SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අවුරුදු ගාණකට කලින් ජවිපෙ මාලිමාව බවට පරිවර්තනය වෙලා

ඊළඟ වතාවේ බලයට පත්වෙන්න සියල්ල සැලසුම් කළා.

 

 

ඒ අරගලයටත් අවුරුදු ගාණකට කලින්. ඇත්තටම තමන්ගේ නායකත්වයෙන් තොරව අරගලය මතු වුණාම තමන්ගේ සැලසුම වතුරේ යාවිද කියල ජවිපෙ නායකත්වයට තරමක චකිතයක් තිබුණ.

 

 

කොහොම වුණත් ඒ තරම් කාලයක් සැලසුම් කළත් ඇත්තටම අනුර දිනාවි කියල ජවිපෙට පවා විශ්වාසයක් නොතිබුණා ද කියල මේ ටික දවසටම සැක හිතෙන ගොඩක් දේවල් සිද්දවෙමින් තියෙනව.

 

එකක් තමයි තනතුරු සඳහා කෙරෙන ප්‍රශ්න සහගත තෝරාගැනීම්. ඇත්තටම ආණ්ඩුවක් ගන්න බලාගෙන හිටපු කණ්ඩායමකට මේ පත්කිරීම් ගැන සැලසුමක් තිබුණෙම නැද්ද?

 

අනික මානව හිමිකම් සහ විදේශ කටයුතු වගේ අංශවල දක්වන උදාසීනකම නැත්නම් වැරදි තීරණ.

 

අලුත්ම පත්වීම තමා ඩිජිටල් සාර් විදියට ආචාර්ය හාන්ස් විජේසූරියගේ පත්කිරීම.

 

 

ඔහුගේ දක්ෂකම් ගැන සහ ජාත්‍යන්තර පිළිගැනීම ගැන බරපතල ගැටලුවක් නැතත්, මාධ්‍යවේදී තරිඳු උදුවරගෙදර මේ වාර්තාවේ පෙන්නල දෙන විදියට හාන්ස් විජේසූරිය කියන්නේ තාජුදීන් සහ ලසන්ත වික්‍රමතුංග ඝාතන ගැන පොලිසියට අවශ්‍ය තොරතුරු ලබා නොදීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්වෙන්න නියමිතව හිටපු පුද්ගලයෙක්.

 

 

 

ඔහු අත් අඩංගුවට ගන්න උත්සහ කළෙත් වෙන කවුරුත් නෙවෙයි, මාලිමාව ආණ්ඩුව ආවට පස්සේ මේ අපරාධ ගැන විමර්ශන කඩිනම් කරන්න කියල විශේෂ විමර්ශකයෙක් විදියට පත්කරපු ජ්‍යෙෂ්ට  රහස් පරීක්ෂක ශානි අබේසේකර.

 

 

අනුර කුමාර පාලනයේ ඩිජිටල් සාර්, රාජපක්ෂ පාලනයේ මනුෂ්‍ය ඝාතන හංගන්න අනුබල දීල, ඒ ගැන අත්අඩංගුවට පත්වෙන්න නියමිතව හිටපු කෙනෙක් නම් ඒක ඇත්තටම ප්‍රශනයක් නෙවෙයිද?

 

වි 4

 

 

ඒ එක උදාහරණයක්.

 

මධ්‍යම පරිසර අධිකාරිය තව උදාහරණයක්.

 

අලුත් ආණ්ඩුව පත්වුණාට පස්සේ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති විදියට ආචාර්ය උදිත ලියනගෙදර පත්කරලා තිබුණ. මම දන්න විදියට පරිසරවේදීන් විශාල පිරිසක් මේ පත්වීමට දැඩි විරෝධය පළ කළා.

 

හේතුව? ඔහුට විරුද්ධව එල්ල වෙලා තියන දූෂණ චෝදනාවක්.

 

මේ චෝදනා නිසා ඔහු ඉවත් කළ බව ආණ්ඩුව නිවේදනය නොකළත්, දැන් ඔහුගේ නම වෙබ් අඩවියෙන් ඉවත් කරලා.

 

වි 5

 

ජවිපෙ නායකත්වයට පත්වුණ අනුර කුමාර දිසානායක සහෝදරයා භීෂණ කාලේ ජවිපෙ කරපු අපරාධ ගැන සමාව ඉල්ලුව වගේම වැරැද්දක් පෙන්නල දුන්නම ඒ වැරදි නිවැරදි කිරීම ඉතාමත්, යහපත්, ප්‍රජාතන්ත්‍රවාදී, ප්‍රශංසනීය ක්‍රියාවක්. ඒක කිසිසේත්ම දුර්වල පාලනයක් ගැන ඉඟියක් නෙවෙයි. ඒත් ප්‍රශ්නය තියෙන්නේ මේ පත්කිරීම් කරන්න කලින්ම කවුරුත් ඒ ගැන සොයා බැලුවේ නැද්ද කියන එක.

 

 

 

කෘෂිකර්ම අමාත්‍යංශයේ පත්වීමක් ගැනත් මම දන්න විදියට මාලිමාවේ ආධාරකරුවන් දැනටමත් පෙන්නලා දීල තියෙනව.

