SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • කොමියුනිස්ට් පක්ෂවලට ඔින විපක්ෂයක් නැතිව තනි පාලනයක් ගෙනයෑම..
  • මේක ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරුදායකයි..
  • ගෝඨාභය රාජපක්ෂට තුනෙන් දෙකක රැල්ලක් දීල වෙච්ච දේ මතකද?
  • NPPය ජනාධිපති වේදිකාවෙ “කියපුව” “කරන හැටි” තවමත් කියන්නෙ නෑ..

 

 

අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් සමගි ජන සන්දානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එස්.එම්.මරික්කාර් පවසන්නේ වර්තමාන රජය විපක්ෂයක් අවශ්‍ය නැතැයි කියන බවත් එවැනි තනි පක්ෂ ක්‍රියාත්මක වන්නෙ කොමියුනිස්ට්  පාලනයන් පවතින රටවල්වල බවත් ය.

 

මෙය ප්‍රජාතන්ත්‍රවාදී රටක් බව කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් සඳහන් කරන්නේ ආණ්ඩුවක් පත්වන විට  රටේ ජනතාවගෙන් සියයට 100ක්ම ආණ්ඩුව නියෝජනය නොකරන බවත් මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ආණ්ඩුවක මූලික වගකීමක් බවත්ය. කෙසේ වුවද මරික්කාර් මන්ත්‍රීවරයා  මේ පිළිබඳව වගකීමක් ජනතාව වෙතත් පවරන අතර ඔහු කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම රටේ ජනතාවගෙත් මූලික කාර්යභාරයක් බවයි.

 

 

“වර්තමාන රජය තවමත් අදහස් ප්‍රකාශ කරන්නේ  ජනාධිපතිවරණ වේදිකාවේ කතාකරපු විදිහටමයි.

හොරු අල්ලන එකට අමතරව මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච ගොඩාක් දේවල් තියෙනව.

මොකද අලුත් ආණ්ඩුවක් ගෙනාවම ජනතාව බලාපොරොත්තු වෙනව ජනතාවගේ ජීවන බරට සහනයක් ලබාදෙයි කියල.‍

 

එනිසා මේ වෙනකල් ආණ්ඩුව ඉදිරිපත් කරල නෑ හොරු අල්ලනවාට අමතරව ආර්ථික වෙනසක් කරන්නෙ කොයි විදිහටද? සමාජ වෙනසක් කරන්නෙ කොහොමද? ඒ ඒ ක්ෂේත්‍රවලට ගන්නා වූ පියවරයන් මොනවද? රටේ ආදායම් මාර්ග වැඩිකරන්න, බදු අඩුකරන්න ඒවගේම බඩු මිල අඩු කරන්න මොකක්ද කරන්නෙ කියල මැතිවරණ වේදිකාවේ කියපු ටික ‘කරන ආකාරය’ තවමත් කියන්නෙ නැහැ.

 

හැබැයි ඒ වෙනුවට කියනවා විපක්ෂයක් අවශ්‍ය නෑලු.

 

ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඔින මේ ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඒනිසා ආණ්ඩුවක් ආව කියල රටේ ජනතාවගෙන් සියයට 100ක්ම ආණ්ඩුව නියෝජනය කරනව නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ආණ්ඩුවක මූලික වගකීමක්. ඒ වගේම ජනතාවගෙත් මූලික කාර්යභාරයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම.

 

 

ඒ නිසා මේ රටේ අත්තනෝමතික පාලනයක් ඇති නොවෙන්න නම් මේ රට හරි පාරට ගෙනියන්න නම් මේ රට හරි පීල්ලට වැටෙන්න නම්, ප්‍රබල විපක්ෂයකුත් අවශ්‍යයි.

 

අපි දැක්ක ගෝඨාභය රාජපක්ෂට තුනෙන් දෙකක රැල්ලක් දීල වෙච්ච දේ.

 

කොමියුනිස්වාදී පක්ෂවල අවසාන ඉලක්ක තමයි විපක්ෂයක් නැතිව තනි පාලනයක් ගෙනයෑම..

 

ලෝකයේ අනෙකුත් රටවලත් අපි මේව දැකල තියෙනවා.

 

ඒ නිසා ඒක ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරු දායකයි.."

 

සම්පූර්ණ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන් නරඹන්න..

නවතම ලිපි