඡන්ද දායකයන් පවා අපෙන් අසන පොදු ප්‍රශ්නයක්. අපි එකඟ වන සහ එකඟ නොවන ප්‍රතිපත්ති වගේම එක්සත් ජාතික පක්ෂයේ අපිට එකට හිටගන්න බැරි දේශපාලනඥයන් ඉන්නවා. එම ප්‍රතිපත්ති ඒකාබද්ධ කිරීමට අපි අපේ උපරිමය කළත් එය අසාර්ථක උනා. පාර්ලිමේන්තුවට තේරී පත්වීම සඳහා දූෂණ චෝදනා කිහිපයක් තිබෙන දේශපාලනඥයන් සමඟ සන්ධානගත වෙන්න අපට බැහැ.
SJB එකේ සමහර අයගේ අනවශ්‍ය මැදිහත්වීම් නිසා SJB එකේ බෙදීම් ගොඩක් තියෙනවා කියලා කිව්වා. ඒක ඇත්තක්ද?
පක්ෂයේ එහෙම බෙදීමක් ගැන මම දන්නේ නැහැ. අපි අපේ දේශපාලන ව්‍යාපාරය කළේ සහ තවමත් කරන්නෙ එකට එක්වයි. දේශපාලන පරාජයකින් පසු මෙවැනි ඕපාදූප මතුවීම දේශපාලනයේ ස්වභාවයක්. මේ ඕපාදූපවලට පිළිතුරු දීමෙන් වළකින්න ඕන.
ඉදිරි මහ මැතිවරණයේදී SJB ප්‍රධාන අපේක්ෂාව කුමක්ද?
ආර්ථිකය යථා තත්ත්වයට පත් කර රටට සමෘද්ධිය ගෙන ඒම සඳහා රජයක් පිහිටුවීම SJB හි ප්‍රධාන අපේක්ෂාවයි. මේකට අපි හිටපු යූඇන්පී කාරයෝ ඔක්කොම SJB එකට ගේන්න වෙනවා ජයග්‍රහණයට යන්න.
මෙතෙක් ඔබ ඔබේ ඡන්දදායකයින්ට කළ සේවය ගැන සෑහීමකට පත් වෙනවාද?
ඔව්, මම පසුගිය කාලයේ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටි අතර දැන් ඔවුන් වෙනුවෙන් මා කළ සේවය හඳුනා ගෙන තියෙනවානම් මට ඡන්දය දීම ඔවුන්ට භාරයි. එය ඉදිරි මැතිවරණවලදී පෙන්වාවි.
@සාකච්ඡාව - ශානිකා ශ්‍රියානන්ද
උපුටාගැනීම Daily FT