SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලෙබනන් සන්නද්ධ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස

ෂෙයික් නයිම් කාසෙම් තේරී පත් වී තිබේ.

 

 

ඔහු හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් ලෙස කටයුතු කර ඇති අතර පසුගිය වසර 30කට වැඩි කාලයක් හිස්බුල්ලා ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ චරිතයක් ව ක්‍රියාකර ඇත.

 

 

මේ අතර ඉරානයේ පිටුබලය ලබන හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ඔක්තෝබර් 8 වෙනිදා හෙළි නොකළ ස්ථානයක සිට දේශනයක් පවත්වා තිබේ.

 

 

විනාඩි 30ක කාලයක් පුරා සිදුවූ මෙම දේශනය රූපවාහිය ඔස්සේ විකාශය කර ඇති බව සඳහන් වේ.

 

 

හිස්බුල්ලා සහ ඊශ්‍රායලය අතර ගැටුම මුලින්ම ප්‍රතිචාර දක්වන්නේ කවුරුන්ද යන්න පිළිබඳ යුද්ධයක් බවත් හිස්බුල්ලා පළමුව ප්‍රතිචාර නොදක්වන බවත් එහිදී ඔහු සඳහන් කර ඇත.

 

 

හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස ෂෙයික් නයිම් කාසෙම් මෙලෙස පත්වී ඇත්තේ මහලේකම් ලෙස කටයුතු කළ සෙයිද් හසන් නස්රල්ලා ඝාතනය කර දින 11කට පසුවයි.

 

 

නවතම ලිපි