SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කුරුණෑගල කටුගම්පල කඹුරුගොඩ ගම්මානයේ උපත ලැබූ චරිත හේරත්, නිදහස් අධ්‍යාපනයේ ශක්තියෙන් ගොඩනැගුණු පුරවැසියෙකි.

නිදහස් අධ්‍යාපනය තුළින් සිය ඉගෙනුම් කාර්ය පෝෂණය කරගනිමින්, වර්ෂ 1990 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නේ දර්ශනය විෂය හැදෑරීමටය.

 

 

විශ්වවිද්‍යාලයේ සිටින කාලයේදී ශිෂ්‍ය දේශපාලනයේ මධ්‍යස්ථ මතධාරියකු ලෙස සිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ ඔහු ප්‍රථම උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව  සහාය කථිකාචාර්යවරයකු ලෙස කථිකාචාර්ය භූමිකාවේ පළමු පියවර තැබුවේය.  එතනින් නොනැවතී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙසත්, දර්ශන අධ්‍යයන අංශයේ අං​ශ ප්‍රධානියා ලෙසත් ඔහුගේ විශ්ව විද්‍යාල ආචාරවරයාගේ භූමිකාව ඉදිරියට රැගෙන ගියේය. කැලණිය විශ්ව විද්‍යාලයෙන් පරිසර දර්ශනය (Environmental Philosophy) පිළිබඳ ආචාර්ය උපාධියත්, චීනයේ සිචුවාන් විශ්ව විද්‍යාලයෙන් (Sichuan Union University) ශාස්ත්‍රපති උපාධියත්, ඇමරිකාවේ ඔහා​යෝ විශ්ව විද්‍යාලයෙන් (Ohio University) සමාජ දේශපාලන දරශනය සම්බන්ධයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබා ගනිමින් මානව සම්පත ශක්තිමත් ගමනක් කරා රැගෙන යාමේ අත්දැකීම මහාචාර්ය චරිත හේරත් විසින් ලබා ගත්තේය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන මහාචාරයවරයා (Professor of Philosophy) ලෙසින් පත්වීම ලද ඔහු පූර්ණකාලීන දේශපාලනයට සම්බන්ධ වන තුරුම එම තනතුරේ වැඩ කටයුතු සිදු කළේය.

 

මෙම විශ්ව විද්‍යාල ශාස්ත්‍රීය සේවයට අමතරව මහාචාර්ය චරිත හේරත් රාජ්‍ය සේවයේ තනතුරු රාශියක්ම දැරුවේය. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වශයෙන් වසර තුනක් කටයුතු කළ ඔහු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයා වශයෙන් ද වසර 3ක කාලයක් (2012-2015) සේවය කළේය. රටේ සංවර්ධනය පිළිබදව ඉතාමත් වැදගත් පියවර ගනනාවක්ම මේ කාලය තුළදී ගනු ලැබුවේය.

 

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් චරිත හේර​ත් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති සම්පාදනයේ සහ එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සක්‍රීයව දායකත්වය දක්වා ඇත. විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයන්හි රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය සඳහා අවශ්‍ය ක්‍රියාකාරී මැදිහත් වීම් සිදු කිරීම මෙන්ම ඊට අදාළ නීතිමය පසුබිම සකස්කර දීමටද අමාත්‍යංශ ලේකම්වරයා ලෙස ඔහු දායක විය. මාධ්‍ය විකාශන ප්‍රතිපත්ති සහ රජයේ මාධ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීමට ඔහු​ගේ ධූර කාලය තුළ දායකත්වය ලබා දුන්නේ​ය. 2013 පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව කොළඹදී පැවැත්වීමේ සංවිධාන කටයුතු සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් වරයා ලෙස ඉතා විශාල කාර්ය්‍යභාරයක් ඔහු වෙත පැවරී තිබු අතර එම ජ්‍යාත්න්තර සමුලුව පැවැත්වීමේ මූළික මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙකු වශයෙන් පත් කරනු ලැබුවේ​ය. පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ සහාය සහ සම සංවිධානය ඇතුව  පිහිටුවන ලද CHOGM හි මාධ්‍ය සහ සන්නිවේදන අනු කමිටුවේ ප්‍රධානියා ලෙස ඔ​හු කටයුතු කරනු ලැබුවේ​ය. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එ​ම කාලය තුළ මාධ්‍යවේදීන් පුහුණු කිරීමේ විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කරන ලද අතර ශ්‍රී ලංකා මාධ්‍ය අභ්‍යාස ආයතනය පිහිටුවීම ද චරිත හේරත් ගේ ධූර කාලය තුළ සිදුකරන ලද තවත් කාර්‍යයකි. ශ්‍රී ලංකාව මුල් වරට 2014 දී ජපාන රජය සමඟ රූපවාහිනී විකාශනය ඩිජිටල්කරණය කිරීමේ ගිවිසුමට අත්සන් තැබුවේ ඔ​හු අමාත්‍යංශ ලේකම් දූරය දරනු ලැබූ කාල වකවානුවේදීය.