 

මාලිමාවේ ආණ්ඩුව ගැන මම මුලින්ම කලකිරීමට පත්වුණේ, අනුර කුමාර ජනාධිපතිතුමාගේ ආණ්ඩුවත් මානව හිමිකම් ගැන ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රතිපත්තියම අනුගමනය කරන බව නිවේදනය කළාම.

 

ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව සහ වගවීම ප්‍රවර්ධනය කිරීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කමිටුවේ 30/1 යෝජනාව යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ පුද්ගලිකව අකුරෙන් අකුර කියවල අනුමත කරපු යෝජනාවක්.

 

රනිල් කළත්, ගෝට කළත්, මහින්ද කළත් ලංකාවේ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම වගේම වරදට දඩුවම් දීම කියන්නේ මම සම්පූර්ණයෙන්ම අනුමත කරන දෙයක්.

 

හැබැයි ගෝඨාභය එක්ක ඩීල් එකක් දාල පස්ස දොරෙන් පිං ජනාධිපති වුණාට පස්සේ රනිල් වික්‍රමසිංහ තමන් හදපු යෝජනාවම ප්‍රතික්ෂේප කළා.

 

 

බොහොම කණගාටුයි දැන් අනුර කුමාරගේ මාලිමාව ආණ්ඩුවත් රනිල් ගේ, ගෝඨාභය ගේ ප්‍රතිපත්තියම අනුගමණය කරනවා. හමුදාව වැරදි කරලා නැත්නම්, ඇයි වගවීම ගැන මේ තරම් බය? ඇයි සංහිඳියාව වෙනුවෙන් එක්සත් ජාතීන් කරන මැදිහත්වීමට මේ තරම් බයවෙන්නේ?

 

 

අනික තමා රාජ්‍යතාන්ත්‍රික සේවයේ ඉන්න දේශපාලන ගැත්තන්.

 

බ්‍රිතාන්‍යයේ ඉන්න ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම රාජපක්ෂ පාලනයේ ඉඳලම අසීමිත විදියට මහජන මුදල් නාස්ති කරපු, බරපතල දූෂණ චෝදනා තියන අපකීර්තිමත් හිටපු ඇමතිවරයෙක්, රනිල්ගෙත් හිතවතෙක්. ඒ වගේම නිව්යෝක් නුවර ඉන්න එක්සත් ජාතීන්ගේ තානාපති මොහාන් පීරිස් ලංකාවම අපකීර්තියට පත් කරපු අන්ත දූෂිත රාජපක්ෂ ගෝත්‍රිකයෙක්. ඇයි ආණ්ඩුව මේ වගේ අපකීර්තිමත් නිලධාරීන් ආපසු කැඳවන්න මේ තරම් ප්‍රමාද? ඇත්තටම මාලිමාව තවමත් ඒ තනතුරුවලට සුදුස්සන් තෝරාගෙන නැද්ද?

 

ජනපතිවරණය දිනුවට පස්සේ ආණ්ඩුව කරන්නේ කොහොමද කියල මාලිමාවට සැලසුමක් තිබිල නෑ කියල හිතෙන්නේ මට විතරද?

 

 

විරුද්ධ පක්ෂයේ ඉන්නකොට ත්‍රස්ත විරෝධී පනතට විරුද්ධව ලොකු හඬක් නගල, පනත අහෝසි කරන බව ප්‍රතිපත්තිවලත් පොරොන්දු වෙලා, දැන් ඒ ගැනත් ආණ්ඩුව රිවර්ස් ගියර් එකේ. ජනතා විමුක්ති පෙරමුණත් මේ පනතේ වින්දිතයෙක්.

 

 

බිමල් රත්නායක සහෝදරයා කියන විදියට පනත් වෙනස් කරන්නේ අලුත් පාර්ලිමේන්තුව බව ඇත්ත. ඒත් ඇයි ආණ්ඩුවට කෙලින් කියන්න බැරි අලුත් පාර්ලිමේන්තුවෙන් ත්‍රස්ත විරෝධී පනත අහෝසි කරනවා කියල?

 

 

වි 3

 

 

2017 දී අගමැති විදියට යුරෝපා සංගමයට ගිය රනිල් වික්‍රමසිංහ ත්‍රස්ත විරෝධී පනත අහෝසි කරනවා කියල පොරොන්දු වුණා. ඒත් 2022 ජනවරමක් නැතුව පිං ජනාධිපති වුණ ගමන් රනිල් පනත අහෝසි කරනවා වෙනුවට වසන්ත මුදලිගේ කියන 'භයානක ත්‍රස්තවාදියා' ත්‍රස්ත විරොධී පනත යටතේ කූඩු කළා.

 

 

වෙනදට ආණ්ඩුවට අධෝ වාතයක් ගියත් ජිනීවා දුවන හිටපු මානව හිමිකම් නෝනලා, මහත්තුරු ඒ වෙලාවේ රනිල්ගෙන් (මහජන මුදලින්) තාන්න, මාන්න අරගෙන හූම් නැතුව හිටිය.

 

 

දීපු පොරොන්දු ගැන දැනටම රිවර්ස් ගියර් එකේ යන්න පටන් අරගෙන තියන ජනාධිපති අනුර කුමාරගේ ආණ්ඩුවටත් තියන එකම පාර රනිල් ගිය පාර විතරද?

 

 

@ සරෝජ් පතිරණ

නොවැම්බර් 02, 2024

නවතම ලිපි