SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස සිටියේ නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ

තුන්වන ණය වාරිකය මේ වන විට ලැබෙන බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

 

 

ගාල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ කල් ගිය අයවැය සහ වත්මන් රජය මහ මැතිවරණය පැවැත්වීමට තීරණය කිරීම හේතුවෙන් එම වාරිකය දින නියමයක් නොමැතිව කල් දැමූ බවයි.

 

 

වර්තමාන රජය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට උත්සාහ කරන බවත්, ජනතා අදහස් විමසීමකින් තොරව ගෙන ඒමට යන මෙම ව්‍යවස්ථාවෙන් ජාතිය හා ආගම යන තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ කරයිද යන්න සැක සහිත බවද හෙතෙම පැවසීය.

 

  • " රනිල් හිටියානම් අයි.එම්.එෆ් තුන්වෙනි වාරිකය  මේ වන විටත් ලැබිලා".
  • "එදා ජ.වි.පෙ ට තුවක්කුවෙන් කරන්න බැරිවුන දේ මෙදා ව්‍යවස්ථාවක් ගෙනල්ලා කරන්න යනවා".
  • "කඩිමුඩියේ තියන මැතිවරණය නිසා කඨින චීවරය මහ පාරේ".
  • "මහ නායක හිමිවරු කියනදේ ආණ්ඩුව ඇහුවේ නෑ".
  • "කඨින පිංකම් අවුල් කළ කඩිනම් මැතිවරණය නිරාගමිකයන්ගේ තීරණයක්ද"?

 

 

''මැතිවරණයේ උණුසුම එන්න එන්න වැඩි වෙමින් තියනවා.  බලාපොරොත්තු තියාගෙන හිටපු ජනතාව, බොරුවට රැවටුන ජනතාව ඒ බව තේරුම් අරගෙන ටික ටික තමන්ගේ මතවාදයන් වෙනස් කරගනිමින් ඉන්නව. ගොඩක් අය කියුවේ බොරු බව තේරුම් අරගෙන ඉන්නවා. උගන්ඩාවේ සල්ලි හංගලා නැති බව,  තෙල් ටික සීයයට එකසිය පනහාට ගන්න බැරි බව ජනතාව තේරුම් අරගෙන තියන්වා. තමන් රවටපු බව තරුණයෝ මාස එකහාමාරක් යනකොට තේරුම් අරගෙන තියනවා.

 

මැතිවරණය කළබලේ තිබ්බේ. 15 වන දාට ඉතා වැදගත් පෝයක් යෙදිලා තියනවා. හැම ගමකම කඨින පින්කම් පැවැත්වෙනවා මේ දවස්වල. මහා සංඝරත්නය කීවා 14 වන්දා මේ මැතිවරණය තියන්න එපා කියලා. කණකට ගත්තෙ නෑ . මිනිස්සු කාර්ය බහුල වෙනවා. මැතිවරණ ව්‍යාපාරය නිසා ආගමික කටයුතු කරන්න බෑ කියලා මහ නායක හිමිවරු ඉල්ල්ලීම් කරා ඒවා තඹ දොයිතුවකට ගනන් ගත්තේ නෑ . ආගම සංස්කෘතිය ඕනෑ නෑ කියන නිරාගමික කණ්ඩායම් තීන්දුවක් ගත්තා මැතිවරණය කඩි මුඩියේ තියන්න.

 

මොකද මැතිවරණය කඩි මුඩියේ තිබ්බේ නැතිනම් වැඩේ වරදින බව මේ අය දන්නවා. ඒ හින්දේ කඨින පින්කම ගණන් ගත්තේ නෑ. කඨින චීවරය පාරේ තිබ්බත් මේ අයට කමක් නෑ. මේ අයට මැතිවරණය ඉක්මණින් තියන්නයි ඕන උනේ. මොකද ඒ අය දන්න්වා මේ මාස එකහාමාරට ජනප්‍රිය බව පහත වැටුන වේගයට තව මාස හයක් ගියානම් වැඩේ ඉවරයි කියලා.

