හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කරන බවට පොරොන්දු වෙමින්
හිතාමතාම ඔවුන් නොමග යැවූ බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පසුගියදා ප්‍රකාශ කළාය.
ඊයේ පැවති රැස්වීමක් අමතමින් ඇය කියා සිටියේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කර අවශ්‍ය මුදල් සපයා දුන් බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරන බව තමන්ට ඇසුණු බවයි.
තමන් ගත් තීරණය එතරම් ලෙහෙසියෙන් ක්‍රියාත්මක කළ නොහැකි බව හිටපු ජනාධිපතිවරයා හොඳින්ම දන්නා බැවින් ඔහු පවසන්නේ බොරුවක් බව ඇය පැවසුවාය. එසේම රාජ්‍ය සේවක වැටුප් එක රැයකින් වැඩි කිරීමට කිසිවකුට නිකම්ම තීරණය කළ නොහැකි බව ද ඇය කියයි.
"රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට නිසි ක්‍රමවේදයක් තිබෙනවා. ඒ තීරණය ගත්තට පස්සේ භාණ්ඩාගාර අනුමැතිය ගන්න තිබුණා. ඒකට හරි ක්‍රමයක් තියෙනවා. ඒත් මැතිවරණ කාලෙ නිකම්ම ජනතාව රවට්ටන්න ප්‍රකාශයක් කළා,"
ඇය පැවසුවාය.
මෙය ඇසීමෙන් ජනතාව සතුටට පත් වූ බවද ඇය පැවසුවාය.
කෙසේ වෙතත්, එම තීරණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරය ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙස තමන්ට උපදෙස් ලබාදී නොමැති බවයි.