 

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස රජය විසින් හඳුන්වා දුන් සංවර්ධන ක්‍රියාවලිය සමඟ ඒකාබද්ධ පාරිසරික විමර්ශන වැඩසටහනක් සකස් කර ක්‍රියාත්මක කරනු ලැබුවේ​ය. පාරසරික කාර්‍යන් සඳහා මහජන සහභාගීත්වය සහ පාරිසරික අධ්‍යාපනය මෙන්ම උසස් තාක්ෂණික විසඳුම් භාවිතය ප්‍රවර්ධනය  කිරීමට මම නිරතුරුවම මගේ ධූර කාලය තුළ දායකත්වය ලබා දී ඇත. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම්  වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද "පිළිසරු" ව්‍යාපෘතිය, පසු භාවිත ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය මෙන්ම පරිසර හිතකාමී හරිත විසඳුම් හඳුනාගැනීම සඳහා හරිත සම්මාන ප්‍රදානය කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම මේ යටතේ සිදු කරන ලද සමහර පුරෝගාමී කාර්යයන් වේ.

 

2020 නව වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්වූ චරිත මෙම වර 41/2 ක කාලය තුළ ප්‍රතිපත්ති සාදනය පැත්තෙන් විශාල මැදිහත්වීම කරනු ලැබුවේය. පාර්ලිමේන්තුවේ කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභාවල ඉතාමත් සක්‍රීය සේවයක් ඔහු විසින් කරනු ලැබුවේය. ඒවා අතර (1) රාජ්‍ය ව්‍යාපාර පිළිබද පාරලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති, (2)  රජයේ ගිණුම් කාරක සභාවේ (කෝපා කමිටුවේ) සාමාජික, (3) උසස් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය සදහා යෝජනා ඉදිරිපත් කිරීමේ පාර්ලිමේන්තු කමිටුවේ සාමාජික (4) ජර්මන් - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති විශේෂයෙන් සඳහන් කළ යුතුය.

 

එසේම පාරලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දූෂණය සහ වංචාවෙන් තොරව වගකීමක් සහිත රාජ්‍යයක් ගොඩනැගීමට මහාචාර්ය චරිත හේරත්ගේ දැක්ම නිර්මාණය කරගනිමින් ඒ අනුව කෝප් කමිටුවේ සභාපතිවරයා වශයෙන් 2020 සිට 2022 දක්වා එතුමන්ගේ සේවය මේ මව්බිමට ලබා දුන්නේය. ඔහුගේ  ධූර කාලයේදී රාජ්‍ය ව්‍යවසායයන් තුළ සිදු වූ අකාර්යක්ෂමතා සහ මූල්‍ය විෂමාචාර පිළිබඳ විමර්ශන මෙහෙයවමින් දූෂණයට එරෙහිව ක්‍රියාකාරීව කටයුතු කිරීම නිසා එමඟින් මිලියන ගණනක මහජන මුදල් ඉතිරි විය. රාජ්‍ය සම්පත් කොල්ලකමින් දූෂිත ක්‍රියාවල යෙදෙන්නන් විධායකය සමග එක්වී ඔහුව කෝප් සභාපති ධූරයෙන් ඉවත් කරනු  ලැබුවේ මේ තත්වය හමුවේය.

 

ච 2

ච 3

ච 4

ච 5

ච 6

marrikkar

නවතම ලිපි