 

මේ රටේ හොරු අල්ලන්න අළුත් නීති ඕන නෑ. ඒකට ඕන කරන නීති ඔක්කොම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හදලා ඉවරයි. හොරු අල්ලන්න විතරක් නොවේ වංචා දූෂණ නතර කරන්න ඕන කරන නීතිත් එතුමා හදල සම්මත කරලා තිබුනා. මේ කළාපයේ හොඳම දූෂණ විරෝධී පනත් ටික අපි හදලා තියෙන්නේ. අළුත් නීති ඕන වෙන්නේ නෑ.

 

ඒ වගේම ව්‍යවස්ථාව වෙනස් කරලා මේ රටේ ප්‍රශ්ණ විසඳන්න බලාපොරොත්තු වෙනවානම් තව කොයි තරම්, කාලයකින්ද මේවා කරන්නේ. ලයිට් බිල පැය 24 න් අඩු කරන්න ඕන කියපු දැන් කියනවා ඒකට අවුරුද්දක් විතර යනවා කියනවා. අවුරුද්දක් යනකොට ලයිට් බිල 30% ක් අඩු කරන්න මේ අය ඕන නෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා හදපු ක්‍රමය අවුරුද්දක් පවත්වාගෙන ගියාම කොහොමත් ලයිට් බිල අඩු වෙනවා.

 

මේ විකාර කථා කියන්නෙ තවමත් ජනතාව මෝඩයෝ කියලා හිතලා. අපිටත් ආරංචියි ව්‍යවස්ථා සංශෝධනය කරන්න යන බව. ඒ ගැන යෝජනා කැඳවලා තියනවා. අගමැතිනී හරිනී අමරසූරියගේ යෝජනාත් එතන තියනවා. ඒ යෝජනාවල ජාතිය ආගමට ලබා දෙන තැන පිළිබඳ යෝජනා එතන තියනව. කඩි මුඩියෙ ව්‍යවස්ථාවක් හදලා ව්‍යවස්ථාවෙන්ම ජාතිවාදය තහවුරු කරන්නද යන්නේ. එහෙම නැතිනම් ව්‍යවස්ථාවෙන්ම කොමියුනිස්ට් රටක් හදන්නද යන්නේ කියන සැකය අපට එනවා. ඒ විතරක් නොවේ මේ රටේ තනි පක්ෂ ක්‍රමයක් හදන්නද යන්නේ කියනා සැකයත් අපිට එනවා.

 

අපි අහන්න කැමතියි මේ ව්‍යවස්ථාව හදන්නෙ රටේ සුභ සිද්ධිය වෙනුවෙන්ද. ජනතා අදහස් අරගෙනද මේක කරන්න යන්නේ. එහෙම නැතිනම් හදාගෙන ඉන්න ව්‍යවස්ථාවක් දාලා සම්මත කර ගන්නද මේ යන්නේ . තුනෙන් දෙකක් ගන්න කතා කරපු ජාතික ජන බලවෙගයට දැන් සරළ බහුතරයවත් නැති තැනට වැටිලා තියනවා. එහෙම අවස්ථාවක කඩි මුඩියේ ව්‍යවස්ථාවක් දාලා සම්මත කරන්න යන්නේ ඇයි කියන ප්‍රශ්නය මතුවෙනවා.

 

මේ  ව්‍යවස්ථාව හරහා තනි පක්ෂ ක්‍රමයකට, එහෙම නැති නම් ඒකාධිපති ක්‍රමයකටද යන්න හදන්නේ. එහෙමත් නැතිනම් වෙනස්ම ක්‍රමයකටද මේ රට පාලනය කරන්න සැලැස්මක් තියනවද කියනා සැකය අපිට එනවා. එතනදි ජාතිවදය, ආගම්වාදය වගේ දේවල් වලට මොන විදියේ විසඳුම්ද දෙන්නේ කියන ප්‍රශ්ණය මතුවෙනව.

