නව රජය විසින් මුදල් අච්චු ගැසීමක් සිදු කර නැති බව මහ බැංකුව විසින්ද ප්‍රකාශ කර ඇතැයි
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.
"මහ බැංකුව කොහොමටත් පරණ නෝට්ටු විනාශ කරලා අලුත් නෝට්ටු මුද්‍රණය කරනවා. ඒක සාමාන්‍ය දෙයක්.
ඒ මේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි කරන්න අලුත් මුදල් ප්‍රමාණයක් එකතු කරනවා නෙවෙයි. ඒ පරණ නෝට්ටු විනාස කරනවා.
ඉතින් ඉදිරියට අනුර සහෝදරයාගේ අත්සනින් නෝට්ටු එන්න පුළුවන්. හැබැයි ඒ අර සාමාන්‍ය ක්‍රියාවලිය. නැත්නම් මේ අලුතෙන් මුද්‍රණය කරන සල්ලි නෙමෙයි"
මේ අතර මේ සතියේ කැබිනට් තීරණ පිළිබඳ මාධ්‍ය දැනුවත් කරන අවස්ථාවේ අමාත්‍ය විජිත හේරත් පැවසුවේ ආණ්ඩුව සල්ලි අච්චු ගැහුවේ නැත කියාය.
ඒ පිළිබඳව අදහස් දක්වන උදය ගම්මන්පිල විජිත හේරත් අමාත්‍යවරයාට පිළිතුරු දී තිබුණේ මෙසේය.
ආණ්ඩුව සල්ලි අච්චු ගහලා නෑ කියලා විජිත හේරත් ඇමතිතුමා කිව්වට, නෑ අපි සල්ලි අච්චු ගැහුව්වා කියන එකයි මහ බැංකුවේ නිවේදනය සුපරික්ෂාවෙන් කියෙව්වොත් මහ බැංකුව කියන්නේ.
සල්ලි අච්චු ගහනවා කියන්නේ නව මුදල් කෝට්ටු භාවිතයට එකතු කරනවා කියන එකයි. මහ බැංකුව කියන්නේ අපි ආණ්ඩුවට ණය දෙන්න සල්ලි අච්චු ගැහුව්වේ නෑ. ඒත් විදේශ විනිමය මිල දී ගැනීමටත් මූල්‍ය වෙළඳපොලේ ද්‍රවශීලතාවය කළමනාකරණය කිරීමටත් සල්ලි අච්චු ගැහුව්වා කියලා.
සල්ලි අච්චු ගහනවා කියන්නේ නව නෝට්ටු වෙළඳ පොලට නිකුත් කිරීම නම් ඒකෙන් කියැවෙන්නේ නව නෝට්ටු නිකුත් කළ පමණින් එවකට ඉන්න මුදල් ඇමතිගේ අත්සන තිබෙනවා කියලා, මොකද මහ බැංකුව ආණ්ඩුවෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත්තාම දවස් දෙකකින් මුදල් ගෙවන්න ඕනි. ආප්ප දානවා වගේ සල්ලි ක්ෂණිකව අච්චු ගහන්න බෑ. සුදු ආප්ප තුනයි, බිත්තර ආප්පයයි, පැණි ආප්පයයි කිව්වම විනාඩි දහයෙන් ආප්ප 5 ම ලෑස්තියිය. මුදල් මුද්‍රණය සංකීර්ණය කටයුත්තක්නේ. Netflix එකේ මේ සම්බන්ධව චිත්‍රපට පවා තියෙනවා. අවශ්‍ය අයට බලන්න පුළුවන්. ඒ නිසා මුදල් නෝට්ටු අච්චු ගහලා ආරක්ෂිතව තැන්පත් කර තිබෙනවා අවශ්‍ය වුණාම නිකුත් කරන්න. දැන් එසේ තැන්පත් කරලා තියෙන තොග අවසන් වන තුරම රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අත්සන් කල නෝට්ටු මිස අනුර කුමාර දිසානායක මහතා අත්සන් කල නෝට්ටු ලැබෙන්නේ නෑ.
බැසිල් රාජපක්ෂ මහතා මාස 10ක් මුදල් ඇමති ධූරය දැරුවා. නමුත් ඔහුගේ නමින් කිසිම මුදල් නෝට්ටුවක් නිකුත් කරලා නෑ. ඒකෙන් කියැවෙන්නේ නෑ එයාගේ කාලයේ ආණ්ඩුව සල්ලි අච්චු ගහලා ණය ගත්තේ නෑ කියලා.
ඒ යුගයේ භාවිතාවට නිකුත් කලේ මහින්ද රාපක්ෂ මුදල් ඇමති කාලයේ මුද්‍රණය කරලා ආරක්ෂිත ගබඩා වල තිබුණු මුදල් නෝට්ටු, ඒ නිසා ආණ්ඩුවක් මුදල් අච්චු ගහලා ණය ගත්තා ද නැද්ද කියන එක මුදල් නෝට්ටුවේ මුදල් ඇමතිගේ අත්සනින් සොයා ගන්න බෑ කියන එක විජිත හේරත් ඇමතිතුමාට පෙන්වා දෙන්න කැමතියි.