 

අපි දන්නවා මේ දවස්වල අර පෝල් රාජ් කියනා කාන්තාවකගේ ප්‍රකාශ හරහා ඉතා බරපතල දේවල් කියැවෙනවා.  හරිනි අමරසූරියගේ යෝජනාවලට අනුව ආගමට ලබාදෙන තැන පිළිබඳව නොයෙක් යෝජනා තියනවා. ඒවාද මේ ක්‍රියාත්මක කරන්න යන්නෙ? මේවාට උත්තරයක් ඕන. මේ සූදනම් වන්නේ ජ.වි.පෙ මතවාදය බලහත්කාරයෙන් මේ රට මත බලෙන් පටවන්නද? එදා තුවක්කුවෙන් බැරි වුන දේ මෙදා ව්‍යවස්ථාවෙන් ක්‍රියාත්මක කරන්නද යන්නේ කියලා අපි අහනවා.''

 

එහිදී මාධ්‍යාවේදීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීලඟ වාරිකය ලැබීම පමාවීම ගැන විමසා සිටි අතර හිටපු අමාත්‍යවරයා ඊට මෙසේ පිළිතුරු දුන්නේය.

 

''අයි.එම්.එෆ් ණය වාරිකය ලබන සතියේ හම්බවෙන්නේ නෑ. නමුත් එම එහි නියෝජිතයන් පිරිසක් ලබන සතියේ ලංකාවට එන්න නියමිතයි. හැබැයි අයි.එම්.එෆ් එකට ගැටළුවක් තියනවා. අර අඩු කරනවා කියපු බදු අඩු කරාම කොයි විදියටද රටේ අයවැය හිඟය පියවන්නේ කියලා. ඒවාට උත්තර දෙන්න ඕන. අයි.එම් එෆ් එක ලබාදීපු ඉලක්ක තියනවා. කොහොමද ඒවාට යන්නේ කියනා එක ඒ අයට පැහැඳිළි කරලා දෙන්න ඕන. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපති විදියට හිටියානම් මේ වන විටත් ඔය කියනා වාරිකය ලැබිලා ඉවරයි.

 

අවාසනාවකට මේ අය  ලැබෙන්න තියන වාරිකය පැත්තකට දාල රට නැවත බංකොළොත් වෙන්න තියන ඉඩ නොතකා මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් තීරණ ගත්තා. ඒ හින්දා අය වැය නොතියා මැතිවරණය තිබ්බා. තමන්ගේ අනාගත වැඩ පිළිවෙල ඇතුල් කරලා අය වැය ඉදිපත්කරා නම්, අයි.එම් එෆ් එකට පුළුවන් අපේ වැඩ පිළිවෙල බලලා තීන්දුවක් ගන්න. මිනිස්සුන්ට කියනවා අය වැයෙන් පස්සේ සහන  චන්දයෙන් පස්සේ සහන දෙනවා කියලා . ඊට පස්සේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට කියනවා මේ විදියටම යමු කියලා.

 

ගමේ බුරම්පි මාමාව රවට්ටනවා වගේ බොරු කියලා අයි.එම්.එෆ් එක රවට්ටන බෑ. අපි දේශපාලනය ගැන හිතන්නේ නැතිව අයි.එම්.එෆ් එකත් එක්ක වැඩකළා . ඒත් මේ අය අයි.එම්.එෆ් වැඩ පිළිවෙළ නොතකා රටේ ආර්ථිකය කඩ වැටේද යන්නවත් නොතකා මැතිවරණයට මුල් තැන දිලා අයවැය පැත්තකට දැම්මා.''

 

 

466158622 1125799865583201 6359592216847491676 n

 

 

 

නවතම ලිපි